රාවණා රජ

නවතම කරුණු අනුව සීතා දෙවියත් රාවණාගේ සොයුරියක් ලෙස ඇතැමුන් කරුණු දක්වයි


මේ කතාව කිව්වේ අර සමන්ත බද්‍ර ගේ කනට කොඳුරා ඉතිහාසේ කියපු ගන්ධබ්බයාද ?
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපේ රටේ ඕන එකෙක්ට ඕනි බොරුවක් කියන්න පුළුවන්
    කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් තොරව ඕනිම බොරුවක්
    හිස්මුදුනින් පිළිගෙන සාධු සාධු කියන මෝඩ හැත්තක් අපේ රටේ
    ඉන්නවා
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අපේ රටේ ඕන එකෙක්ට ඕනි බොරුවක් කියන්න පුළුවන්
    කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් තොරව ඕනිම බොරුවක්
    හිස්මුදුනින් පිළිගෙන සාධු සාධු කියන මෝඩ හැත්තක් අපේ රටේ
    ඉන්නවා

    ඉතිහාසයේ බොහෝ දේ පැවැත එන්නේ කටවහරින්
    ඒ දේ තුල තමයි මිනිසා විද්‍යාත්මක ගවේෂන්යකට පෙලබෙන්නේ
    මේ තුල තියෙන 100% ඇත්ත නොවෙන්න පුළුවන්
    හැබැයි කණගාටුවකට කරුණ මේ දේවල්
    ගවේෂණය නොකරන එකයි
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Last week mawbima paththaraya balapan eke thiyenawa negitta wanna oni hema deyakma

    මමත් කියෙව්ව මේ ලගකදි කොහොමද නැගිට්ටවන්නෙ කියල.රාවනා රජතුමා රාමා විද්ද හීයෙන් සිහි නැතිවුනා විතරයි කියල තමයි කියන්නෙ. රාවනා රජතුමාව පියවි සිහියට ගන්න කරන්න ඕන දේවල් වලින් ටිකක් මට මතකයි..:rolleyes::rolleyes:
    …
    …පොඩි කාලෙ ඉඳන් මස් මාලු නොකාපු ධර්මයට අනුව හැදුනු පුද්ගලයන් 1000දෙනෙක් සුදු මල් දෝතින් අරන් යම් සූත්‍රයක් 1000වාරයක් කියමින් ගිහින් යම් තැනක තියෙන රන් කඩුවක් අරන් එයින් (මතක නෑ බං) :confused::confused:

    e-mail එකකින් ද කොහෙද ආවෙ.. හොයල බලල මගෙ sent items වල දාන්නම්.. :yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
    සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
    සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්
    කට වහරට කියපු කතාද
    කට පුන්චානන්ද
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ගිය සතියේ බ්‍රහස්පතින්දා අපේ කැම්පස් එකට ආචාර්ය සුරිය ගුණසේකර අවා ඔය topic(විජයට කලින් අපේ ඉතිහාසේ හංගන්නේ ඓ) එක ගැන lecture එකකට.මන් කවදාවත් visiting lecture එකකට දැකල නැති සෙනගක් හිටිය එකට .
    රජ්ජුරුවෝ ගැන වැඩිම විස්තරත් තියෙන්නේ රාවණ රජතුමා ගැන එත් වැඩියෙන්ම තොරතුරු හන්ගන්නෙත් එය ගැනමි,එකටනම් ගොඩක් හේතු වෙන්නේ පිට ටරවල එඋන් කැමැති නේ ලංකාවේ එච්චර වැඩ කාරයෙක් හිටිය කියල පිළිගන්න,ඒ නිසාම එඋන් ඕව උඩට එන්ඩ දෙන්නේ නැතුව වහල දානවා ඇත්ත දන්නවා උනත්.
    අපේ ගොඩක් scientislath වෙන රටවල් වලින් Phd ගත්ත එඋන් නිසා උනුත් මේක දකින්නේ මිත්‍යාවක් විදියට
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මමත් කියෙව්ව මේ ලගකදි කොහොමද නැගිට්ටවන්නෙ කියල.රාවනා රජතුමා රාමා විද්ද හීයෙන් සිහි නැතිවුනා විතරයි කියල තමයි කියන්නෙ. රාවනා රජතුමාව පියවි සිහියට ගන්න කරන්න ඕන දේවල් වලින් ටිකක් මට මතකයි..:rolleyes::rolleyes:

    …පොඩි කාලෙ ඉඳන් මස් මාලු නොකාපු ධර්මයට අනුව හැදුනු පුද්ගලයන් 1000දෙනෙක් සුදු මල් දෝතින් අරන් යම් සූත්‍රයක් 1000වාරයක් කියමින් ගිහින් යම් තැනක තියෙන රන් කඩුවක් අරන් එයින් (මතක නෑ බං) :confused::confused:
    e-mail එකකින් ද කොහෙද ආවෙ.. හොයල බලල මගෙ sent items වල දාන්නම්.. :yes::yes::yes::yes:
    me thiyenne niyama katawaharawal maru:lol::lol::lol:
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
    සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
    සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්
    කට වහරට කියපු කතාද
    කට පුන්චානන්ද


    උබ දන්නවද මේ ලෝකේ වැඩියෙන් තියෙන්නේ science වලින් ඔප්පු කරන්ඩ බැරි දේවල් බව??????:oo::oo::oo:
    science වලට හොයාගන්ඩ බැරි දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා:lol::lol:
    .
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    579047_440575582624930_183488891666935_1904669_1847651673_n.jpg


    ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ "මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි ලැබෙන බවත් දීර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවණා රජ තෙමේ භාවනා කීරීම පිණිස හිමාල වනයේ මහා දභගස් අරණට යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්තයක සදහන්වේ.
    මෙම පුවතේ සත්යය අසත්තාවය කොතෙනෙක්දැයි අපි නොදනිමි. දැනට සියවස් පහකට පමණ පෙරලියා ඇති මෙම පුස්කොළ සටහන ඉට පෙර ලියා තිබුණ රන් පතී ඊරුවලින් උපුටාගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.
    රාවණා රජතුමාගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එලියේ හක්ගල කද්බැවුමෙ පතොක් උයන මැද ඉතා ගවුරවනීය ලෙස තැන්පත් කර ඇති බැවත්, එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභිෂණ රජු විසින් බවත්ද එහි සදහන්ය. රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම මෙම රන් මිරිවැඩි සගල අවුරුදු 95 ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනක තබාගෙන පැමින ශ්‍රි දේහය අසල තැබිය යුතු බවත් එම පතිරුවල වැඩිදුරටත් සදහන්වේ.
    හග්ගල තිබෙන මෙම රන් මිරිවැඩි සගල නිධානය ලබා බැනීම සදහා කිසිදු බිලිපුජාවක් ඕන නැතිබවත්, එයට සහාභගි වන තැනැත්තා මස් මාන්ෂ බක්ෂණයෙන් තොර වයස අවුරුදු 50 ඉක්ම වු පුද්ගලයෙක් විය යුතු බවත් එහි සදහන්වේ.
    මේ සියල්ලටම පෙර හක්ගල කදු මුදුනේ තුන්මන් හන්දියේ ගල් කුලක සගවා තිබෙන"පසින්ගල් මාණික්කය" ගත යුතුව ඇත. එම මාණික්කය අතට ගත යුත්තේ මුලින්ම රාවණ ආකර්ෂණ මන්තරයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා රතු මල් දමක් එම ගිරිකුළ අසල තබා පුද පුජා කළ යුතුය.එවිට සෙයිලමය මන්ජුසාව විවුත වනු ඇත.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දැත් වසාගෙන එම ගෝලාකාර පසින්ගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කළ යුතුය. මෙම කටයුතු සදහා බිලි පිදිම සම්පුර්ණයෙන්ම තහනම්ය.
    රාවණා දේහය සොයා ආරම්භ කිරිමේ පළමුවැනි පියවර වී ඇත්තේ මෙම පසින්ගල් මැණික සොයා ගැනීමයි. එය කිසිවිට නිධන් හොරුන්ට කළ නොහැකි ක්‍රිරියාවක් වන්නේ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයින් 108 දෙනෙක් සුදූ මල් වට්ටි එක බැගින් ගෙන කරණීයමෙත්ත සූත්‍රය ස්ජ්ජායනා කරමින් ලග්ගල කදු තරණය සදහා ඇසළ පසළොස්වක දිනය පිටත් විය යුතු බැවිනි.
    මෙම පසින්ගල් මැණික සමන් මල් යහනක තබා රාවණා ආකර්ෂණ මන්තරයෙන් ජප කරන විට රාවණාගේ රන් මිරිවැඩිසගල ලබා ගන්නා ක්‍රමයත්, මෙම මාණික්කය රත්නය තුළින් පෙනෙන බැව් සිද්ධ රාජ පති ඉ රුවල සදහන්ව තිබේ.
    රාවණා අදිරාජයාගේ රන්,රීදි,මුතු මැණික් සතර මහ නිදානයද රාවණාගල(වත්මන් රාගල) කන්දේ සෙයිලම මන්ජුසාවක් තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව එක් පුද්ගලයකුගේ පරිබෝජනයට පත් නෝකළ යුතු බවත් එම වස්තුව රෝහණ ප්‍රදේසයේ,සබරගමුවේ සහා මදයම කදුකරයේ සන්වර්දන කටයුතු සදකා යෙදිය යුතු බැව් පැවසේ,මෙම පුස්කොළ ග්‍රන්තයේ සදහන් බෝහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි දෙවල් ලෙස එක්වරම පෙනී යන නමුත් එහි සත්තයක් ඇත.
    නමත්, කවරදා හෝ යම් දිනක කෙසේ හෝ මෙම කරුණු සිදුවනු ඇතැයි සිද්ද රාජ පත් ඉ රුවල පැවැසේ.
    වර්ෂ දහස් ගණනකට පෙර යුද්දයෙන් මියගිය රාවණා රජතුමාට නැවත පණ ලැබීම විස්වාස කළ නෙහැකි කතාවකි. නමුත්, රාවණ රජතුමා කිසිදිනක කිසිවෙක් අතින මියනොයෙන බවට මහ බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂයා බැව් අප අමතක නොකළ යුතුය.රාවණ දේවත්වයට සමීප වු මිනිසෙකි.
    "රාම - රාවණ මහා සන්ග්‍රාමයේදී සිදුවී තිබෙන්නේ රාවණා රජු මියයැම නොව විෂ හී සැරයෙන් සිහිමුර්ජාවීම බවත්,රාවණා නැවත පණ ලබන්නේ මහා බ්‍රාහ්මයාගේ ආශිර්වාදයෙන් බවත් සිද්ද රාජ පත් ඉ රුවල සදහන් වී තිබේ. රාවණා රජු යුද්දයෙදි මිය නොගිය බැව් සදහන් කරන රාවණ කතා පුස්කොළ ග්‍රන්තයද පවසන්නේ රාම රාවණා ගැටුමෙන් රාවණා මිය නොගිය අතර සිහිමුර්ජා වු රාවණා සිරුර මහකුඩුගල ගිරි ශිඛරයේ සෙයිලමය මන්ජුසාවක තැන්පත් කළ බවකි"
    :D:D:D:D:yes::yes::yes::eek:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    රාවණ රජු මිත්‍යාවක් ද?

    දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී “රාවණ” යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක් වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයකු සිටිය බව සොයා ගැනීමට පුළුවන. රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.


    මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත. මෙයින් එක් එක් කවිය යොදා ගනිමින් ක්‍රි.ව. 1955 දී පී.ඊ.පී. දැරණියගල මහතා කෘතියක් සම්පාදනය කරන ලදී.


    මන්දාරම්පුර පුවත අනුව එකල මෙරට රජවරු රාවණ රජතුමාට අයත් වූ රාවණ කොඩිය පෙරටු කර ගෙන යුද්ධයට ගිය අයුරු එහි දැක්වේ. එහි දැක්වෙන කවි කිහිපයක් පහත සඳහන් වේ.



    යළි දෙනුවර සිවුසිය පත්තු මහ ද න

    මහ කොඩි පෙරමුණට ගෙන ඊළඟ ගම න

    “රාවණ කොඩිය” සිහසුන් කොඩිය ද රැගෙ න
    හේවාහැට දුම්බර සෙන් විය ගම න



    සිහසුන් “රාවණ දජ” ගෙන අසු පිටි න

    දෙසියක් සෙබළු මර කළ සිට තුන්පෙළි න

    පුවක්ගොල්ල, පුස්සල මැතිවරු දෙදෙ න
    මාවත් දෙකේ වාසල මුර ගත එමෙ න



    දෙසීයක් බළ සෙනඟ පෙළ පෙළ යොදවමි න

    පුවක්ගොල්ල - පුස්සල මැතිවරු දෙදෙ න

    සිහසුන “රාවණ දජ” පෙරටු කරමි න
    අස්වාහන නැග ඊළඟ වියගම න



    එකල මෙලක පසදු වීරසූරිය සහ පුස්සල මැ ති

    විමල යසැති දිවාරත්න - හළුවඩනා මැතිදු බලැ ති

    පබල මැතිදු රත්නායක - අඹගහතැන්නේ විකුමැ ති
    “රවුළු දදය” නගා ගියහ - පන්සැන්ත බලසෙන්යු ති


    අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.



    “රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි

    රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ”
    (මහාවය-පි.64-පරි 42)


    නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන “ලංකාවකතාර සූත්‍ර” යේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පකයානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ. (ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න) මෙම පුෂ්පකයානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.



    “හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත:

    ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම්

    භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා

    අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා”
    (මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)


    රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය. (රාජාවලිය ඒ.වී. සුරවීර සංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)


    රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත. “දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපි” නමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.


    මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ “ශෝණ” කරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත. (එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න) රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර “රාවණගම” විය. මේ ගැන වත්මන් කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාද හොඳින් දනී. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව “ඌව දනව්ව” පොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.


    ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය. (ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු) එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරිස් ලේක්’ යැයි නම් කර තිබේ.


    කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය ‘පාලුගම’ වූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් “රාමලංකාව” යනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.


    රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය. (මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687) රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය. මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. එම වැඩසටහන සඳහා මා ඇතුළු පිරිසක් සහභාගි විය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ > යක්කැලේ > යක්කල ලෙස ව්‍යවහාර වේ.


    රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි. (ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005) ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.


    විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.



    “පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ”
    (‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්’ ග්‍රන්ථයේ - 25 පිට)


    පරුමික (ප්‍රධාන හෝ පූර්ව මුකය) රවණ (රාවණ) ඣිති (දියණිය) ශොහිලි (ශොහිලි නම් නාමයකි) ලෙණෙ (ලෙන) ශගශ (සංඝයාට).


    මේ අනුව රාවණ රජු, ඉන්ද්‍රජිත්, මකර, ශොහිලි යන රාවණට බැ‍ඳෙන සියල්ලෝ ම බෞද්ධයෝ ය. මෙම කතාව ලෝක ඉතිහාසයෙන් ඉවත් කිරීම කෙසේ සිදුවුණි ද යන්නත් අප නොදනී. විමසීම නූතන බුද්ධිමතුන්ට අපි බාර කරමු.


    රාවණ රජු සොයා ගැනීමට සහ එය රට තුළ ස්ථාපිත කිරීමට මෙය අප කරන සටනකි. මෙය ‘රාවණ හටන’ යි. පෙර ද රාවණ හටන යන නමින් ලියැවුණු පුස්කොල පොතක් ඇත. එහි සඳහන් හතර පදයක් පහත සඳහන් වේ.



    බිසවුන් මාලිගෙ ඇතුළට යන් නේ

    එතකොට දෙවියෝ සාදු කියන් නේ

    මාලිගෙ ඇතුලේ ගොසින් සිටින් නේ

    හනුමන්තා දෙනු මොකද අසන් නේ
    (Hugh Nevill – Sinhalese Verse-97)


    නූතන කාව්‍ය සාහිත්‍යයේ සඳහන් වන්නේ වලවේ ගඟ සමනළ කන්දේ සිට ගලා බස්නා බවකි. එහෙත් එය වැරැදි ය. වලවේ ගඟ ගලා බසින්නේ සමනළ කන්දෙන් නොව රාවණ රජුගේ මාළිගය තිබූ රාවණ කන්දෙනි.
    :confused::confused::confused:

    by ෴ Buddha's Truth is With Us ෴ on Facebook
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය. (ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු) එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරිස් ලේක්’ යැයි නම් කර තිබේ.


    Uduhawara Yanu mage gam piyasayi
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    me thiyenne niyama katawaharawal maru:lol::lol::lol:

    මූ තාමත් විශ්වාස කරන්නේ ලෝකේ තියෙන ලොකුම වැඩේ
    පිරමීඩ හදපු එක කියලා. ඒ වෙනුවෙන් පෙනී ඉදීම තමයි උඹ ඔය කරන්නේ

    :angry::angry::angry::angry::angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබ දන්නවද මේ ලෝකේ වැඩියෙන් තියෙන්නේ science වලින් ඔප්පු කරන්ඩ බැරි දේවල් බව??????:oo::oo::oo:
    science වලට හොයාගන්ඩ බැරි දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා:lol::lol:.

    කව්ද science එකක් ගැන කතා කරේ ඇහුවේ මේවා
    රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
    සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
    සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්
    කට වහරට කියපු කතාද
    කට පුන්චානන්ද
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මූ තාමත් විශ්වාස කරන්නේ ලෝකේ තියෙන ලොකුම වැඩේ
    පිරමීඩ හදපු එක කියලා. ඒ වෙනුවෙන් පෙනී ඉදීම තමයි උඹ ඔය කරන්නේ
    :angry::angry::angry::angry::angry:

    උට mail එක එවල තියෙන්නේ මහා බ්‍රහ්මය :D
    රාවණ පිළිබද විශ්වාසයක් තිබුනට
    ඒ අනුසාරයෙන් ගොඩනගපු බෛල පිළිබද ත්
    බෛල කෙලන එවුන් පිලිබදත් තියෙන්නේ
    පිළිකුලක්
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    අපේ රටේ ඕන එකෙක්ට ඕනි බොරුවක් කියන්න පුළුවන්
    කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් තොරව ඕනිම බොරුවක්
    හිස්මුදුනින් පිළිගෙන සාධු සාධු කියන මෝඩ හැත්තක් අපේ රටේ
    ඉන්නවා


    සදු සදු කියන්නේ විශ්වාසෙට මිසක් විද්‍යාත්මක සාක්ෂි ඔප්පු කිරීම් වලට නෙවි.:P:P:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මූ තාමත් විශ්වාස කරන්නේ ලෝකේ තියෙන ලොකුම වැඩේ
    පිරමීඩ හදපු එක කියලා. ඒ වෙනුවෙන් පෙනී ඉදීම තමයි උඹ ඔය කරන්නේ

    :angry::angry::angry::angry::angry:

    piramida wagema Seegiriya hadapu ekath loku wadak thama.... habai ehema kiyala me kohewath nathi Rawanek wa oluwauda thiyagena yana eka ape ratatath karana nawa ningirawak...
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කව්ද science එකක් ගැන කතා කරේ ඇහුවේ මේවා
    රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
    සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
    සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්
    කට වහරට කියපු කතාද
    කට පුන්චානන්ද

    අනේ බං... උඹ නොදන්න මගුල කට වහන් ඉඳින්...
    :P:P:frown: