බොහොම වටිනා ලිපි පෙළක්. Rep +++
මේ ලිපි පෙළ කියවන් යද්දී මට ආපු අදහසක් කියන්නම්.
ඒ තමයි ඇහැලේපොල පවුලේ කෘර ඝාතනය අපේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව. රජතුමා මේ කරපු අපරාදේ නිසා රටවැසියා සිතුවා මීට වඩා හොදයි සුද්ද යටතේ ඉන්නවා කියල. (කොටින්ම කියනවනම් Game of Thrones එකේදී Shreen ව Stannis බිල්ලට දුන්නට පස්සේ උගේ හමුදාවේ බාගයක් ඌව අතැරලා ගිහිල්ලා ඌ sorry වෙන්න Boltanla ගෙන් කෑවා වගේ තමයි).
මමත් හිතනවා සුද්දෝ මේ සිද්දිය සෑහෙන බර වැඩිකරලා ප්රචාරය කලා කියලා උන්ගේ වාසියට .
මේ සිද්දිය නොවුනානම් සුද්දට උඩරට අල්ලන තව සෑහෙන කලක් යන්න තිබ්බ.
ඔව් සුද්දා සෑහෙන්න යටි කූට්ටු වැඩ කරලා අපේ රදළ නායකයන්ගේ තිබුන බල තණ්හාවත් නියම විදියට ප්රයෝජනයට අරගෙන තමා රජතුමාව අපකීර්තියට පත් කරලා උඩරට අල්ලාගත්තේ.ඒත් රජතුමාට විතරක් වැරදි වලට කෙලින්ම ඇගිල්ල දික් කරන්න බැහැ කියලයි මගේ මතය මොකද රජතුමාට උනත් අපේ රදළයෝ එක්ක කෙලින් තීරණයක් ගන්න බැහැ මොකද රජසබාවේ සෑහෙන බලයක් රදළයෝ තිබුණා.ඉතින් ඇහැලේපොළ සිද්දියේදී උනත් ඒකට අපේ රදළයන්ගේ බලපෑම අනිවාර්යෙන්.
මේක බලන්න ඔය රදළ බලපෑම ගැන අදහසක් ගන්න පුළුවන්
රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
Last edited:


