රාජිත ඉතිරිකළ ලක්ෂ6ක කූපන් රජයට බාරදෙයි
රාජිත ඉතිරි කළ රුපියල් ලක්ෂ 06 ක් වටිනා ඉන්ධන කූපන් පත් රජයට බාරදෙයි..!
(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.21, ප.ව.2.35) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දොස්තර රාජිත සේනාරත්න රජය විසින් තමන්ට නිකුත් කර තිබූ ඉන්ධන කූපන් පත් වලින් තමා ඉතිරි කරන ලද රුපියල් ලක්ෂ 06 ක් වටිනා ඉන්ධන කූපන් පත් යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙමින් අමාත්‍යධූරයෙන් අද දින (21) සමුගත්තේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ පැවැති චාම් උත්සවයකින් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා ට එම ඉන්ධන කූපන්පත් බාරදෙන ලදී.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවකයින් ඇමැතූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා සිටියේ යහපාලන රජය මෙරට සෞඛ්‍ය සේවාව ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවක් බවට පත් කිරිමට කටයුතු කළ බවයි. තමන් විසින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල අඩු කිරීම, නොමිලේ අක්ෂි කාච සහ ස්ටෙන්ස් ලබාදීම ඇතුලු රෝගී සත්කාරක සේවාවන් රැසක් දියත් කළ බව ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. තමන් විසින් ආරම්භ කළ ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාව අලුතින් පත්වීමට නියමිත සෞඛ්‍ය අමාත්‍යවරයාට කරගෙනයාමට සහයෝගය ලබාදෙන ලෙස ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරින් ඇතුලු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. තවද සෞඛ්‍ය සේවාව විධිමත් කිරිම සදහා තමන්ට සහයෝගය ලබාදුන් සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩලයට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ස්තුතිය ද පුද කෙළේය.
මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, රාජිතගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටියහ.
---------------------------