රාජපක්ෂලාගේ සුදුවෑන් බිල්ලා මාට්ටු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    රාජපක්ෂවරු නැති බිල්ලන් මැවීමෙහි උපන්ගෙයි අති දක්ෂයෝය. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් මැවූ නැති බිල්ලා වූයේ තවමත් තිබෙන්නේ කොහිදැයි සොයාගෙන නැති විදුලි පුටුවය. ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එහි පළමු වගඋත්තරකරුවා වශයෙන් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් විදුලි පුටුවට නඟින්නට තමා සූදානම් බව පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනතාව අමතමින් කියා සිටියේය.


    බලයේ සිටි ජනාධිපතිවරයකු ජනාධිපතිවරණයකදී පළමුවරට පරාජයට පත්කර ඔහුට විශ‍්‍රාම සුවයෙන් කල්ගත කරන්නැයි ජනතාව ලබාදුන් තීන්දුව අමතක කරමින් යළි දේශපාලන බලයට කැසකවන මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී ද සිය ජයග‍්‍රහණය උදෙසා නැති බිල්ලන් රුසක් සමාජයට දායාද කරන බව ඔහු පිළිබඳ දන්නා අයට නම් සැකයක් තිබුණේ නැත.


    ඔහු කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදීමේදීම ඊට අදාළ එක බිල්ලකු ආශ්චර්යයක් මෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ප‍්‍රාදූර්භූතව සිටි අතර ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මස්සිනායැයි කියූ හිටපු මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම්ය. සිවාජිලිංගම් නියෝජනය කරන දෙමළ ජනතාවගේ කිසිදු ජන පදනමක් නැති හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල ගණනක් සිටින කුරුණෑගලට සිවාජිලිංගම් නාමයෝජනා බාරදීම දැනටමත් ප‍්‍රහේලිකාවක්ය. දැනටමත් රාජපක්ෂ ප‍්‍රචාරක යාන්ත‍්‍රණය සිවාජිලිංගම්ගේ කුරුණෑගල ආගමනය හඳුන්වන්නේ ප‍්‍රභාකරන්ගේ මස්සිනා මහින්ද රාජපක්ෂට එරෙහිව පැමිණි ආගමනයක් වශයෙන්ය.


    මහින්ද රාජපක්ෂ ඔහු පළමුවරට මුහුණ දුන් 2005 ජනාධිපතිවරණයේදී උතුරු පළාතේ ඡන්ද වර්ජනය සඳහා එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් සමග සම්මුතියකට එළැඹීමත්, ඒ වෙනුවෙන් අත්පිට මුදලින් කැබිනට් පත‍්‍රිකා මගින් හා ‘රාඩා’ ආයතනය පිහිටුවමින් එල්ටීටීඊයට මූල්‍ය ආධාර ලබාදීමේ අතීත අත්දැකීමත් සමග ගත් කල සිවාජිලිංගම්ගේ කුරුණෑගල ආගමනය සරල දෙයක් බව අපට සිතාගැනීමට අපහසු නැත.


    මේ කියමින් යන බිල්ලන් මැවීමෙහි ක‍්‍රියාදාමයේ අලූත්ම බිල්ලා රාජපක්ෂවරුන්ට හමුවී ඇත්තේ පසුගිය ජූලි 20 වැනිදා නුගේගොඩ මිරිහාන ප‍්‍රදේශයේදීය. ඒ මිරිහාන පොලිසිය විසින් සැක කටයුතු සුදු පැහැති වෑන් රථයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පසුබිම් කරගනිමින්ය. ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය මධ්‍යස්ථානය නමින් ජූලි 21 දින සහිතව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එහි ප‍්‍රධාන සම්බන්ධීකාරක විජයානන්ද හේරත් සඳහන් කරන්නේ,


    “හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් පදිංචිව සිටින මිරිහාන ප‍්‍රදේශයේ සැක කටයුතු අන්දමින් සැරිසරමින් තිබූ ව්‍යාජ අංක තහඩු සහිත සුදු පැහැති වෑන් රථයක් මිරිහාන පොලිසිය විසින් ඊයේ (20) රාත‍්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බවට තමා වෙත වාර්තා වී ඇති බව හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.


    සැකකටයුතු සන්නද්ධ පුද්ගලයන් මෙම වෑන් රථයේ සිටි බවට තොරතුරු ලැබී ඇති බැවින් විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස මෙය සැලකිය හැකි බවත්, ඒ අනුව ඔවුන්ගේ අරමුණ වූයේ කුමක්ද යන්න පිළිබඳව වහාම විශේෂ පරීක්ෂණයක් මගින් හෙළිකර ගත යුතු බවත් ජී.එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි. ඒ අනුව වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින අතර හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි”
    යනුවෙනි.
    එම නිවේදනය හා යමින්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, උදය ගම්මන්පිලගේ බත්තරමුල්ලේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් ජූලි 21 වන දින ප‍්‍රකාශ කර ඇත්තේ ගිනි අවි රැගෙන පැමිණි සුදු වෑන් රථයේ සිටි තිදෙනා පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රටට සත්‍යය හෙළිකරන ලෙසය.
    ඒ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද ලැබී ඇති තොරතුරුවලට අනුව එම වෑන් රථය එල්ටීටීඊ සංවිධානය භාවිත කළ එකක්යැයි හෙළිවී ඇති බවද, සුදුවෑන් රථ සංස්කෘතියක් පිළිබඳව අපට චෝදනා කළ සෝභිත හිමියන් මේ පිළිබඳව කතා නොකරන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් යැයිද එල්ටීටීඊ සාමාජිකයන් සිව්දෙනෙකු ජූලි 20 දින තමිල්නාඩුවේදී සයනයිඞ් හා ආයුධ සමග අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.
    සුදුවෑන් රථය අත්අඩංගුවට ගත් සිද්ධියෙන් මහමැතිවරණය සඳහා රාජපක්ෂවරුන් වාසියක් අත්කර ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ. බිල්ලෙකු යළි මවා ඇති බව ඉන් පෙනේ. සැකෙවින් අදාළ සිද්ධිය මෙසේය.


    ජූලි 20 දින රාත‍්‍රියේ නුගේගොඩ මිරිහාන පොලිස් ක‍්‍රීඩාංගණය අසළින් මිරිහාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා හා තවත් පොලිස් නිලධාරියකු යතුරු පැදියකින් මිරිහාන මංසන්ධිය දෙසට ගමන් කරමින් සිට ඇත. ඒ සමගම ඔවුන්ට දිස්වී ඇත්තේ තම යතුරුපැදියද හැප්පනසුලූ ආකාරයෙන් සුදු පැහැති වෑන් රථයක් තමන් පසුකරමින් ඉදිරියට ඇදෙන අයුරුය. ඒ ගැන සැක සිතී පොලිස් නිලධාරීහු දෙදෙනා සුදුවෑන් රථය නවත්වා පරීක්ෂා කළහ. එම පරීක්ෂාවේදී රියදුරු ළඟ තිබී ඇත්තේ වලංගු රියදුරු බලපත‍්‍රය පමණය. වාහනයට අදාළ කිසිදු ලියවිල්ලක් තිබී නැත. වැඩිදුර විමසීමේදී එහි සිටි රියදුරු ඇතුළු තිදෙනා ප‍්‍රකාශ කර ඇත්තේ ඔවුන් යුදහමුදා සාමාජිකයන් බවත්, සුදු වෑන් රථය මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වාගේ ආරක්ෂක වෑන් රථය බවත්ය. වාහනයේ අංක තහඩුව WP KH 9244 වශයෙන් සටහන්ව තිබී ඇති අතර ඒ පිළිබඳව පොලීසියට සැකයක් ඉපදී ඇත. ඊට හේතු වී ඇත්තේ හයිරූෆ් වර්ගයේ වෑන්වලට එවැනි අංකවලින් යුත් අංක තහඩුවක් ලැබිය නොහැකි නිසාය. මීටත් අමතරව මෙම සුදුවෑන් රථයේ වීදුරු අවපැහැ ගැන්වී තිබී ඇති අතර ඇතුළතින් එම වීදුරු සඳහා තිර රෙදිද දමා තිබී ඇත.


    ඒ අනුව සුදුවෑන් රථයද එහි රියදුරු හා අනෙක් දෙදෙනාද අත්අඩංගුවට ගන්නා පොලිසිය වාහනය හා පුද්ගලයන් තවදුරටත් පරීක්ෂා කිරීමේදී එක් සෙබලෙකු සතුව පැවති රිවෝල්වරයක් හා වාහනය තුළ තිබී ව්‍යායාම සඳහා භාවිත කරන රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා පාපැදියක් සොයාගෙන ඇත. එම භාණ්ඩ පිළිබඳව ප‍්‍රශ්න කිරීමේදී රිවෝල්වරය මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වාගේ බවද පාපැදිය මේජර්වරයාගේ මිතුරෙකුට ලබාදීම සඳහා ගෙනයමින් තිබෙන බවද සෙබළුන් ප‍්‍රකාශ කර ඇත. වාහනය එල්.ටී.ටී.ඊ.ය විසින් භාවිත කරන ලදුව අත්පත්කර ගැනීමෙන් පසු හමුදාව විසින් භාවිත කරන වාහනයක් බවද ප‍්‍රකාශ කෙරී ඇත.


    පොලිසිය වැඩිදුරටත් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ සෙබළුන් තිදෙනා ඒ.එම්.එච්.එස්. අතපත්තු, එච්.එම්.එස්.එස්. හේරත් හා ඩබ්ලිව්.ඩබ්ලිව්. වසන්ත යන අය බවත් වසන්ත කමාන්ඩෝ සෙබළෙකු බවත්ය. ව්‍යායාම කරන පාපැදිය ගෙනයමින් තිබූ ස්ථානය නුගේගොඩ මිරිහානේ පැඟිරිවත්ත මාවතේ, අංක 16 දරන නිවස බවත්, එහි හිමිකරු සුදත්ත ප‍්‍රියලාල් සොයිසා නමැත්තෙකු බවත් ඔහු මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වාගේ මිතුරකු බවත්ය. ( ඔහුගෙන්ද පොලිසිය ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.)


    එමෙන්ම සුදුවෑන් රථයේ තිබූ අංක තහඩුව මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කිරීමේදී WP KH 9244 යන අංක තහඩුව ටොයොටා ඩබල් කැබ් වර්ගයේ වාහනයකට අයත් බවත් එහි හිමිකරු වශයෙන් සඳහන් වන්නේ කොළඹ කොටහේන අල්විස් පෙදෙසේ අංක 62/05හි, ඉංජිනියර් කන්ස්ටියුෂන් ප‍්‍රයිවට් ලිමිටඞ් නමැති ආයතනයක් බවත්ය. එම විස්තර වැඩිදුරටත් සොයාබැලීමේදී පොලීසියට අනාවරණය වී ඇත්තේ එම සමාගම පිහිටි ස්ථානය මේ වනවිට වෙනත් පිරිසක් විසින් මිලදීගෙන පදිංචිව සිටින බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පුද්ගලයකු වශයෙන් සැලකෙන අදාළ සමාගමේ හිමිකරු ඔහු භාවිත කළ ඩබල් කැබ් රථය සමග යුද්ධය පැවති සමයේදීම අතුරුදන් වී ඇති බවත්ය. අත්අඩංගුවට ගත් සුදුවෑන් රථය පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී පොලිසිය වෙත පැමිණි යුදහමුදා කපිතාන්වරයකු ප‍්‍රකාශ කර ඇත්තේ එම සුදු වෑන් රථය ප‍්‍රභාකරන් භාවිත කළ එකක් බවය.


    මෙම කරුණු අනාවරණය කරගැනීමෙන් පසු වෑන් රථයද එහි ගමන් ගත් සෙබළුන් තිදෙනාද පොලිසිය ජූලි 21 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඇප මත මුදාහැර ඇත. මෙම සිදුවීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා යුදහමුදාව විසින් ජූලි 22 වැනිදා කැඳවූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කරනු ලැබුවේද සුදුවෑන් රථය එල්.ටී.ටී.ඊ.යෙන් අත්පත්කරගෙන හමුදාව විසින් භාවිත කරන ලද එකක් බවත්, රිවෝල්වරයද මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වාට නිකුත් කර ඇති එකක් බවත්ය.


    මෙම සමස්ත සිදුවීම පිළිබඳව අවධානය යොමුකිරීමේදී පෙනීයන්නේ ජී.එල්. පීරිස් හෝ ගෝඨාභය රාජපක්ෂ කියන ආකාරයට මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභය රාජපක්ෂට ජීවිත අවදානමක් ඇතිකරන එල්.ටී.ටී.ඊ. බිල්ලෙකු එහි නොවන බවය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ කියන ආකාරයට සෝභිත හිමි එම සුදුවෑන් රථය ගැන කිසිවක් කීම අවශ්‍ය නැත. ගෝඨාභය කියන පරිදි තමිල්නාඩුවේදී සයනයිඞ් සමග හසුවූවායැයි කියන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා මෙම හමුදා සෙබළුන් අතර සම්බන්ධයක්ද නැත.


    එසේ වුවද ජනමාධ්‍ය විසින් හා යුදහමුදාව විසින් දන්නා එහෙත් ගෝඨාභය රාජපක්ෂ නොකියන කතාවක් ඇත. ඒ මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා යනු ගෝඨාභය රාජපක්ෂට පක්ෂපාතී ඔහුට සමීප පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා කටයුතු කළ හමුදා නිලධාරියකු බවය. ගෝඨාභය රාජපක්ෂ උදය ගම්මන්පිලගේ බත්තරමුල්ලේ පිහිටි මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී පැවසූ බවට මාධ්‍ය වාර්තා කර තිබූ ප‍්‍රකාශයේ සඳහන් වන්නේ සුදු වෑන් රථය මිරිහාන ප‍්‍රදේශයේ සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිට ඇති බවය. එහි තේරුම වන්නේ සුදුවෑන් රථය එහි තිබූ පාපැදිය යම් පුද්ගලයකුට ලබාදීම සඳහා ගියායැයි කියුවද එසේ නොවී පොලිස් ඇස ගැටෙන තෙක් සැකකටයුතු ලෙස මිරිහාන ප‍්‍රදේශයේ සැරිසැරූ බවද? පොලිසියවත් නොදන්නා එම කාරණය ගෝඨාභය රාජපක්ෂ දැනගැනීම පුදුමසහගතය. එල්.ටී.ටී.ඊ.යෙන් අත්පත් කරගත්, කිසිදු ලියාපදිංචියකට ලක්නොකළ ව්‍යාජ අංක තහඩුව සහිතව තම හිතවතා භාවිත කළ (අංක තහඩුවේ සඳහන් වාහනය හා එහි හිමිකරුට සිදුවූ දේ ගැන වෙනම සෙවිය යුතුය.) වීදුරු අවපැහැ ගන්වන ලද ඕනෑම අවස්ථාවක සැකයට භාජනය විය හැකි එම සුදුවෑන් රථය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ නොදැන සිටින්නට කිසිදු හේතුවක් නැත. මන්ද එල්.ටී.ටී.ඊ.යෙන් එම වාහන අත්පත්කරගන්නේ හා ව්‍යාජ අංක තහඩු සහිතව ඉහළ හමුදා නිලධාරීන්ට එම වාහන භාවිතයට ඉඩ ලබාදෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඔහුගේ පාලන කාලයේදී නිසාය. එම නිසාම මෙම සුදුවෑන් රථය මිරිහාන ප‍්‍රදේශයේ සැරිසරන්නේ මහ මැතිවරණය සඳහා එල්.ටී.ටී.ඊ. බිල්ලෙකු මැවීමේ පූර්ව සූදානමකින්ද යන සැකයද පැනනගින බව සඳහන් කළ යුතුය.



    රාවය ඇසුරෙන්
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    11.gif