Ado uba daneth puja kara gaththada? Jeevitha kalema mathak kara kara satutuwenna puluwan pinak.
SAADU SAADU ANUMODAMI !!!
Mcn, dawal daneth puuja karanna puluwanda? Udenma naawalapitiyata yanna amarui.![]()
ස්වාමින්වහන්නේ දවසට එක වේලයි වලඳන්නේ
දවල් දානයක් ගන්නේ නෑ
ඊයේ අන්තිම දවස බං....
දවස් 7කට තමයි නාවලපිටියට වැඩලා තියෙන්නේ 2013 න් පස්සේ
ඒ දවස් 7 වැඩ හිටපු කුටිය හදලා දීලා තියෙන්නේ බස්නායක කියලා මහත්තයෙන්
ඒ මහත්තයත් එක්ක තියන ඇඳුනුම්කමකට තමයි ආරාධනා කරලා තියෙන්නේ
2013ත් නාවලපිටියට වැඩලා තියනවා තියනවා ධර්මදේශනා වලට
අප්‍රේල් 25 එනවා කිව්ව නිසා අප්‍රේල් 9 තමයි ඔය කුටිය හදන්න පටන් අරං තියෙන්නේ
ඊට පස්සේ අප්‍රේල් 25 එන්න බැරි වෙලා මැයි තමයි ඇවිත් තියෙන්නේ
අදින් පස්සේ කොහේ ඉන්නවද කවුරුත් දන්නේ නෑ
උදේ 6.00ට තමයි උදේ දානය පූජා කරන්න ගේට්ටුව ඇරලා එතනින් උඩ වත්තක තියන කුටියට යන්න දුන්නේ
පාන්දර 4.30 ඉඳන් මිනිස්සු ඇවිත් හිටියේ මෙහෙම
(මේ ෆොටෝ වල තියෙන්නේ මිනිස්සු ආව බස් නෙවෙයි.
එතන පාර අයිනේ කාගේ හරි බස් වාහන නවත්තනවා.
තව අවුරුදු 2-3කිනුත් නාවලපිටියට වඩියි)
නාවලපිටිය ග්‍රවුන්ඩ් එක වටේම තියන ෆැවිලියන් පිරිලා සෙනඟ හිටියා
සේරම සෙනඟ 5,000-8,000ක් විතර මගේ අදහස
හවස 3.00 ඉඳන් රෑ 7.30 විතර වෙනකම් ධර්ම සාකච්ජාව තිබ්බා
එක දිගට ධර්ම දෙශනා කලත් එක වතුර උගුරක්වත් බොන්න ඕනේ වුණේ නෑ...
උදේ දානය විතරයි ගන්නෙත්..
අන්තිමට පිරිකර එහෙම පූජා කරලා ඉවර වෙද්දී රෑ 9.00යි
Last edited:





