රාවණා රජු ගැන යමක්..

Lakshan Helawijaya

Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    ලබන සතියේ පෙන්නයි ඇල්ල වැල්ලවාය පාරේ යද්දී රාවනා ඇල්ලට ටිකක් උඩින් පාරට උඩින් ගලක ඇදපු චිත්‍රයක් තියෙනවා. එකේ තියෙන්නේ රජ කෙනෙක් හරි දෙවි කෙනෙක්ගේ හරි චිත්‍රයක් ඉස්සර ගොඩක් පැහැදිලිව තිබ්බ දැන් ගොඩක් මැකිලා ගිහිල්ල. ඒ දවස් වලම ඕක දැක්කම හිතුන මොකක් හරි වටිනා දෙයක් තමයි කියල

    ah ela mchn nxt week balanna one... owa godak watinawa bn...
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    මම බෙනා;19276322 said:
    ඊයෙ වෙනසෙ හොඳ වැඩසටහනක් ගියා රාවණා රජු ගැන..ඊලඟ සතියෙත් යනවා.. :)

    ela mchan thnx.. nxt week balannam... :):):):)
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    තව දෙයක් ,
    මහාවංශය කියන්නේ පස්සේ කාලෙක ලියපු පොතක් කියලා මතක තියාගන්න.
    වැඩිපුර හොයන්න ඔනිනම් හෙල අටුවා ගැන හොයලා බලන්න..
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    තව දෙයක් ,
    මහාවංශය කියන්නේ පස්සේ කාලෙක ලියපු පොතක් කියලා මතක තියාගන්න.
    වැඩිපුර හොයන්න ඔනිනම් හෙල අටුවා ගැන හොයලා බලන්න..
    ahhh eka gnna tyenne koheda bn
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ත්‍රිපිටකයට අමතරව අප මාහා අමා මෑණි බුදුරජාණන් වහන්සේ ගැන සදහන් වී ඇත්තේ මහාවංශය හා දීපවංශයේ පමණි.

    මහසෙන් රජ සමයේ සිංහෙලෙන් රචනා කරන ලද මහාවංශය (හෙළ මහාවංශය) හා දීපවංශය (හෙළ දීපවංශය) ඉන් අවුරුදු 350 කට පමණ පසු පාළියට පරිවර්තනය කරන ලදී. දැන් අප බාවිතා කරන්නේ එසේ පාළියට පරිවර්තනය කරන ලද අපේ ඉතිහාසය විකෘතී කරන ලද ලද මහාවංශය හා දීපවංශය වේ.

    එසේ වන්නේ සිංහලෙන් ලියන ලද හෙළ මහාවංශය හා හෙළ දීපවංශය මහාවිහාරය ගිනි තැබීමත් සමග විනාස වූ නිසාය (ඇත්තු හත් දෙනෙක් උසට තිබු පුස්කොල පොත් විනාස කරන ලදී ). හෙළ මහාවංශය හා හෙළ දීපවංශය ලියු යුගයේම ලියන ලද තවත් වැදගත් පොතක් ඇත.

    එයනම් දේව හෙළය නැතහොත් හෙළ උත්තර වංශය නමැති බුද්ධ ධර්මයේ ඉතිහාසය අඩංගු පොතකි. මෙම පොතේ අනුරාධපුර ඉතිහාසයත් ඊට පෙර යුගන්හි පැවති හෙළ රාජධානී ගැනත් යම් යම් තොරතුරු සඳහන් කර ඇත. මෙම පොත පිළිබඳ අවසන් සාක්ෂිය ලැබෙන්නේ මහනුවර යුගයේ රචනා කරන ලද රාජාවලියෙනි. ඒ සමයේ උත්තර වංශයේ පුස්කොල පිටපතක් තිබී ඇති අතර ඉන්පසුව එය අස්ථාන ගතවී ඇත. මේ ඉතිහාස පොත හිතාමතාම අස්ථාන, ගත කළේද, විනාශ කර දැමුවේද, යන්න අපට තවමත් හිතාගත නොහැකිය.
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    හෙල අ‍ටුවා පාලියට පෙරලීම මහා භාරතය විසින් අපට සිදුකරන ලද තවත් සාපරාධී ක්‍රියාවකි.

    හෙල අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා හෙලදිවට පැමිනෙන්නේ බුද්ධ ඝෝෂනම් භික්ශුවකි.
    අවසානයේ බුදධ ඝෝෂ හිමියන් හෙල අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. නමුත් එයට මහානාම රජු විරුද්ධ වූ බවද අපට ඉතිහාසයේ පෙන්වා දෙයි.

    හෙල අ‍ටුවා පරිවර්තනය කල බුද්ධඝෝෂ හිමි නිකන් සිටියේ නැත. මාගධී නිරුක්ති විස්තර කර තිබූ හෙල අ‍ටුවා ඇත්තුහත් දෙනෙකු උසට ගොඩ ගසා ගිනි ගෙන විනාශ වීමට සලස්වා රටින් පැන ගියේය. එහෙත් ඔහු විසින් රචිත ග්‍රන්ථයන්ට කිසිදු හානියක් නොවන ලෙස ඉතිරි කිරීමටද අමතක නොකලේය. රහතුවහන්සේලාගේ ආභාෂය සහිතව ලියූ අ‍ටුවා විනාශ වීමෙන් පසු ඉතිරි වූයේ පෘතග්ජනයෙකු ලියූ ග්‍රන්ථ කීපය පමනි. අවසානයේ මහාවිහාරයටද හිමි වූයේ අවාසනාවන්ත ඉරනමකි. සියලු වටිනා දේ මහාවිහාරයෙන් ඈත්විය. අවසානයේ මහාවිහාරය සමතලා කර එහි උදු වැපිරු බවද සදහන්ය. බමුනන්ගේ ඒ උපක්‍රමය සාර්ථකවන්නේ එලෙසය. බුද්ධ ඝෝෂ හිමියන්ට අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමට ඉඩදුන් ස්වාමීන්වහන්සේලා අපේ හෙල අ‍ටුවා වලට මෙවන් ඛේදනීය තත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

    මේ හෙල අ‍ටුවා විනාශ කිරීමේ කාර්යට මහානාම හිමියන්ද උඩගෙඩි දී ඇතිබව මහාවංශයෙන් ඔහු කරන විග්‍රහයේදී පැහැදිලිය. හෙල අ‍ටුවා ගැන හෝ ඒවා ලියූ අ‍ටුවාචරීන්වහන්සේලා පිලිබදව මහාවංශයේ හෙලිකර නැත. නමුත් ඒවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමි පිලිබදවනම් මහා වරුනාවක් ලියා ඇත. හෙල අ‍ටුවා ගැන සදහන් කිරීම කෙසේ වෙතත් භික්ශුවක් වූ මහානාම හිමියන්ට ත්‍රිපිටකයට වඩා වැදගත් වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්වය. අනාදිමත් කාලයක පටන් මුඛපරම්පරාවෙන් ගෙන ආ ත්‍රිපිටක ධර්මය අලුලෙනේදී ග්‍රන්ථාරූඪ කර ඇතිබව අප දනිමු. මහාවංශ කතුවරයා බුද්ධඝෝෂ හිමි පිලිබදව බොහෝ ඉඩ වෙන් කලද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම වැනි උතුම් කටයුත්ත සදහන් කිරීමට හේ යොදාගෙන ඇත්තේ ගාථා දෙකක් පමනි.

    (100)පිටකත්තයපාලිං ච තස්ස අට්ථකථම්පි ච
    මුඛපාඨෙන ආනෙසුං පුබ්බේ භික්ඛුමහාමතී

    (101)හානිං දිස්වාන සත්තානං තදා භික්ඛු සමාගතා
    චිරට්ඨිතත්ථං ධම්මස්ස පොත්ථ කේසු ලිඛපයුං

    ත්‍රිපිටකය පාලියද එහි අර්ථකථාව ද මහා ප්‍රයා ඇති පූර්වික භික්ශුහු මුඛ පාඨයෙන් ගෙන ආවෝය. එකල් වැසි වූ භික්ශුහු සත්වයන්ගේ පරිහානි දැක ධර්මයාගේ චිරස්ථිතිය ඇතිවනු පිනිස පොත්හි ලියවූහ.
    (92 පිට)

    මහාවංශයට මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම කෙතරම් නොවැදගත් දෙයක් වූවාද කියතොත් ග්‍රන්ථාරූඪ කිරීම සිදුකල ස්ථානයද සදහන් කල නොමැත. එසේම කුමන රාජ සමයකදීද,කාගේ අනුග්‍රහය යටතේද යන්නද සදහන් කල නොහැක.
     
    Last edited: