රාවණයන්ගේ_රසදිය_වෙදකම්

r runner

Member
May 12, 2015
2,396
781
0
රාවණයන්ගේ_රසදිය_වෙදකම්

රාවණයන්ගේ රසදිය වෙදකම්

දීර්ඝායුෂ විදීමේ කලාව වේද ආයුර්වේදය මගින් ලෝ වාසීන්ට හදුන්වා දුන්නේය. මහා රාවණයන්ගේ සීයා වූ , පරාක්‍රම සමුද්‍රය අසල වූ පුස්කොල පොතක් දෑතින් දරා සිටින ප්‍රතිමාවෙන් නිරූපණය කෙරෙන පුලස්ති ඉසිවරයාණන් මෙම ආයුර්වේදය හදුන්වාදීමේ පුරෝගාමියකු වේ. නමුත් ඛනිජ ද්‍රව්‍ය මේ ආයුර්වේද ක්‍රමවේදයන් සදහා යොදා ගැනුනේ නැත.ඊට හේතුව නම් ඒවා එදා සිටම මිනිස් සිරුරට විෂ වූ බැවිනි. පසුකාලීනව ඛනිජ ද්‍රව්‍ය වලින් විෂ ඉවත් කර ඒවා ආයුර්වේද ක්‍රමවේද සදහා භාවිතා කලේ වෛද්‍ය නැත මුනිවරයා ලෙස නම් ලද මහා රාවණයන්ය.


කෞරාණ මන්ඨක ලෙස ද නම් දැරූ ඔහු රස ශාස්ත්‍රය නම් රසදිය මූලික කොටගත් වෛද්‍ය සංකල්පය ලොවට ගෙනා මහා වෙදදුරුය. රොද නමින් එකල හැදින් වූ රසදිය වේද ග්‍රන්ථ වල සදහන් වන්නේ ශිව දෙවියන්ගේ ශුක්‍රානු ලෙසයි. බැර ලෝහයක් ලෙස එකල්හී සැලකු රසදිය ස්වතන්ත්‍ර ද්‍රව්‍යක් ලෙස ද සැලකීය. පොළවේ ඇති ඛනිජ අතුරෙන් අසීරුවෙන් වෙන් කොටගත් රසදිය මූලික කටයුතු දෙකක් සදා භාවිත විය.


1.ලෙඩ දුක් සුව කිරීමට,
2.රසායනික සංයෝග සෑදීමට,



රසදිය මිශ්‍ර කල නොහැකි වන්නේ යකඩ සමග පමණි. රත්රන් රිදී සහ තබා වැනි ඕනෑම ලෝහයක් සමගම ඉතා ඉක්මනින් රසදිය මිශ්‍ර වීම සිදුවේ.
රසදිය වෙන් කරගැනීමට යොදාගත් සරලම සහ ප්‍රධානම ක්‍රමයක් නම් තීර්යක් පාතන යන්ත්‍රයයි. එය සාදාගන්නා අයුරු පහත දැක්වේ.
Murcury-Invention----Copy.jpg


ප්‍රමාණ දෙකක භාජන දෙකක් ගෙන එකක් උස වැඩි තැනින් ද අනෙක උස අඩු තැනින්ද තබා උස භාජනයේ සිට පහත භාජනය තෙක් බටයකින් සම්බන්ධ කල යුතුය. එසේ සම්බන්ධ කරන්නේ භාජන දෙකෙහිම කර කොටසට මදක් පහලිනි. පසුව එම භාජන දෙකෙහිම කිසිදු තැනකින් වාෂ්ප පිටට නොයන ලෙස සීල් තබා ගත යුතු වේ. ඊට මැටි වැනි ද්‍රව්‍යක් යොදා ගත හැක. ඉහලින් තැබූ භාජනය සීල් තැබීමට පෙරාතුව එහි පතුලට සාදිලිංගම් කැබලි අතුරා ගත යුතු වේ. පහලින් තැබූ බදුනට ද ජලය කුඩා ප්‍රමාණයක් දමා ගත යුතු වේ. ඉන්පසුව ඉහතින් තැබූ භාජනය හොදින් ගිනි දමා රත් කල යුතු වේ. ඒ අතරම භාජන දෙක සම්බන්ධ වන නලය ජලය තුළින් යවා තැබීම හෝ ඊට ජලය වැටෙන්නට සැලැස්වීම සිදුවිය යුතුය. පහලින් තැබූ භාජනයෙන් කෙටි කාලයකට පසුව සියලු දොස් සමනය වූ රසදිය ලබා ගත හැක.



රසදිය යබු ස්වතන්ත්‍ර ද්‍රව්‍යක් නිසාවෙන්ම ඒවා අපේ පරිසරයේ ගහකොලෙහි පවා අඩංගුවේ. ඉහත දොස් සමනය වූ රසදිය යන්නෙන් අදහස් කෙරෙනුයේ රසදියෙහි පවත්නා දොස දොලසක් ඇත. වන්නි දෝෂයෙන් සන්තාපය ඇතිවීම ද මල දෝෂයෙන් සිහි මූර්ජා වීම ද ස්වභාවික දෝෂයන්ගෙන් මරණය පවා සිදුවීම ද ලෙස එක එක දෝෂයන්ගෙන් අයත් වන්නාවූ ප්‍රතිපලයන් ඇත.


මෙසේ මහත් පරිශ්‍රමයෙන් යුතුව වෙන් කරගනු ලබන දොස් සමනය වූ රසදිය බිදුවක් ඇතුලාන්තය නීල වර්ණයෙන් තිබිය යුතු බවත් සූර්යාලෝකය මෙන් දීප්තිමත් විය යුතු බවත් පරිපූර්ණ ලෙසම තිබිය යුතු බවත් දැක්වේ. එමෙන්ම අනෙකුත් ක්‍රම ඔස්සේ සුව කල නොහැකි නිධන් ගත රෝග පවා මේ රසදිය වෙනත් ද්‍රව්‍ය සමග මුසු කොට නිපදවන රසායනික දියර මගින් සුව කල හැකි බව රාවණයන් ගේ වෙදකමේ තිබූ සුවිශේෂී ලක්ෂණ වේ.


රාවණයන්ට අනුව සාම සියලු ලෝහයක්ම මිනිසාට විෂ සහිත වන අතර ඒවා පවිත්‍ර තත්වයට ගෙන එම තුළින් ඒවා මිනිසාට මනා ලෙස වෙදකම්කිරීම සදහා යොදා ගත හැකි බව පැවසේ. රන් රිදී හා තබා වැනි ලෝහ වර්ග පවිත්‍ර කරගැනීමේදී ඒවා ගිනිගසා රත් පහ වීමෙන් අනතුරුව ගව මුත්‍ර, තල තෙල් , මෝරු හා විනාකිරි ආදියෙහි සත් වාරයක් බහා ගැනීම තුළින් ඒ සියලුම ලෝහ වර්ගයන් පවිත්‍ර කරගත හැකි වෙයි. මෙසේ බැලු කල හෙළ රාවණයන් ලොවට දායාද කල රස ශාස්ත්‍රය ඇතුළුව සමස්ත හෙළ ආයුර්වේද ක්‍රමයන්ට ලන්වීමටවත් වර්තමාන වෙදකමට තව අවුරුදු සියයකට වුවත් කල නොහැක්කක් බව කරුණු සිහි නුවනින් විමසා බලන්නාවූ සියලුම දෙනාට පෙනී යන කරුණකි.


මූලාශ්‍ර - කාංචන මනමේන්ද්‍ර මහතාගේ ලිපි සහ මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ පර්යේෂණ ඔස්සේ ලියවුනු රාවණවත ග්‍රන්ථය ඇසුරෙනි.

 
  • Like
Reactions: thilina.rp

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔය පොතේ ඩිජිට්ල් එකක් නැද්ද බන්.. ඔන්ලයින් කියවන්න් වගේ ලේස් එකක්. පොඩි ගානක් ගෙවලා හරි.. මම ඇපල් එකෙයි ඇමසොන් එකෙයි බැලුවා ඒත් නැ.
 

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
ජාතිකේ වෙද මහත්තයෙකුත් රාවණ රහස් වලින් පිලිකා හොඳ කරනවා කියලා ඇහුනා වගේ මතකයි
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Rasadiya kiyanne godak dangerous lohayak, rasadiya anagata yanna honda ne, oya godak kidney leda (rajarata palth wala) hedenne bona wathuara walata rasadiya kalawam wela, anga athulata gihilla.
    Rasadiya inject karala oni gahak maranna puluwan.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔය පොතේ ඩිජිට්ල් එකක් නැද්ද බන්.. ඔන්ලයින් කියවන්න් වගේ ලේස් එකක්. පොඩි ගානක් ගෙවලා හරි.. මම ඇපල් එකෙයි ඇමසොන් එකෙයි බැලුවා ඒත් නැ.



    මං දන්න තරමින් නැහැ මචං..මාත් අර්ටිකල් හොයාගෙන කියවන්නෙ... will see
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රසදිය කියන්නේ විෂ ලෝහයක් නේ බන්.:eek:


    රස දිය ඒ විදිහටම භාවිතයට ගැනීමක් සිදුකරන්නෙ නැහැ මේ ලිපියෙත් සදහන් වෙන විදිහට ඒ දේවල් සිදුකරන ක්‍රමවේදයක් ගැනත් සදහන් වෙනවා..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :) TFS

    rawana raju hitiya kiyala oppu karanna ay ban kisima sakshiyak neththe :( ara pothata anuwanam kiyanawa sakshi okkoma nethikala kiyala.