රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා?
c-u-l-t.blogspot
චින්තන ධර්මදාස
සිරි පැරකුම් බලන්න මං තල්ලූ වුණේ ඒක ගැන ආපු ලොකු සද්දෙ හින්දමයි. හෝල් 55ක නඩු කියලා දාපු චණ්ඩි ෆිල්ම් එකක් වීම වගේම සෝමරත්නගේ දෙරන අවෝර්ඞ්ස් වලදි වගේ දාපු චණ්ජි ටෝක්ස් වුණත් මට බලපාන්න ඇති. අනිත් පැත්තට සූරිය අරණ, සරෝජා වගේ සෝමරත්නගේ කලින් චිත්‍රපටි කීපෙකට මං කැමතියි. ළමයි පාවිච්චි කරලා කරන වැඩිහිටි චිත්‍රපටි වට්ටෝරුවක් ගැන එයාගෙම දැනුමක් සෝමරත්නට තිබුණ. ඒක හොඳයිද නරකයිද කියන කාරණය කොහොම වුණත් ඒ වට්ටෝරුව අලූත්. සිංදු ටිකක් දාලා ලස්සන කරලා ලංකාවේ හුදී ජන පේ්රක්ෂකයාට විකුණන්න පුළුවන් දෙයක් හදන්න එයාට පුළුවන් වුණා. ඒ වගේම එයා පුළුවන් හැම වතාවකදිම එලියෙ දේශපාලනය ඇඞ් එකක් විදිහට පාවිච්චි කළා. උදා විදිහට සූරිය අරණෙදි හාමුදුරුවරු එක්ක වෙනම දෙබසක් පටන් ගත්තා. සරෝජා සිංහල දෙමළ ප්‍රශ්නෙ. එහෙම නැතුව අටවපු සිරි රජ සිරි ෆ්ලොප්. ඊට පස්සෙ සිරි පැරකුම් මේ කාලෙ නැගලා යන රජකතා සහ ආණ්ඩුවෙන් නොමිලේ උස්සලා තියෙන ජාති ආගම්වාදී රැුල්ල උඩ තියනවා. ඒ ආපු කිසි රජ කතාවක් මේ වෙනකල් පාඩු වෙලා නෑ.
මං මේ ලිහාගන්න උත්සාහ කරන්නෙ සිරි පැරකුම් බලන්න මං මොකට ගියාද කියන ප්‍රශ්නෙ. සැවෝයි එකේ කලින් ෆිල්ම් එකක් බලද්දි සිරි පැරකුම් ටේ්රලර් එක දැකීමත් මට යම් හෝ බලාපොරොත්තුවක් දෙන්න හේතුවක් වෙන්න ඇති. ඒ ටේ්රලර් එක හොඳටම කරලා තිබුණ. මං කැමරා කරපු පාලිත පෙරේරාට කතා කරලා සුබ පැතුවත් එක්ක. අන්තිමට හවුස් ෆුල් දවස් කීපයක් පහුකරලා දවසක හවස ලිබර්ටි එකේ සිරි පැරකුම් බලන මහා පේ්රක්ෂාගාරය මැද්දෙ මාත් ඉඳගෙන හිටියා.
ඒක සම්පූර්ණ වමනෙ ගොඩක්. කියා ගන්න කතාවක් නැතුව කුඹුරෙ හරක් ටික වගේ චරිත ටික තිරය පුරා ඇවිදිනවා. අපේ ඉතිහාසෙ හැම රජකෙනෙකුටම තියෙන්නෙ එකම කතාව. රජ වාසලේ කවුරු හරි එයාව මරන්න හොයනවා. පෙට්ටියක් අස්සෙ හරි රෙද්දක් අස්සෙ හරි හැංගිලා ගමකට පැනලා යනවා. එහේදි ලොකු මහත් වෙලා බලය පාලා රජකම ගන්නවා. ඒක හරියට හින්දි චිත්‍රපටියක් වගේ නැගලා යන ප්ලොට් එකක් තමයි. ඒත් සිද්ධි සහ අතුරු කතා වලින් ඒක ගොඩනැගෙන්න අවශ්‍යයි. රසය තීවර කරමින් අරගෙන යන්න උවමනායි. සෝමරත්නගෙ කතාවෙ තියෙන්නෙ ආරම්භයක් විතරයි. මැදක් සහ අවසානයක් නෑ (කතාව ඉවර වෙන්නෙ නෑ කියනවා නෙමෙයි. ඉවර වුණාට වගක් නෑ) සිරි පැරකුම්බා චරිතෙ අඩු වියදමට කරන්න ගිහින් චිත්‍රපටිය කෙලවර වෙලා තියෙන්නෙ පැරකුම්බා ගෙයි ගෙම්බා වගේ තැනකින්. ඒ පීරියොඩිකල් චිත්‍රපටියක දැනෙන විශාලත්වය, දැවැන්ත බව, අභිමානය මොකක්වත් මේ චිත්රපටියෙ නෑ. යුද්ධ දර්ශන පොලොව කොටන දර්ශන තරම්වත් හොඳින් රූගත වෙලා නෑ. මේ තරම් දියුණු ත‍්‍රීඞී තාක්ෂණයන් නිකම්ම පීසී වල පවා තියෙද්දි සිරි පැරකුම් වල ග්‍රැෆික් අනාතයි. ආචාර්ය සෝමරත්නට මේ නම් කොහෙත්ම සමාව දිය හැකි කාරණා නෙමෙයි.

Last edited: