පුරාවස්තුවලට පුරාවුර්ත වලට තරම් ආයුෂ නැත. ඇතැම් පුරාවුර්ත ඔප්පු කරන්න සාක්ෂි ජිවිත කාලයක් හෙව්වත් හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණා කියල ඒවා බොරුයි කියල අහක දාන එක අපරාදයක් කියලයි මට හිතෙන්නේ. පෞද්ගලිකව රාවණා හෝ දඬුමොණර යන්ත්‍ර ගැන මම විශ්වාස නොකරත් ඒවා බොරු කියල බැහැර කරන්න අකමැති ඒක නිසා.
බුදුවරු විසි අට ගැන කතා කරනවානම්, බෞද්ධ පොතපතේ සඳහන් වෙන්නෙ බුදුවරයෙක් පහල වෙන්නෙ කල්පයකට වරක්. ධර්මය අවබෝධ කරන්න පුළුවන් ජීවි කොට්ටාශයක් බිහි වෙනකං බුදුවරයෙක් පහල වෙන්නෙ නෑ. මගේ පෞද්ගලික විශ්වාසය අනුව මේ ලෝකේ දැන් ඉන්න හෝමෝ සේපියන් මානවයා පරිනාමයට පෙර මේ ලෝකේ වෙනත් ජීවින් ප්‍රාථමික මට්ටමෙන් බිහි වෙලා පරිනාමය උනාද ඊට පස්සේ පෘථිවියේ ජිවය නැතිවෙලා ආයෙ අලුතින් බිහි වුනාද කියලා කියන්න බැහැ. අද අපි මේ දකින්නේ මේ පෘථිවියේ මුල්ම ජීවි පරිණාම ක්රියාවලියද කියල කියන්න විදියක් නෑ.
එකම දේ අද අපේ දැනුම දවසෙන් දවස අලුත් වෙන වෙනස් වෙන විද්‍යාත්මක දැනුම නිසා ඉතාම ලඝු වෙලා තියෙන්නේ. පෞද්ගලිකව මම දෙයක් බැහැර කරන්නෙ ඒකෙන් සමාජීය හානියක් හෝ වෙනත් අකටයුත්තක් වෙනවනම් විතරයි.