රාජවිකාරයේ කූටප්‍රාප්තිය ජනවාරි 14
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් දිගාමඩුල්ලේ පිරිසක් විසින් සාදා තිබෙන ඔටුන්න ජනවාරි 14දා ජනාධිපතිවරයාගේ හිසේ පැළවීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම ඔටුන්න ඉන් අනතුරුව දළදා මාළිගාවට පරිත්‍යාග කිරීමට නියමිත බව ද වාර්තා පවසයි. ඔටුන්න සමග පැළඳ ගැනීම සඳහා මඟුල් කඩුවක් ද නිර්මානය කර තිබේ. මෙම කඩුව නිර්මානය කිරීම ස්වාධීන පිරිසක් විසින් කරන ලද බවක් පෙන්නුම් කෙරුණ ද ඒ සඳහා ජනාධිපතිගේ අනුග්‍රහය ලැබී ඇති බව නිල නො වන ආරංචි මාර්ග පවසයි.
මේ දිනවල මේ ඔටුන්න සහ අසිපත අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇත.
ජනාධිපතිවරයා ජනවාරි 14දා අම්පාරේ පැවැත්වෙන රැළියක් ඇමතීමට ද නියමිත ය. ජනාධිපතිතුමා රැළිය අමතන්නේ ඔටුන්න පැළඳගෙන නො වන බව දැනගන්නට තිබේ.
යුද්ධය ජය ගැනීමෙන් පසු ජනාධිපතිවරයා රජකු ලෙස නිරූපණය කිරීම රජයට ගැති මාධ්‍ය, කලාකරුවන්, විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් දිගට ම කරගෙන යමින් තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රජකු ලෙස දක්වමින් ගීයක් ගැයීම නිසා එක්තරා ආධුනික ගායිකාවක් සම්මානයට ද පාත්‍ර වූවා ය. එම ගීතයට රාජ්‍ය මාධ්‍යවල පුළුල් ප්‍රචාරයක් ලැබුණමුත් දැන් එය මුළුමනින් ම පාහේ ජනප්‍රියත්වයෙන් ගිලිහී ඇති අතර අසන්නට පවා ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. තමා මේ රටේ රජු නොව භාරකරු බව ජනාධිපතිවරයා කීප වතාවක් ම ප්‍රකාශ කළේ ය.