රාවණා - සීතා පුවත
සීතාවනී, ඔබ හැඩ රුව ඇති බව
දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව
මේවනාහි දැනට දශක හතරකට පහකට ඉහත දී අපට නිතර ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණු රසවත් ගීතයකි. ගායන ශිල්පී වින්සන්ට් පේ‍්‍රමසිරි ගැයූ මේ ගීතය ප්රාග් ඓතිහාසික යුගයේ ලක්දිව විසූ ශ්‍රේෂ්ඨතම නරපතියා වශයෙන් සැලැකෙන රාවණා රජු තමා විසින් පැහැරගෙන එනු ලැබු සීතා දේවියට කරන ආමන්ත්‍රණයක ස්වරූපය ගනී. මේ ආමන්ත්‍රණය මෙහි දී අපට වැදගත් වනුයේ ඉන් ප්‍රකාශ කැරෙන අදහසට පදනම් වු විශ්වාසය නිසා ය.
රාවණා - සීතා පුවත ගැන පවතින විශ්වාසය දෙයාකාර ය. ඇතැමකු විශ්වාස කරනුයේ අයෝධ්‍යාවේ දණ්ඩක වනයේ සිට දඬුමොනරයෙන් පැහැරගෙන එනු ලැබීමෙන් පසු රාවණා රජු සීතා දේවිය අනියම් බිරියක ලෙස තබා ගන්නට ඇති බව ය.
සීතා වැනි අසාමාන්‍ය සුරූපියකට රාවණා වැන්නකුගෙන් ගැලැවීමක් ලැබිය නොහැකි බව ඔවුන්ගේ විශ්වාසය යි. ඊට ප්‍රතිවිරුද්ධ විශ්වාසය නම් පතිවෘතාවේ සංකේතය බවට පත්ව ඇති සීතා දේවියට රාවණාගෙන් කිසිදු ගැහැටක් සිදුනොවූ බවය.
මෙහි යථා තත්ත්වය විමසීමට පෙර අපේ අවධානය යොමු විය යුත්තේ සීතා දේවිය පැහැරගෙන ඒමට රාවණා රජු පෙළඹ වූ හේතුව පිළිබඳව ය. රාවණා රජු, සීතා දේවිය, රාම - රාවණා යුද්ධය වැනි දේ පිළිබඳ විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන ප්‍රධාන මුලාශ්‍ර වනුයේ රාමායනය හා මහාභාරතය යි. රාම - රාවණා සටනේ දී රාමා විසින් රාවණා මරණයට පත්කරන ලද්්දේ ක්‍රි.පූ. 2387 දී බව මහා භාරතයෙහි සඳහන්ය.
යුද්ධයට හේතු වූයේ රාවණා විසින් සීතා පැහැරගෙන එනු ලැබීම වූව ද රාවණා එවැන්නක් කළේ ඊට සුදුසු හේතුවක් ඇතිවය. එනම් රාමාගේ බාල සොයුරු ලක්ෂමණා විසින් රාවණාගේ නැඟණිය වූ සුපර්නිකාගේ නාසය කපා දමා ඇය විරූපී කරනු ලැබීමය.
‘දසිස්’ යනු රාවණාට යෙදුණු වෙනත් නමකි. ඉන් අදහස් කරනුයේ ඔහුට හිස් දසයක් තිබූ බව නො වේ. ‘දසිස්’ යන්න දෙයාකාරයකට අර්ථ කථනය කොට ඇත. වෛද්‍ය විද්‍යාව, නක්ෂස්ත්රය, තාරකා විද්‍යාව, සංගීතය, නර්තනය, කාව්‍ය ශාස්ත්‍රය, ගුප්ත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර, යුධ ශිල්පය සහ පරිපාලනය යන දස විධ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව ඔහු තුළ වූ නිපුණත්වය නිසා ඔහු ‘දසිස්’ නමින් හැඳින්වුණු බව එක් මතයකි.
රාවණා යටතේ රටවල් දහයක් පාලනය වූ නිසා ඔහු එනමින් හැඳින්වුණු බව අනෙක් මතය යි. දකුණු ඉන්දියාවේ දණ්ඩක ප්‍රදේශය ද පාලනය වූයේ රාවණා යටතේ ය.
රාවණා විසින් දණ්ඩක ප්‍රදේශයේ පාලන කටයුතු බාර කරන ලද්දේ ඔහුගේ නැඟණිය වූ සුපර්නිකාට ය. රූමත් වැන්දඹුවක වූ ඇයට වරක් දණ්ඩක වනයේ දී රාම කුමරු මුණ ගැසුණි. රාමාගේ කඩවසම් පෞරුෂත්වයෙන් හා හැඩ රුවින් වශී වූ සුපර්නිකා ඔහුගේ පේ‍්‍රමය අයැද සිටියා ය. ඊට අවනත නො වූ රාමා ඇයට යෝජනා කළේ සිය මලනුවන් වූ ලක්ෂ්මණාගේ පේ‍්‍රමය දිනාගන්නා ලෙසට ය.
රාමාගේ යෝජනාව නිසා ඉමහත් උද්දාමයට පත් සුපර්නිකා නොපමාව ම ලක්ෂ්මණා සොයා ගියා ය. රාමාට නො දෙවැනි හැඩ රුවින් යුත් ලක්ෂ්මණා දුටු ඇය තමාට පෙම් කරන ලෙස ඔහුට ඇවිටිලි කළා ය. නපුංසකයකු වූ ලක්ෂ්මනා ඇගේ ආයාචනයෙන් බලවත් සේ කෝප විය. සුපර්නිකා ඔහුගේ පේ‍්‍රමය අයැද සිටියේ ඔහු නපුංසකයකු බව නොදැන වූවද ලක්ෂ්මණා සිතුවේ එය ඔහුට කළ සමච්චලයක් ලෙසට ය. වහා කඩුව අතට ගත් හෙතෙම සුපර්නිකාගේ නාසය කපා දැම්මේය.
නොපමා ව ම ආපසු ලංකාවට පැමිණි සුපර්නිකා සිදු වූ අතවරය ගැන රාවණා රජුට සැල කළාය. නාසය සිඳ විරූපී කරන ලද සිය නැඟණියගේ මුහුණ දුටු ඔහු තුළ රාමා සහ ලක්ෂ්මණා කෙරෙහි ඇති වූයේ අඝාත වෛරයකි. එය තමාට ද කරන ලද අවමානයක් සේ සැලැකූ රාවණා සිය දඬු මොනරයෙන් වහා ම අයෝධ්‍ය පුරය බලා යාත්‍රා කළේ රාමාගෙන් සහ ලක්ෂ්මණාගෙන් පළිගැනීමේ දැඩි අධිෂ්ඨානය ඇතිව ය. යානය දණ්ඩක වනයෙහි බැස්ස වු හෙතෙම සුදුසු අවස්ථාවක් බලා සීතා දේවිය පැහැරගෙන ලංකාව බලා ආපසු යානය පැදැවූයේ ය.
රාවණා සල්ලාල කාමුක රජකු වූ හෙයින් සීතා වැනි සුරූපියකට ඔහුගෙන් ගැලැවීමක් නොලැබීම ඒකාන්තය. වේදවතී නම් රූමත් තවුසියක රාවණාගෙන් මිදෙන උපායක් සොයා එය අසාර්ථක වූ විට ගින්නට පැන සිය දිවි නසා ගත්තා ය.
කිසියම් කාන්තාවකට රාවණාගේ සිත වැටුණහොත් ඇයට ඔහුගෙන් බේරිමක් නැති බව සනාථ කරන්නට වේදවතී තවුසිය මුහුණ පෑ අවාසනාවන්ත ඉරණම හොඳට ම ප්‍රමාණවත් ය. එසේ වූ රාවණාගෙන් සීතාවට කිසිදු ගැහැටක් නොවීම විශ්වාස කළ නොහැකි සිදුවීමකි. එහෙත් ඊට ප්‍රබල හේතුවක් විය. පහත දැක්වෙන කතා පුවත ඊට හේතු වූ රහස අනාවරණය කරයි.
රාවණාගේ මාපියන් වූයේ පුලස්ති රජ පෙළපතේ වෛශ්‍රවණ රජු සහ කයිකේයි බිසවය. වෙසමුණි යනු වෛශ්‍රවණ හඳුන්වනු ලබන තවත් නමකි. ඔවුන් දෙදෙනාට රාවණා, විභීෂණ හා කුම්භකර්ණ යනුවෙන් පුත්තු තිදෙනෙක් ද සුපර්නිකා හා අකුල්යා යනුවෙන් දූවරු දෙදෙනෙක් ද වූහ. බාල දියණිය වූ අකුල්යාගේ උපන් නැකතෙහි ග්‍රහ පිහිටීම අනුව නැකැත්කරුවන් දුටුවේ ඇය පවුලට අභාග්‍යය උදාකරන්නියක හැටියට ය.
අකුල්යා වැඩිවියට පත්ව විවාහ දිරියට ඇතුළත් වීමෙන් පසු අනාගතයේ දී ඇගේ සැමියා විසින් රාවණා ඇතුළු පුලස්ති රජ පෙළපත විනාශ කරනු ලබතියි නැකැත්කරුවෝ අනාවැකි පළ කළහ. ඉන් ඉමහත් බියට පත් වෛශ්‍රවණ රජු සහ කයිකේයි බිසව එබඳු අනාගත ව්‍යසනයකින් බේරෙන්නට හැකි උපායක් ගැන කල්පනා කළහ.
නැකැත්කරුවන් ප්‍රකාශ කරන අසුබ පල උදාවිය හැක්කේ අකුල්යා ඔවුන්ගේ දියණියක ලෙස ඔවුන්ගේ රැකවරණයේම ඇති දැඩි වුවහොත් පමණකැයි සිතූ ඔවුන් අවසානයේ දී තීරණය කළේ ළදැරිය ඔරුවක නිදි කරවා මුහුදේ පාකර හරින්නට ය.
ඒ සඳහා විශේෂ ඔරුවක් සාදවනු ලැබී ය. ළදරුවකුට අවශ්‍ය සියලු සැප පහසුකම් සහිත ඒ ඔරුව තුළ අකුල්යා ළදැරිය නිදිගැන් වූ දෙමාපියන් ඔරුව මුහුදේ පා කර හැරියේ අවස්ථාව අනුව ඔවුන් දුටු එකම විකල්පය එය නිසා ය. අකුල්යා ඔරුව තුළ නිදිගැන්වීමට පළමුව පුලස්ති රාජ ලාංඡනය ඇගේ පපුව මත නොමැකෙන අයුරින් සටහන් කරනු ලැබී ය.
අකුල්යා ළදැරිය රැගත් ඔරුව මුහුදේ පා වී ගමන් කළේ ඉන්දියා වෙරළ දෙසට ය. එහි දී දැඩි කුණාටුවකට අසු වූ එය ගංගා නම් ගඟේ ඉහළට ගසාගෙන ගියේ ය. කුණාටුව විසින් මුහුදෙන් උඩුගං බලා රැගෙන යනු ලැබූ ඔරුව අවසානයේ දී රට අභ්‍යන්තරයේ කිසියම් තැනෙක ගං ඉවුර අසල ඝනව වැඩුණු පඳුරු සමූහයක් අතර හිර වී නතර විය.
ඒ අසල වූයේ තවුස් ආරාම සහිත ආරණ්‍යයකි. එහි වූ තවුසන් ස්නානය හා දෝවනය වැනි කාර්යයන් සඳහා පැමිණියේ අහම්බෙන් පැමිණි ඔරුව රැඳුණු ස්ථානයට ය. එය ඔවුන්ගේ නාන තොට විය.
එදින උදෑසන එහි පැමිණ දිය නෑමට පටන්ගත් මජීනා නම් තවුසාට අසල වු පඳුරු අතරින් ළදරුවකුගේ හැඬීමක් ඇසුණි. විස්මයට පත් හෙතෙම හැඬුම ඇසුණු ස්ථානයට ළංව විපරම් කරද්දී පඳුරු අතර රැඳුණු ඔරුව සහ එතුළ වූ ළදැරිය දුටුවේය.
ඔරුවට ළං වූ තවුසා මහත් දරු සෙනෙහසින් දැරිය දෝතට ගත්තේය. ජනක රජු සහ බිසව දරුවකු නැති සොවින් පසුවන බව සිහිපත් වූ තවුසා අහම්බෙන් ලැබුණු දැරිය ගෙන ගොස් රජ යුවළට බාර කළේය.
අස්වැන්න නෙළාගන්නා සමයෙහි තමන් අතපත් දැරියට සීතා යන නම තැබූ ජනක රජු සහ බිසව ඇය තම දියණියක ලෙස ඇති දැඩි කර ගත්හ. තුරුණු වියට පත්ව රාම කුමරු හා විවා පත් සීතාව ඇය යි. රාමාගෙන් පළිගැනීම සඳහා දඬු මොනර යානයෙන් දණ්ඩක වනයට ගොස් රාවණා විසින් පැහැරගෙන එනු ලැබුවේ අන්කිසි තැනැත්තියක නො ව එදා අකුල්යා නමින් පුලස්ති රජ පවුලට උපන් ඔහුගේ කුඩා නැඟණිය යි. ඇගේ පපුවෙහි කොටා තිබූ පුලස්ති රාජ ලාංඡනය නිසා රාවණා ඇය තම බාල නැඟණිය බව හැඳින ගත්තේය. රාවණාගෙන් සීතාට කිසිදු ගැහැටක් සිදු නොවූයේ ඒ නිසාය.
නැකැත්කරුවන්ගේ අනාවැකිය සැබෑ කරමින් සීතාවගේ ස්වාමියා වූ රාමා අතින් රාවණා විනාශයට පත් විය.
රාම – සීතා කතා පුවත සමඟ බැඳී ඇති ස්ථාන නාම ආදිය අදටත් ශ්‍රී ලංකාවේ දකින්නට තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ ඇති සීතා ඇල්ල, සීතා එළිය හා සීතා කොණ්ඩ එවැනි ස්ථාන තුනකි . සීතා නැවතී සිටි ප්‍රදේශය සීතා එළියයි. සීතා දිය නෑ ස්ථානය සීතා ඇල්ල නම් වේ. සීතා කොණ්ඩය පීරූ ස්ථානය සීතා කොණ්ඩ නම් වන බව ජනප්රවාදයේ කියැවේ.
සීතා කෝවිල
උඩුරාවණ හා යටිරාවණ යැයි හඳුන්වනු ලබන මහනුවර ප්‍රදේශයේ ගම් දෙක රාවණ රජුගේ වනෝද්යානයන්ය. රාවණ රජු දිය නෑ ඇල්ල රාවණ ඇල්ලය. ගාල්ලේ රූමස්සල කන්ද පිහිටි උණවටුනට ඒ නම ලැබී ඇත්තේ යුද බිමෙහි දී තුවාල ලත් වානරයන් සුවපත් කිරීම සඳහා හනුමාන් රැගෙන ආ ඖෂධ පර්වතය උණා වැටුණු ස්ථානය නිසා යැයි ජනවහරේ එයි.
රාවණ ඇල්ල
රූමස්සල කන්ද
රාවණා ගුහාව
රාවණා ගුහාව ක්‍රි.පු. 1940 ගනන්වල කැනීම් කර හිස් කබලක් හමු වී කටුගේ ඇත. අවු 20000 ක් පැරණිය. මළවුන් ඇඳහීමේ ලෙනක් ලෙස සැලකේ. 1980 ගනන්වල කාසි, මේවලං .......ආදිය හමුවී ඇත. ක්‍රි.පු. 1-2 පමණ වේ. මේ පිළිබඳව පුරා විද්‍යා දේපාර්තමෙන්තුවේන් විමසිය හැක.
ලෙන - රාමා රජු සීතා සඟවා තිබු බවට සැලකේ. එම නිසා ගමට රාවණා ඇල්ල යන නම ලැබි ඇත.
පෞරාණික රාවණා ඇල්ල රජමහා විහාරය
සීත ගගුළ යනු වෙන්ද නම සෑදී ඇත්තේ මෙය අතිතයේදී රාවණා රජුගේ රාජධානිය බවද ඉන්දියාවේ රාම කුමරුන්ගේ සීතා දේවිය මෙම ගගුලේ බැස ස්නානය කල නිසා සීතා නෑ ගගුළ පසුව මෙය සීත ගගුළ නම් වූ බවද විශ්වාසයි. තවද මෙම කතා පුවතට සාධකයක් වශයෙන් රාවණා රජුගේ දඩුමොණරය ගුවනට නැංවීමට භාවිතා කල ගුවන් පථය අසලින් පිහිටා ඇති නෝටන් බ්‍රිජ් හි ගලක් මත පිහිටා ඇති බවද කියැ වේ. එබැවින් මෙම විශ්වාසයද පහසුවෙන් බැහැර කල නොහැකි වේ.
සීත ගගුළ
එසෙම මෙම නිල් ගරුඬ ගල ගැනද ජනප්රවාදයේ බොහෝ දේ තිබෙනවා. අපේ වැඩිහිටියන්, ගම්වාසීන් අදත් ඒවා මතක් කරනවා. කියනවා.
මෙම ගරුඬ ගල ඈත අතීතයේ රාම - රාවණ යුගය දක්වා යනවා. රාවණා රජු සීතාදේවිය පැහැරගෙන විත් ආරක්ෂා සහිතව සඟවා තබා ගැනීමේ දී සීතාදේවියට ඇතිවූ බඬේ රුජාවක් සඳහා මෙම ගරුඬ පාෂාණ උරගා දී ඇතිබවත් එයින් ඇගේ අසනීපය සුව වූ බවත් කියනවා.
නිල්ගරුඬ ගල නැරඹීමට පැමිණි පිරිස් එහි ආකර්ශනීය බව විඳිමින්
ගරුඬගල අසල සිට රූපන පෙදෙස පෙනෙන අයුරු
ගරුඬගල මතින් ගලාබසින ගරුඬ ඔය
ගරුඬගල කැඞීමට බෝර වළවල් ගසා ඇති අයුරු
source : Internet

maarai nodanna karunak denagatha sitha gena 