රාජපක්ෂ_ මිනීමරුවා
මහින්ද රාජපක්ෂ වෙඩි තබා දෙන්නෙක් මරා දැමූ හැටි ජනපති හෙළිකරයි: “එහෙව් අයෙක් අගමැති කළොත් එයා ජනාධිපති වෙන්නේ ව්‍යවස්ථා වෙනස් කම් වලින් නොව එක උණ්ඩයක් වැය කර මාව මරලා“ ජනපති කියයි.
ජනතා ඡන්දයෙන් පරාජිතව කුජීතව සිටින මහින්ද රාජපක්ෂව අගමැති කළහොත් ඔහුට යළි ජනාධිපතිවීමට වැය වනුයේ ව්‍යවස්ථාමය සංශෝධන හෝ නීතිය හෝ නොව තමාට එක වෙඩි උණ්ඩයක් තැබීම පමනක් බව තමා හොඳින් අවබෝධ කරගෙන සිටින වග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ව්‍යවස්ථාවෙනුත් රටේ නීතියෙනුත් කරගත නොහැකි දේවල් වෙඩි උණ්ඩයෙන් කරගැනීමට මාන බලන කෘෘර පුද්ගලයන්ට අගමැතිකම ලබා දෙන්න යැයි තමාට බලපෑම් නොකරන ලෙසට ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කරමින් මේ බව පවසා ඇත්තේ ඉතාමත් සංවේදී ආකාරයෙනි.
“මහින්ද රාජපක්ෂ අගමැති වුනොත් මං පිටරටකට ගිය අතරේදි ලංකාවේ මිනිස්සුනුත් මරලා, එනකොට මාවත් මරලා දාල එයා ජනාධිපති වේවි. මං එවැනි දේකට ඉඩ තියන්නේ නෑ. මං එච්චර මෝඩත් නෑ. දැනටත් මං අත තද කරගෙන ඉන්නේ. මං අත බුරුල් කළොත් රාජපක්ෂලාට වෙන දේ බලාගන්න පුළුවන්. මගේ අත බුරුල් කරන තැනට වැඩ කරන්න එපා“ යි ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර ඇත්තේ පසුගියදා ඔහු හමුවී සාකච්ඡා කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් අමතමින්ය.
එහිදී අනෙකුත් පක්ෂ නායකයන් නිහඬව සිටියදී ඩිව් ගුණසේකර මහතා කතා කරමින් “ ජනාධිපති තුමා ජනවාරි 8 වෙනිදා ජනාධිපති වෙලා ඊට පස්සේ සතියේ ආණ්ඩුව විසිරෙව්වා නම් තමුන්නාන්සෙලාට වෙන දේ බලා ගන්න තිබුනා.“ යි අනෙකුත් නායකයන්ට පවසමින් ජනාධිපතිවරයාගේ සහායට කතා කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට වෙනත් පක්ෂවල මැදිහත්වීම් අනවශ්‍ය බවත්, වාසුදේව, දිනේෂ්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අය කර බලපෑම්වලට යටත් නොවී ස්වාධීනව තීන්දු ගැනීමට තරම් බුද්ධිමත් පිරිසක් ශ්‍රීලනිපක්ෂයේ සිටින බව පිටස්තර පිරිස් අවබෝධ කරගත යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසද්දී එහි සිටි වාසුදේව නිහඬව බිම බලාගෙන ඇත.
මීළඟ මහ මැතිවරණයට නාම යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ලබාදීම පක්ෂ නායකත්වයේ අභිමතය අනුව සිදුකරන බවත් රටත් ජනතාවත් හමුවේ කෘතිම ජන බලයක් මවා පා පෙර මෙන් මාධ්‍ය සංදර්ශන මගින් ජනතාව රැවටීමට නොහැකි බව තමා දන්නා යථාර්තය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ද අවබෝධ කර ගැනීම වැදගත් බවත්, රාජපක්ෂ පාලනයේදී වහලූන්ව සිට එම වහල්බවේ සුන්දරත්වයම අපේක්ෂාකරන පුද්ගලයන් ගැන තමා කණගාටු වන බවත් මෙම සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා තිබේ.
මේ අතර මෙම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා පුද්ගලිකව හමුවීමට එක්සත් ජාතික පක්ෂ යේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැමිණියේය. ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට කී දේ සම්බන්ධ කතාව ඇදී ආ විට රන්ජන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ ‘මහින්ද රාජපක්ෂ ඔබ තුමා මරා දමාවි‘ යන්න ගැන එතරම්ම විශ්වාසයකින් කතා කළේ ඇයි කියාය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ‘‘මහින්ද රාජපක්ෂ මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවෙදි තනි අතට තුවක්කුව අරන් මිනිහෙක්ට වෙඩි තිබ්බා. එතැනදි මිනිස්සු දෙන්නෙක්ම මලා.. මං එතකොට හිටියේ ඊට පොඩ්ඩක් ඈතින්.. මෙයා මිනීමරපු හැටි දන්න නිසයි මං එහෙම කියන්නේ“ යි පැවසීය. ‘එදා මහින්ද රාජපක්ෂ බේරුනේ කොහොමද?‘ යි රන්ජන් විමසූ විට “සාක්කි කාරයන්වත් මරණවා කියලා තර්ජනය කළා. අනික ඔයගොල්ලන්ගේ ජෝන් අමරතුංග තමයි එදා එයාව බේරුවේ. ගහක් උඩ ඉඳලා වෙඩි තිබ්බා කියලා සාක්කි පරස්පර කරලා, නඩුව අහක දා ගත්තා. නඩුව දිනා ගන්න මහින්ද එදා එක්සත් ජාතික පක්ෂයට යන්නත් ලෑස්තිවෙලයි හිටියේ. අදත් ජෝනුයි මහින්දයි යාලු ඒකයි.“ යි ජනාධිපතිවරයා පැවසුවේ පැරණි රහසක් හෙළිකරමිනි.
“සර් මේ කතාව මාධ්‍යයට කියන්න එපා යැ“ යි රන්ජන් කී විට “මාධ්‍යයට කියන්න තමයි මං දැන් රන්ජන්ට ඔය කතාව කීවේ“ යි ජනාධිපතිවරයා පැවසුවේය. රන්ජන් රාමනායක ඒ බව ලංකා ඊ නිව්ස් වෙත හෙලි කරමින් කීවේ ‘ජනවාරි 8 දා මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ශ්‍රීලනිප සාමාජිකයන් ඡන්දය දුන්නේ තමන් සහ තමාගේ පවුල අඩි 6 ක් යට වළ දැමීමට බව තමන් අමතක නොකරන බවත් තමන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයා ලෙස නිතර නිතර ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවත් ය.

Mehema kiyala fake ID kiyak hadan weida apiwa rathu karanna