රාජ මාළිගේ ... ඇවිලෙයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රාජ මාළිගේ ... ඇවිලෙයි

    රාජ මාළිගේ වෙනුවෙන් ප්‍රේඩිගේ දියණිය සහ රෙඩ් ඇවිලෙයි
    2015-05-12 http://offair.nethfm.com/article/18549


    අපේ රටේ මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වන ගීතය නම් "රාජ මාළිගේ" ගීතයයි. රසිකයන් අතර පමණක් නොව දැන් මේ ගීතය නීති ‍ක්ෂේත්‍රය තුළ පවා කතා බහට ලක් වෙමින් පවතින්නේ මෙහි අයිතිය පිළිබඳ පාර්ශව දෙකක් අතර පවතින මතභේදයයි.

    වර්ථමානයේ මෙම ගීතය ගායනා කරන "රෙඩ්" ට එරෙහිව අධිකරණයට යාමට අපේක්ෂා කරනබව අතීතයේ මෙය ගායනා කොට ඇති ෆ්‍රෙඩී සිල්වා මහතාගේ දියණිය පවසා තිබෙනවා. ඒ මෙම ගීතයේ මුල් ගායකයා වන‍්නේ තම පියා බව පවසමිනි. නමුත් රෙඩ් පවසන්නේ තම සීයා‍ සහ පියාගෙන් මෙම ගීතය පැවත එන බවය.

    රාජ මාළිගේ ගීතයේ අයිතිය සම්බන්ධයෙන් ප්‍රේඩි සිල්වා මහතාගේ දියණිය හා රෙඩ් පළමු වරට විද්‍යුත් මාධ්‍යක් සමඟ කල සංවාදය පහතින්.

    රෙඩ් : ඇත්තටම මට කියන්න තියෙන්නේ මම පොඩිකාලේ ඉදලා මම අහපු මම දන්න මගේ සීයාගේ ගීතයක්. ප්‍රේඩි සිල්වා අංකල්ගේ සින්දු මාරු කරලා අරක කරලා. මම ඒක මාරු කරන්න දැනගන්න එපැයි වේලාසනින්. මම අහලවත් නැහැ නිකන් මෙහෙම දෙයක්. මම අහලා තියෙන්නේ මගේ සීයාගේ එක. තාත්තා කියනවා ඒ ගීතය තමයි එදා කියපු වචන එහෙන්මම කියනවා. මේක මම පොඩි කාලේ ඉදලා අහපු ගීතයක්.

    චාන්දනී සිල්වා :
    මගේ තාත්තා මේක 1968 ගායනා කරලා තියෙන්නේ. මේක පදරචනය කරලා මගේ තාත්තාගේ අදහස් වලට රචනය කලේ සිරිල් ඒ සීලවිමල මහතායි. අපේ මහගෙදර ඉදලා. මේක වෙනකාටවත්ම අයිතිවාසිකම් කියන්න බැහැ. අපෙන් අවසර ගන්නේ නැතුව රෙකෝඩ් කරන්නත් බැහැ.


    රෙඩ් : මම පල්ලා වෙන දෙයක් වෙන්න ඕනි මේක කියන්න ඉස්සරින් රේඩියෝ සිලෝන් අකේ සින්දුව ගිහින් තියෙනවාද කියලා මම රේඩියෝ සිලෝන් එකට ගියා. හොයපු නැති තැනක් නැහැ මේ ගීතය.


    චාන්දනී සිල්වා : SLBC එකේ රෙකෝඩ් කරපු තැටිය තියෙනවා 1968. ඔරිජිනල් තැටිය තියෙනවා.


    රෙඩ් : කදුරට සේවය, රජරට සේවය සියළුම ඒවාට කථා කළා. මේ සින්දුව කියලා තියෙන්නේ වෙන කෙනෙක් කියලා. මම එයාට කතා කලා. මම ඔහුට කථා කළා. අනේ පුතේ මම හරියටම මතකයක් නැහැ. ඊට පස්සේ මමම තමයි ප්‍රේඩි සිල්වා අංකල් මේක කිව්වා කියලා. ඒක කියලා එලියට බහින්න හම්බුනේ නැහැ ප්‍රේඩි සිල්වාගේ දුව කථා කළා.


    චාන්දනී සිල්වා : එයා එහෙම කිව්වේ නැහැ. කිසිම තැනක එහෙම සදහනක් සටහන් කරලා නැහැ. මට නම් දැනගන්න ලැබිලා නැහැ. මම බලපු හැමතැනකම තියෙන්නේ නව නිර්මාණයක් කියලා.
     
    • Like
    Reactions: hmhm95

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අයිතිය තියෙන්නේ සින්දුව ලියපු කෙනාට. කියනව නම් එයාගෙන් අවසර අරන් කර්තෘ අයිතියට ගෙවල කියන්න ඔනේ.