රාජ්‍ය මාධ්‍ය දෙපිළ බෙදෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    රාජ්‍ය මාධ්‍ය දෙපිළ බෙදෙයි

    මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අද (21) සවස මාධ්‍යහමුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව රාජ්‍ය මාධ්‍ය ආයතන බරපතල බෙදීමකට ලක්ව ඇති බව අනාවරණය වේ.

    ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ ගුවන්විදුලිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ලේක්හවුස් ආයතනය තුළ මෙම බෙදීම ඇතිවී තිබේ.

    එම මාධ්‍ය ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කටයුතු කළ මාධ්‍යවේදීන් සහ නිලධාරීන් දැඩි වික්ෂිප්ත භායකට පත්ව රාජකාරි පවා නිසිපරිදි කර ගත නොහැකිව සිටින බව අනාවරණය වේ.

    මේ අතරින් බොහෝ දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව පෙනෙන්නට ඇති බවත් ඉදිරියේදී එය එළි පිටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

    -lankatruth
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    එක්සත් ජනතා සන්ධානයේ නිල Face book ගිණුම මෛත්‍රීට සහාය පලකරයි!

    ඊයේ (20) වන තෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකරමින් තිබූ එක්සත් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම අද

    පස්වරුවේ සිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන්ම සහාය පලකිරීමට පටන් ගෙන ඇත.

    මෙම ෆේස් බුක් ගිණුමට https://www.facebook.com/slupfa මගින් පිවිසිය හැකි අතර ඊට Likes 40,000කට වඩා ප්‍රමාණයක් මේ වන විටත් ලැබී තිබේ.

    - lankanewsweb
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda

    oka official page ekak nam newei bro. mama dannawa page eke adminwa.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන රට ආපසු හරවන්නට කිසිවෙකුට බැහැ
    මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
    ඔබත් එහි කොටස් කරුවෙක් වන්න අප හා එක්වන්න

    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png