රාජපක්‍ෂ_මර_උගුල
රාජපක්ෂලා ඇටවූ එක උගුලකින් යාන්තම් ගොඩ..! හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරයි: විරෝධතාවයට ආවේ 31 යි.
රටට හෙණ වැදුනත් තම ගම පුම්බාගෙන පවුලේ නම ලියා ගනිමින් විශාල කොමිස් කුට්ටියක් ගිල ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු මැදමූලන ගංකබර පවුලක් ආරම්භ කළ හම්බන්තොට වරාය නමැති සුදු අලියා නිසා රටේ ආර්ථිකය සහමුලින්ම විනාශ වන්නට තිබූ අවස්ථාව ඔන්න මෙන්න තියා බේරා ගනිමින් හම්බන්තොට වරාය චීන-ශ්‍රී ලංකා හවුල් රාජ්‍ය පුද්ගලික සමාගමක් බවට පත් කිරීමේ සහන ගිවිසුම අද අත්සන් තැබිණ.
රාජපක්ෂලා විසින් හම්බන්තොට වරාය හරහා රට පැටලූ ණය උගුලේ තරම කොතෙක්දැයි කිවහොත් මෙම වරාය විවෘත කෙළේම එය නිම කර නොතිබියදී වරාය මැද්දේ ගලකුත් තබා ගෙන 2010 දී ය. ගල කඩා වැඩ අහවර කෙළේ 2011 දී වුව ඊට නැව් ආවේ නැත. නැව් ආවේ නැති කොට මේ ගොං වහන්සේලා කෙළේ කොළඹ වරායට ප්‍රතිනැව්ගත කිරීමට එන රථ වාහන පුරවා ගත් නැව් හම්බන්තොට වරාය කරා හරවා යවමින් හම්බන්තොට වරායට නැව් එන බව ජනතාවට පෙන්වා මුලා කිරීම මිස ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම නොවේ. ඉන් වූයේ කොළඹ වරායේ ආදායම වැටීම ය. කොළඹට එන නැව් යවාද 2011 සිට මේ දක්වා වසර 6 කටම හම්බන්තොට වරායට පැමිණ ඇත්තේ නැව් එකසිය ගණනකි. කොළඹින් හරවා යැවූ නැව් ටික ගණන් නොගතහොත් නියමාකාරයෙන් හම්බන්තොටට මේ දක්වා පැමිණ ඇත්තේ නැව් 12 ක් තරම් සොච්චමකි. ඒවාද ප්‍රදර්ශණ ගමන් පැමිණි සංචාරක නැව් මිස ව්‍යාපාරික ගමන් ආ නැව් නොවේ.
ගං කබරයන්ගේ වරාය නාටකය ඛේදාන්තයක් වෙද්දී හම්බන්තොට වරාය සඳහා ගත් ණයේ ලබන වසරේ දී ගෙවීමට නියමිත ණය වාරිකය පමණක් රුපියල් බිලියන 9.1 ක් විය. එය 2020 දී සිට රු.බිලියන 15 ක් දක්වා වැඩිවේ. හම්බන්තොටින් කිසිදු ආදායමක් නොලැබෙද්දී මේ ණය ගෙවිය යුතුව තිබුනේ කොළඹ වරායේ ලාභයෙනි. එසේ වී නමුත් කොළඹ වරායේ ලාභය ඇත්තේ සාමාන්‍ය වශයෙන් රු. බිලියන 11 කි. ලබන වසරේ ගෙවිය යුතු රු. බිලියන 9.1 ගෙවුව හොත් කොළඹ වරායේ සේවකයන්ට බෝනස් එකවත් ලබා ගැනීමට මුදල් නැත. 2020 සිට ගෙවීමට නියමිත බිලියන 15 ගෙවීමට නම් තව බිලියන 4 ක් ණය වීමට ද සිදුවනු ඇත. මේ අනුව මැදමූලන ගංකබරයන්ගේ ගොබ්බ වැඩ සැලසුම අනුව රට වැටී තිබුනේ සමස්ථ වරාය පද්ධතියම කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා ය.
ඒ අනුව නව ආණ්ඩුවේ මොළකාර පාර්ශවය හම්බන්තොට වරාය ගොඩ ගැනීමේ සැලසුමකට හනි හනිකට බැස්සද සම්මුති ආණ්ඩුවේම පරාජිත හොරු පාර්ශවය ඊට කකුලින් අදිමින් වසර දෙක හමාරක් පුරා වැඩේ කුරුවල් කරමින් සිටියේ ය. හම්බන්තොට වරාය මැද තිබූ කළු ගලටත් වඩා විශාල වාත ගලක් වූ වරාය ඇමැති අර්ජුනයාද ඇමැතිකමින් එළවා දමා අවසානයේ වැඩේ සාර්ථක නිමාවකට ආවේ අදය. නමුත් මේ වන විටත් අප ලබා ඇති පාඩුව රුපියල් බිලියන 46.7 ක් හෙවත් රු. කෝටි. 4670 කි. නව ගිවිසුම අනුව චීනය ආයෝජනය කරන මුදල ඇ.ඩො. බිලියන 1.4 කි. එනම් රු බිලියන 215.04 ක් හෙවත් රු. කෝටි 21,504 කි. ඒ අනුව රටේ ආර්ථිකයට දෙයාකාරයකින් හුස්මක් කටක් ගනු හැකි වනු ඇත. එකක් තිබෙන කොළඹ වරාය ආදායම ආරක්ෂා කර ගැනීමත්, දෙවැන්න රටේ ණය බර අඩු කර ගැනීමත් ය. දැනට හම්බන්තොටට යවන වාහන ප්‍රතිනැව්ගත කිරීම ද යලි කොළඹටම ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා රජය සහ චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" අතර ගිවිසුම අත්සන් තැබීමේ අද පැවැති උත්සවයට සහභාගී වූ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්පී ජයම්පති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා (Dr. Hu Jianhua) ද ගිවිසුමට අත්සන් තැබූහ.
බදු දීමත් විකිණීමත් අතර වෙනස නොහඳුනන ලංකාවේ නියැන්ඩතාල් විරෝධතා කරුවන්ට කන කිස් කන පිළිතුරක් දෙමින් ආචාර්ය හූ ජියාන්හුවා අපූරු කතාවක් කෙළේය.
"මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට. හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි." ජියාන්හුවා කීවේය.
බදු දීම යනු රට විකිණීමකැයි දොඩවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නමැති දේශපාලන බූරු පැටියා, තමා වන්දනා කරන රතු චීනයේ ජියාන්හුවා කීවේ සමාජවාදයට ගැලපෙන කතාවක්ද කියා සිතා ගත නොහැකිව තවමත් හතර අතේ කල්පනා කරනවා නිසැකය. කෙසේ වෙතත් අද දහවල් කොළඹ වරායේ ජවිපෙ වෘත්තීය සංගමය විසින් පැවැත්වූ ගිවිසුමට එරෙහි විරෝධතාවයට සහභාගී වී සිටියේ 31 දෙනෙකු පමණි. කොළඹ වරායේ සේවකයන් දස දහසකට ආසන්න පිරිසක් සේවය කරති.
අද අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධ පූර්ණ විස්තරයක් පහත ඇති සේයාරූ වල දැක්වේ.

??