රාජපක්ෂ_චෞරයන්
රාජපක්ෂ චෞරයන් මහජන මුදල් කෝටි 8 ක් වියදම් කර හොරෙන් පැන්නූ වෙඩි නොවදින සුපිරි කැබ් රථයක් සඟවා තිබියදී FCID ය සොයා ගනී
රට වෙනුවෙන් යැයි කියා අද උඩුබුරුලන මැදමූලන රාජපක්ෂ චෞරයන් විසින් මහජන මුදලින් හොරාට ගෙන්වන ලද කෝටි 8 කට ආසන්න වෙඩි නොවදින සුපිරි වාහනයක් සඟවා තිබියදී FCID ය විසින් අද සොයා ගන්නා ලදී. මෙය සඟවා තිබුනේ මඩකලපුවේ ගරාජයක ය.
මේ වනචර චෞරයන් බලයෙන් විසි වී ගොස් වසර 2 කට ආසන්න වෙද්දීත් උන් විසින් සඟවන ලද කෝටි ගණන් වටිනා වාහන හසුවීමත් තැනින් තැන අතහැර දමා යෑමත් විශේෂය.
අද සොයා ගත් වෙඩි නොවදින සුපිරි කැබ් රථය 2010 දී මිලදී ගෙන ඇත්තේ මහජන මුදලිනි. මිලදී ගත් වටිනාකම රුපියල් 7 කෝටි 86 ලක්ෂ 33 දහස් 385 ක් යැයි එක් ලේඛනයක දැක්වේ. මිලදී ගෙන ඇත්තේ හොං කොං දේශයෙනි. කොළඹ වරායට ගෙන්වීමෙන් පසුව මෙම වාහනයට අදාල කිසිදු ලිපි ලේඛනයක් නැත. එනම් මෙම සුපිරි රථය වරායෙන් හොරෙන් පන්නා ගෙන තිබෙන අතර කිසිදු බදු මුදලක් හෝ රජයේ ගාස්තුවක් හෝ ගෙවා නැත. එපමණක් නොව මෙම වාහනය රජයේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ද නැත. කිසිදු රක්ෂණයක් ලබා ගෙන ද නැත. වාහනය ගෙන්වා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නමට ය. ඉන් පසු එම වාහනය අද (28) මඩකලපුවේ ගරාජයක සඟවා තිබී FCID ය විසින් සොයා ගන්නා තුරු ආ ගිය අතක් නැතිව තිබිණ.
සේයාරුවේ දැක්වෙන්නේ එම වෙඩි නොවදින සුපිරි වාහනයයි.
එක වාහනයකින් පමණක් කෝටි 8 ක් පමණ මහජන මුදල් ගසා කෑ, එක සොහොනකින් පමණක් කෝටි 11 ක් පමණ මහජන මුදල් ගසා කෑ පරාජිත රාජපක්ෂලා යලි බලයට ගෙන ඒමට ‘හොරු වෙනුවෙන් හොරු‘ දිවි නොතකා සටන් කරන්නේ මන්දැයි මහජනතාව තේරුම් ගන්නේ වී නමුත් එවන් චෞර මිනීමරුවන් පිරිසක් කළ අපරාධ වලින් බේරා ඔවුන් බෝධිසත්වවරුන් සේ පෙන්වා යලි කරලියට ගැනීමට වලිකන යහපාලන වේශධාරී ගුණමකුවන්ට නම් මහජනතාව කිසිදා සමාවක් නොදෙනු ඇත. එවන් ගුණමකුවන් අඩි 6 ක් නොව අඩි 60 ක් යට දේශපාලනිකව සදහටම වළලා දැමීමට යහපාලනප්‍රේමී මහජනතාව පසුබට නොවනු නිසැක ය.