රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා?

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා?


c-u-l-t.blogspot
චින්තන ධර්මදාස


සිරි පැරකුම් බලන්න මං තල්ලූ වුණේ ඒක ගැන ආපු ලොකු සද්දෙ හින්දමයි. හෝල් 55ක නඩු කියලා දාපු චණ්ඩි ෆිල්ම් එකක් වීම වගේම සෝමරත්නගේ දෙරන අවෝර්ඞ්ස් වලදි වගේ දාපු චණ්ජි ටෝක්ස් වුණත් මට බලපාන්න ඇති. අනිත් පැත්තට සූරිය අරණ, සරෝජා වගේ සෝමරත්නගේ කලින් චිත‍්‍රපටි කීපෙකට මං කැමතියි. ළමයි පාවිච්චි කරලා කරන වැඩිහිටි චිත‍්‍රපටි වට්ටෝරුවක් ගැන එයාගෙම දැනුමක් සෝමරත්නට තිබුණ. ඒක හොඳයිද නරකයිද කියන කාරණය කොහොම වුණත් ඒ වට්ටෝරුව අලූත්. සිංදු ටිකක් දාලා ලස්සන කරලා ලංකාවේ හුදී ජන පේ‍්‍රක්‍ෂකයාට විකුණන්න පුළුවන් දෙයක් හදන්න එයාට පුළුවන් වුණා. ඒ වගේම එයා පුළුවන් හැම වතාවකදිම එලියෙ දේශපාලනය ඇඞ් එකක් විදිහට පාවිච්චි කළා. උදා විදිහට සූරිය අරණෙදි හාමුදුරුවරු එක්ක වෙනම දෙබසක් පටන් ගත්තා. සරෝජා සිංහල දෙමළ ප‍්‍රශ්නෙ. එහෙම නැතුව අටවපු සිරි රජ සිරි ෆ්ලොප්. ඊට පස්සෙ සිරි පැරකුම් මේ කාලෙ නැගලා යන රජකතා සහ ආණ්ඩුවෙන් නොමිලේ උස්සලා තියෙන ජාති ආගම්වාදී රැුල්ල උඩ තියනවා. ඒ ආපු කිසි රජ කතාවක් මේ වෙනකල් පාඩු වෙලා නෑ.

මං මේ ලිහාගන්න උත්සාහ කරන්නෙ සිරි පැරකුම් බලන්න මං මොකට ගියාද කියන ප‍්‍රශ්නෙ. සැවෝයි එකේ කලින් ෆිල්ම් එකක් බලද්දි සිරි පැරකුම් ටේ‍්‍රලර් එක දැකීමත් මට යම් හෝ බලාපොරොත්තුවක් දෙන්න හේතුවක් වෙන්න ඇති. ඒ ටේ‍්‍රලර් එක හොඳටම කරලා තිබුණ. මං කැමරා කරපු පාලිත පෙරේරාට කතා කරලා සුබ පැතුවත් එක්ක. අන්තිමට හවුස් ෆුල් දවස් කීපයක් පහුකරලා දවසක හවස ලිබර්ටි එකේ සිරි පැරකුම් බලන මහා පේ‍්‍රක්‍ෂාගාරය මැද්දෙ මාත් ඉඳගෙන හිටියා.

ඒක සම්පූර්ණ වමනෙ ගොඩක්. කියා ගන්න කතාවක් නැතුව කුඹුරෙ හරක් ටික වගේ චරිත ටික තිරය පුරා ඇවිදිනවා. අපේ ඉතිහාසෙ හැම රජකෙනෙකුටම තියෙන්නෙ එකම කතාව. රජ වාසලේ කවුරු හරි එයාව මරන්න හොයනවා. පෙට්ටියක් අස්සෙ හරි රෙද්දක් අස්සෙ හරි හැංගිලා ගමකට පැනලා යනවා. එහේදි ලොකු මහත් වෙලා බලය පාලා රජකම ගන්නවා. ඒක හරියට හින්දි චිත‍්‍රපටියක් වගේ නැගලා යන ප්ලොට් එකක් තමයි. ඒත් සිද්ධි සහ අතුරු කතා වලින් ඒක ගොඩනැගෙන්න අවශ්‍යයි. රසය තීවර කරමින් අරගෙන යන්න උවමනායි. සෝමරත්නගෙ කතාවෙ තියෙන්නෙ ආරම්භයක් විතරයි. මැදක් සහ අවසානයක් නෑ (කතාව ඉවර වෙන්නෙ නෑ කියනවා නෙමෙයි. ඉවර වුණාට වගක් නෑ) සිරි පැරකුම්බා චරිතෙ අඩු වියදමට කරන්න ගිහින් චිත‍්‍රපටිය කෙලවර වෙලා තියෙන්නෙ පැරකුම්බා ගෙයි ගෙම්බා වගේ තැනකින්. ඒ පීරියොඩිකල් චිත‍්‍රපටියක දැනෙන විශාලත්වය, දැවැන්ත බව, අභිමානය මොකක්වත් මේ චිත‍්‍රපටියෙ නෑ. යුද්ධ දර්ශන පොලොව කොටන දර්ශන තරම්වත් හොඳින් රූගත වෙලා නෑ. මේ තරම් දියුණු ත‍්‍රීඞී තාක්‍ෂණයන් නිකම්ම පීසී වල පවා තියෙද්දි සිරි පැරකුම් වල ග‍්‍රැෆික් අනාතයි. ආචාර්ය සෝමරත්නට මේ නම් කොහෙත්ම සමාව දිය හැකි කාරණා නෙමෙයි.
 
Last edited:
  • Like
Reactions: ushan.ky and SSR@

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
මං කියන්න යන කතාවට එච්චර අදාල නොවුණත් මේ කතාවෙ මට දැණුන ආතල්ජනක තැන් ටිකක් සටහන් කරගෙනම යන්නං. උඩින් කියපු රජ කතාවක් ජනප‍්‍රිය වීමේ ලා ඇති කොන්දේසි ටික ඇරුණම සෝමරත්න චිත‍්‍රපටියෙ දුවන අංශයේ ආයෝජනය තනිකරම කරලා තියෙන්නෙ පොඩි දරුවාගෙ චරිතය හරහා. මධ්‍යම පාංතික, ඉන්ටර්නැෂනල් ස්කූල් පන්නයේ දරුවන්ට ලාංකේය පොදු ජනතාවගේ තියෙන ඇඞ්වර්ටයිසින් ආකර්ශනය සෝමරත්න මෙතනදි පාවිච්චි කරනවා. පරාක‍්‍රමබාහු රජ වාසලේ හැදෙද්දිත් අපේ රටේ රජ පවුල් වල දරුවො වගේ තමයි කියුට් කියන අදහසින් (හුරතල් නෙමෙයි කියුට්). ඒ ළමයා බැරි බැරි ගානෙ දෙබස් කියන කොට, නුහුරු ඉරියව් වලින් කතා කරන කොට ඕඩියන්ස් එකට පැරකුම්බා අමතක වෙනවා. ‘අනේ........’ කියල හිතෙනවා.

ඒ ඇරුණම චිත‍්‍රපටියෙ සිංදු ටික. ‘රට රැුකුනේ උඹ හින්දයි අම්බරුවෝ’ කියද්දි මට ඇත්තටම හිනා ගියා. මීට ටික කාලෙකට ඉස්සර රට රැුකුනේ රණ විරුවෝ හින්ද කිව්වට දැන් අපි කියන්නෙ රට රකින්නෙ හරක් කියල. සිංහල බෞද්ද හරක් මස් විරෝධයත් එක්ක පැරකුම්බා නියම දත් බෙහෙත. ඒත් ගායනය, සංගීතය අතින් ඒ සිංදු චිත‍්‍රපටියට ලොකු එලියක් දෙනවා. ඇත්තටම මට හිතුනෙ ෆිල්ම් එකේ අගය කළ යුතු එකම තැනක් විදිහට තිබුණෙ ඒ ගීත කීපය කියල. (වචන සහ අදහස් වලට මං එක`ග නොවුණත් නිමාව සහ සෞන්දර්යය අතින් හොඳ වෙහෙසක් එතන තිබුණ)

චිත‍්‍රපටිය ඇතුලෙ සෝමරත්න අතීතෙ ඉඳන් එන හාමුදුරුවරුන්ගේ බිහිසුණු බව එලිපිටම කියනවා. ඒක ඇත්තටම වෙන කවුරු හරි කළා නම් චිත‍්‍රපටිය තහනම් වෙන්නත් තිබුණ. එහෙම නැත්තං ලංකාවෙ බුද්ධ ශාසනය හැමදාම මිනීමරන තරම් ප‍්‍රචණ්ඩයි කියන එක මේ වෙද්දි අභිමානයක් වෙලා වෙන්නත් පුළුවන්. සංඝරක්ඛිත කිසිම පැකිලීමක් නැතුව පරාක‍්‍රමබාහුට රජකම දීම වෙනුවෙන් ඒ වෙද්දි රජකම් කරන එයාගෙ සොයුරා සැලසුම් සහගතව මරා දානවා. හාමුදුරුවරු පිරිසක් රැුස්වෙලා පිරිත් කියන අතරෙ අට්ටාලය ගලෙන් පහලට තල්ලූ කරන්න උපදෙස් දෙනවා. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. ඒ රජාගේ මව සිංහල බෞද්ධ නොවීම නිසා විතරයි. (මේ මරා දාන රජු පස්සෙ ගලේ බණ්ඩාර යකා වෙලා ගම් බිම් වනසන්න ගන්නවා (ගිල්ටිය). ඊට පස්සෙ ගලේ බණ්ඩාර දෙවියො කියල අදහන්න ගන්නෙ එයාව. මේ ගලේ බණ්ඩාර දෙවියන්ට සිංහල වගේම මුස්ලිම් මිනිස්සුත් පුද පූජා කරනවා. එක ගලේ බණ්ඩාර දේවාලෙක වතාවත් ඔක්කොම කරන්නෙත් මුස්ලිම් කපුවො) ඒ තරම් දැන උගත් සංඝනායක හිමිවරුන් පවා සිංහල බෞද්ධ නොවීමේ වරදට රජු වුණත් මරා දැමූ වග සෝමරත්න ලොකු තිරේ උඩ කියනවා (පිරිත් කියමින්ම ඒ අසන්නට ආ රජාව ඇතුගලෙන් පහළට තල්ලූ කර මරා දැමීම කොයිතරම් සාහසිකද?) කළුන්දෑවේ ගමේ පන්සලේ හාමුදුරුවො පවා තමනුත් හොඳ චණ්ඩියෙක් වග කියන්නේ කිසිඳු හිරිකිතයකින් නෙමෙයි. එක්කෝ බුදු දහම කියල මේ ලංකාවට ඇවිත් තියෙන්නෙ සිවුර විතරක්ද කොහෙද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හෝ අවිහිංසාව, දැමුණු ඉඳුරන් ඇති බව, නුවණින් අවබෝධය වගේ බෞද්ධ දර්ශනයෙ කිසිවක් පැරකුම්බා කාලෙ ඉඳන්වත් තිබිලා නැති වගට සෝමරත්න සාක්කි කියනවා.
 

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
විජයබාගේ (පැරකුම්බාගේ තාත්තාගෙ) අන්තපුරය දැක්කම සසර කළකිරෙනවා. රජෙක් වුණත් අනේ පව් කියල හිතෙනවා. අඩු තරමෙන් මේ අන්තපුර මහේෂිකාවන්ගේ අලංකාරය පවත්වාගන්න තරම් වත් මුදලක් වියදම් කරන්න සෝමරත්න මැළි වෙලා වග පැහැදිලියි. ඒ වගේ විස්තර වෙනුවෙන් කිසි වියදමක් නොකරන්න තරම් බඩ තද කරගෙන ෆිල්ම් එක කළ වගට රූප රාමුවෙන් රාමුව දුප්පත්කම සාක්කි කියනවා. ආර්ට් ඩිරෙක්ෂන් (කලා අධ්‍යක්‍ෂණය) වෙසක් නාට්ටියක් ගානයි. සෙනෙවියාගෙ අතේ තියෙන කඩුවත් ඇලූමිනියම් කෑල්ලක්. රැුවුල් කොණ්ඩ දැක්කම හිනා යනවා (විජයබාගේ රැුවුල මාර ෆනී) මට හිතුනෙ අඩු තරමෙ ‘ග්ලැඩියේටර්’ ඕන නෑ අශෝක් තරම් වත් චිත‍්‍රපටියක් බැලූවා නම් මේ ගැන ලැජ්ජ හිතෙනවා. කොටින්ම පේ‍්‍රක්‍ෂාගාරෙ ඉඳන් මගේ හිරිගඩු පිපුණා සමහර තැන් වල අඳබාලකම් පෙනෙද්දි.
කොයිතරම් නිෂ්පාදනයේ අඩුපාඩු තිබුණත් චිත‍්‍රපටියෙ අරටුවෙ, නිර්මාණශීලීත්වයෙ දියුණුවක් පේනවා නම් කෘතියක් අගය වෙන්න ඕන කියලයි මගේ අදහස. ඒත් මේ චිත‍්‍රපටියෙ කෘතියක් විදිහටත් පේන්න තියෙන්නෙ නැවත නැවත දුප්පත්කම නම්, නොගැඹුරු, පේ‍්‍රක්‍ෂක වින්දනය අවතක්සේරු කරන වංචාවක් නම් එතනදි ඒ නිර්මාපකයා දෙස දෙපාරක් හැරිලා බලන්න වෙනවා.

දැන් මං මේ ලියමන පටන් ගන්න හේතු වුණු කතාවට එන්නම්. ඇත්තටම සෝමරත්න මොනවද කරන්නෙ කියන කාරණයට වඩා වැදගත් වෙන්නෙ මේ තේරුම් ගැනීම. රජකතාවක් මේ කාලෙ කරන්න තෝර ගන්න මූලික හේතුව වෙන්නෙම වාණිජ අරමුණක්. විශේෂයෙන් දන්න කතාවක් හින්ද විශේෂ දක්ෂතාවයක් නැතුවත් කතාව කියාගෙන යන්න පුළුවන්. මිනිස්සු ඔලූවෙන් කරුණු සම්පූර්ණ කර ගන්නවා. සෝමරත්නගේ මේ මෙගා ටෙලියක් වගේ එපික් එකේ අදහස ඒකයි. අපි ඔලූවෙන් විශාල කරගෙන නරඹන්න ඕන. කතාවෙ කොයි විදිහක අඩුපාඩු තිබුණත් මිනිස්සුන්ට කතාව තේරෙනවා. වෙසක් නාට්‍යයක් ලියා ගන්න තරමේ හැකියාවක් තිබ්බ නම් ඇති. රජ වාසලෙන් පැනලා ආපු දවසෙ ඉඳන් කෙල්ලො දෙන්නෙක් එක්ක පීල්ලෙන් නාන එකට වඩා දෙයක් නොකරපු පැණි පැරකුම්බා වීරයෙක් වෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලූ ඇතුලෙ මිසක් චිත‍්‍රපටියෙ නෙමෙයි. කඩුව වන වන සටන් කළාට වීරත්වය පළවෙන එකඳු ඉරියව්වක්වත් (ඇ`ග විතරයි* මේ චරිතෙන් ප‍්‍රකට වෙන්නෙ නෑ. ඒ වෙනුවට න`ගා දැක්ක ගමන් අඩවන් නෙතින් ලාංකේය සෙවල පෙරීමේ උරුමය විතරක් සහතික කරනවා. කෙටියෙන් කිව්වොත් චිත‍්‍රපටියෙ මං දැක්කෙ දෙවෙනි පැරකුම්බා නෙමෙයි සෙවළ පැරකුම්බා කෙනෙක්.

ආයිමත් කතාවෙන් පිට පැන්නා. ඒකට හේතුවම මේ චිත‍්‍රපටිය විතරක් නෙමෙයි මේ වර්ගයේ චිත‍්‍රපටි ධාරාව විසින්ම කරන ලැජ්ජා හිතෙන පික්පොකට් ගැහීම ගැන තරහ. සහ ඒක කර්මාන්තමය දියුණුවක් විදිහට පෙන්නන්න ක්‍ෂේත‍්‍රයේ අයම නැවෙන නැවිල්ල.

‘මොනා වුණත් මචං, ඌ ලංකාවෙ මිනිස්සුන්ට ඕන දේ දන්නවා. බලපං කෝටි විස්සෙන් එහා දුවන්නෙ නැද්ද කියල’
‘මචං මොනවා වුණත් හෝල් වලට මිනිස්සු එනවනෙ. මුං ඒ ටිකවත් නොකළා නම් සිනමාව ඉවරයි’
 

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
මේ මගේ යාලූවො සමහරක් මට කියපු අදහස්. ඒත් මගේ කතාව වෙනස්. සිනමාවට මිනිස්සු ගෙන්න ගන්න නං ඕන තරම් ක‍්‍රම තියෙනවා. මෙගා ටෙලියක් පැය තුනකට කපලා ගැහුවත් මිනිස්සු ආයිමත් බලන්න පිරෙනවා. ඒත් අපි මේ සමාජය දක්කන්නෙ කොහාටද කියන එකයි ගැටළුව. හෝල් වලට මිනිස්සු පුරවන්නද සිනමාවට මිනිස්සු හුරු කරන්නද ඕන කියන එකයි හිතන්න වෙන්නෙ. මේ දෙක පැහැදිලිවම දෙකක්.
මං සිනමාව කියන්නෙ සම්භාව්‍ය, ආත්ම කථන, සම්මානලාභී සිනමාව නෙමෙයි. මාධ්‍යයක් වශයෙන් දැනුමක් වශයෙන් ගොඩනැගුණු විෂයක් සහිත, සිතීමක් සහිත, කලාවක් සහිත සිනමාවට. ටෙලි නාට්‍යයක් ලොකු තිරයක පෙන්නුවාට ඒක සිනමාවක් නොවෙන්නෙ ඒකයි (ද`ඩුබස්නාමානය, වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍ය නෙමෙයි. ටෙලි නාට්‍ය කියල ඒ කාලෙ අපේ අය කළේ චිත‍්‍රපටි) අපේ රටේ මිනිස්සු ඉල්ලන්නෙ මේක කියන එක තමයි මේ කාලෙ අපි අහන නරුමම කතාව.

පත්තරේ මිනීමැරුම් පිටුව ලියන අයගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. මෙගා ටෙලි කරන උන්ගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. සිනමාව කියල එකක් කරන අයගෙන් ඇහුවත් කියන්නෙ එකම උත්තරේ. මේක කුඩු විකුණනවා වගේ වැඩක්

දීප්ති කුමාර ගුණරත්න මෑත ඉන්ටවිව් එකකදි කිව්වා, ‘ මිනිස්සු හිරිවැටිලා ඉන්නෙ. මත්ද්‍රව්‍යයකින් වගේ නිර්වින්දනය වෙලා’. මේකයි ඇත්ත. සියලූ මාධ්‍ය එක විදිහට දෙකයි පණහෙ රසයක් නිෂ්පාදනය කරන්න තීරණය කරලා. තමන්ගේ මාධ්‍ය වෙතින් නැවත පරාරෝපණය වෙන සමාජය ගැන කිසි අදහසක් නැතුව. වගකීමක් නැතුව. මේක සදාචාරය අතින් විතරක් නෙමෙයි කර්මාන්තමය අතිනුත් සිද්ද වෙන පිරිහීමක්. තාවකාලික ලාභයක් හැටියට පෙණුනත් මේ ගමන හු`ගක් කෙටියි. මේක පික් පොකට් ආර්ට් එකක් මිස වෙන ආර්ට් එකක් නෙමෙයි.

පත්තරවල මිනීමැරුම් පිටුව කියවලා රට හැම තැනම පෝලිමට එක විදිහට මිනී මරනවා. කොල්ලො කෙල්ලො ලව් කරන්නෙ මෙගා ටෙලි දෙබස් කිය කිය. බොබසෙ ටීවී එකේ කියන එක ඒ විදිහටම ගමේ හාමුදුරුවොත් සිවුර උඩ දාලා කියනවා. බොබසෙ නෝ ලිමිට් එක වට කරන කොට ගමේ එවුන් පල්ලිය ඉස්සරහ සඳකඩ පහන ගලවනවා. මේ අපේ මාධ්‍ය සමාජය. මං කියන්නෙ මහින්ද රාජපක්‍ෂ විසින් පසක් කර දුන් වැදගත්ම කාරණය ඒක. මේක ඇත්ත සමාජයක් නෙමෙයි. අපි මාධ්‍ය වල දකින්නෙ ඇත්ත සමාජ උවමනාව නෙමෙයි. ඒක සමාජ උවමනාව විදිහට විකුණන්න හදන වෙළෙන්දො විතරයි.

ආයිමත් කියන්නෙ, මේක රජකතා වලින් චිත‍්‍රපටි හදන එක බාලයි වගේ අදහසක් නෙමෙයි. පරාක‍්‍රමබාහු ගැන සෝමරත්නගෙ ෆිල්ම් එකයි පරකුම්බා කතාවෙන්ම සන්තෝෂ් සිවන් ගේ අසෝක වගේ ෆිල්ම් එකකුයි නිෂ්පාදනය වුනොත් මිනිස්සු සන්තෝෂ් සිවන්ගෙ ෆිල්ම් එක (ඒ නිර්මාණශීලී ගුණය) නොබලා සෝමරත්නගේ ෆිල්ම් එක බලයිද? මේක වෙන කිසි දෙයක් නෙමෙයි ලැජ්ජාවක් නැති වංචාව. මේ කාලෙ බුදු දහම කියන්නෙ ප‍්‍රචණ්ඩත්වයට වගේ කලාව කියන්නෙ වංචාවට.
දීප්ති අර ඉන්ටවිව් එකේ තව ලස්සන කතාවක් කියනවා.

‘දැන් තියෙන විදිහ තමයි ලැජ්ජාවක් නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්. කරලා ඇවිත් ලැජ්ජ නැතුව මිනිස්සු ඉස්සරහ හිටගෙන ඉන්නවා. බලන් ඉන්න අයට ලැජ්ජ හිතෙනවා.’
සිරි පැරකුම් බලලා මට වුණෙත් ඒ ටික.​
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lol legand lankawe karanna baha ban owa pita rataka ekek dakkoth wasa lajjawa.
    waysaka upasaka ammalawa andanna karana wadak.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    jackson+gossip+first+news.jpg








    akilaemisilvagossip928629.jpg






    ඕනිම නිර්මාණයක් තුලට අනවශ්‍ය ලෙස දේශපාලනය එබ්බවීමට තැත් කිරීමෙන් හෝ
    හුදෙක් තම තමන්ගේ වෙනත් පටු අරමුණු ඉටුකරගැනීම සදහා නිර්මාණ කණ්ඩායම තුලට රිංගනා නිවටයින් නිසා.
    කෙතරම් හොද අද්‍යක්ශක වරයෙකුගේ නිරමාණයක් උවද.
    පුස්සක් විය හැක.

     

    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    lol legand lankawe karanna baha ban owa pita rataka ekek dakkoth wasa lajjawa.
    waysaka upasaka ammalawa andanna karana wadak.

    දැන් ලංකාවෙ film හදන්නෙ ළමයින්ට
    වෙළදපොල ගැටළුවක් තියෙන්නෙ :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,047
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "රජකතාවක් මේ කාලෙ කරන්න තෝර ගන්න මූලික හේතුව වෙන්නෙම වාණිජ අරමුණක්"

    ලංකාවෙ වයසක සෙට් එක පෝලිමේ ඉඳල ඕව බලන්න හරි ආසයි..බෞද්ධ කතාවක් අටව ගත්තොත් ඉහලින්ම ගොඩ තමා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    විජයබාගේ (පැරකුම්බාගේ තාත්තාගෙ) අන්තපුරය දැක්කම සසර කළකිරෙනවා. රජෙක් වුණත් අනේ පව් කියල හිතෙනවා.
    :rofl::lol::lol: Bump
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පට්ට විචාරේ. මම ගොඩ කාලෙකට පස්සේ ඊයේ ටී.වී එක බලන්න සෙට් උනා. අනේ බන් ඒකෙ යන ඒවා.... චැනල් වල උන් උන්ගෙම ආගිය තොරතුරු උන්ම කියාගන්න ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඊට පස්සේ රේනුකා බාලසූරිය ඇවිල්ලා එයාගෙ පෞද්ගලික තොරතුරු, එයා සමාජයේ හැසිරෙන විදිය, එයාගේ සිතුම් පැතුම් ඔය වගෙ පච හෑලි ගොඩායි. ටිකක් වෙල යද්දි තමා තෙරුනේ මේ නයා ඇරිල්ලේ අවසානෙ තියෙන්නේ පැරකුම්බා මාකටින්. ලන්කාව ගෑන අම්මපල්ලා දුකයි. ගූ ගොඩක් හරි කමක් නෑ මාකට් කරල අහින්සකයෙක්ගේ තුට්ටු දෙකට කෙලවලා තමන් ගොඩ යන මානසික මට්ටමකට රට යනව. කිව්වට වැඩක් නෑ. මහ එකාත් එහෙමයි නේ. වටේ ඉන්න උනුත් ඉබේම එහෙම වෙනවා. "අපේ ශ්‍රී ලන්කාව අපි රැකගනි....මු" වෙලාවකට හිතෙනවා මේකත් මාකටින් ද කියල....
     

    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0


    ඕනිම නිර්මාණයක් තුලට අනවශ්‍ය ලෙස දේශපාලනය එබ්බවීමට තැත් කිරීමෙන් හෝ
    හුදෙක් තම තමන්ගේ වෙනත් පටු අරමුණු ඉටුකරගැනීම සදහා නිර්මාණ කණ්ඩායම තුලට රිංගනා නිවටයින් නිසා.
    කෙතරම් හොද අද්‍යක්ශක වරයෙකුගේ නිරමාණයක් උවද.
    පුස්සක් විය හැක.


    දේශපාලනේ ට වඩා මෙතන ගැටළුව තියෙන්නෙ නිර්මාණයේ තියන නිස්සාර බව