කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය මිලිටරීකරණය වී ඇති බවත් සෞඛ්‍ය අංශ වලින් ලබා දෙන උපදෙස් ඔවුන් නොසලකා හරින බවත් ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය පවසනවා.
ඒ 43වන සේනාංකය අද (30) දින සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.
එංගලන්ත ප්‍රභේදය මෙරටට පැමිණ ඇති බව අප්‍රේල් මුලදී සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුනද එය නොසලකා වසන්ත සැනකෙළි පැවැත්වූ බවත් රටේ කොරෝනා තත්වය විහිළුවකට ගෙන ඇති රාජපක්ෂ පවුලේ අය ඊට සහභාගී වූයේ සෞඛ්‍ය උපදෙස් පවා නොසලකමින් බවත් ඇය පවසනවා.
රටේ ඛේදවාචක උපයෝගී කරගනිමින් බලයේ රැඳී සිටි රාජපක්ෂවරුන් මෙවරද එම කටයුත්ත සිදු කරමින් සිටින බවත් තමන් ඔවුන්ට ශාප කරන බවත් ඇය පවසනවා.