ටිකක් කලින් දවසක හවස අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දුරකථන ඇමතුමක් දුන්නා අපේ ගෙදරට. හාමුදුරුවෝ කිව්වා පහුවදා පන්සලට පිරිවෙන් විභාග උත්තර පත්‍ර වගයක් පරික්ෂා කරන්න ස්වාමීන්වහන්සේලා 20 දෙනෙක් පමණ වැඩම කිරීමට නියමිතයි කියලා. ඉතින් එම ස්වාමීන්වහන්සේලාට දහවල් දානය දුන්නොත් හොදයි, හැකියාවක් තියෙනවා නං දානේ මුරයක් ලබා ගන්න පුලුවන්ද ඇහුව.
අර්තාපල් හොද්දක් සහ බත් හොදටම ප්‍රමාණවත් කිව්වා. ඉතින් ඒ පාර අපි පිළිගන්නපු දානේ මුරය තමයි පහල පින්තුර වල තියෙන්නේ.
පින්තුරය සමග කෙටි විස්තරයක් තියෙනවා.
මේ තියෙන්නේ කහ බතක්.
රතු කැකුළු බත්. මේ අපි වගා කරන ඒවා.
ඔය පහල පින්තුර දෙකේ තියෙන්නේ පොලොස් ඩෙවල් එකක්. සැර අඩුවට තව එකක් හැදුවා. පොලොස් ඩෙවල් හදන්නේ වෙන මස්, මාළු ඩෙවල් හදන විදියටම තමයි. පොලොස් කපලා තෙල් වල බැදලා ඩෙවල් එක හදනවා.
මඥ්ඥෝක්කා තම්බලා පොල් එක්ක තෙල් දාලා. මේ අපි වගා කරපු ඒවා.
මේ පහල තියෙන්නේ අර්තාපල් හොද්දක්. මේ අපි වගා කරන ඒවා.
මාළු ඇඹුල් තියල් එකක් හැදුවා. මේක කලින් දවසේ රෑ හදලා තිබ්බා. මම හිතන්නේ මාළු ඇඹුල් තියල් තමයි හදන්න ලේසිම මේ ඔක්කොගෙන්ම. බල මාළු කෑලි කපලා හරි කෙලවල්ලා මාළු කෑලි කපලා හරි අරගෙන ගොරකා, ගම්මිරිස්, ලුණු එක්ක අතගාලා රම්පෙ කරපිංචා අතුරපු මැටි හට්ටියකට දාලා අඩු ගින්දරේ පැයක් විතර උයා ගන්නවා වතුර නොදා.
කොළ පාට එළවලුවක් ඕනි කියලා හිතුන නිසා බෝංචි ව්‍යංජනයක් හැදුවා.
සැමන් ටින් මාළු එකකුත් හැදුවා.
වට්ටක්කා කරියක්.
අතු ගෝවා කොළ මැල්ලුමක් හැදුව.
ගර්කින්/සුකිනි (පිපිඥ්ඥා) සැලඩ් එකක්. මේ අපි වගා කරන ඒවා.
අතුරුපසට අලිගැට පේර, කෙසෙල්, පොල් ටොපි වගේ දේවල් දුන්නා.