රාජ්‍ය මාධ්‍ය දෙපිළ බෙදෙයි
මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අද (21) සවස මාධ්‍යහමුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව රාජ්‍ය මාධ්‍ය ආයතන බරපතල බෙදීමකට ලක්ව ඇති බව අනාවරණය වේ.
ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ ගුවන්විදුලිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ලේක්හවුස් ආයතනය තුළ මෙම බෙදීම ඇතිවී තිබේ.
එම මාධ්‍ය ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කටයුතු කළ මාධ්‍යවේදීන් සහ නිලධාරීන් දැඩි වික්ෂිප්ත භායකට පත්ව රාජකාරි පවා නිසිපරිදි කර ගත නොහැකිව සිටින බව අනාවරණය වේ.
මේ අතරින් බොහෝ දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව පෙනෙන්නට ඇති බවත් ඉදිරියේදී එය එළි පිටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් වාර්තා වේ.
-lankatruth