රාවණා

planner123

Well-known member
  • May 22, 2018
    8,311
    14,399
    113
    තිලක් කන්දේගම මහත්තයාගෙයි, අර සරම අඳින තට්ටෙ තියෙන එක්කෙනාගෙයි ඔයිට වඩා ආතල් කතා තියෙනවා රාවණා ගැන. :ROFLMAO:

    හැබැයි දේශීය වගාව ගැන කතා කරනවා නම් ඉතින් තිලක් කන්දේගම මහත්තයා සුපිරි ඈ.
    Agreed. Thilak mahaththaya kiyanne borui kiyannath baha mokada eya a methods use karala success wela thiyenawa neh. Results apitath penawa neh eyage waththa baluwama.
     
    • Like
    Reactions: S_M_S

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒවා වීර කාව්‍ය. මේ කාලෙත් තියෙන්නෙ වීරයො ගැන කතා.
    ඒවා ඉතිහාස කතා නෙමේ.

    ඇයි නැත්තේ? වීර කාවයක් ද චම්පු කාව්‍යක්ද, මහා කාව්‍යක්ද යන්න වැදගත් නෑ. අන්තර්ගතයයි වැදගත්. ඔබේ තර්කයට අනුව කවිසිළුමිණ, මුවදෙව් දා වත වැනි ජාතක කතා මූළික කොට රචනා කරන ලද සිංහල මහා කාව්‍යයෝ ද හුදු ප්‍රබන්ධ විය යුතුය. මහා වංසය,දාඨා වංසය, දීප වංසය පවා පද්‍ය කාව්‍යන් ලෙස රචනා කර තිබේ. ඒවා ද හුදු ප්‍රබන්ධම විය යුතුය. අතීතයේ ඉන්දියාවේ හෝ ලංකාවේ රචනා කල බහුතරයක් ග්‍රන්ථයන් කාව්‍යන් හැටියට රචනා කළ බව දන්නෝ දනිති.

    ඒ වගේම වීර කාව්‍ය ලියන කොටත්.
    ඔව්. සැබවින්ම. වාල්මිකි විසින් රාමායණය ලියන්නේ ජනතාව අතර පැවත ආ කතාවක් ඇසුරෙන්. එහෙම නැතිව දෙවියෙක් ඇවිත් කණට කර කියූ කතාවක් අහලා නෙවෙයි. එම කතාව ඔය සමහර උදවිය කියන දසරථ ජාතකයත් නොවෙයි.

    මුලින් ලියවුණේ මොකක් වුණත් රාමායණය තමයි ප්‍රබන්ධය.
    ප්‍රබන්ධ යනු සම්පූර්ණයෙන් ගොතපු කතාය. නමුත් රාමායණය තුළ සත්‍යය 10%ක් පමණ හෝ අන්තර්ගත යැයි මම විශ්වාස කරමි. රාමායණය ප්‍රබන්ධ ලෙස සලකනවා නම් ජාතක කතා පොතෙන් 90%ක්ම ප්‍රබන්ධ විය යුතුය.

    හැබැයි එක් සත්‍ය සිිදුවීමක් ඇසුරෙනි.
    ඔව්. මම කතා කරන්නෙත් එක සත්‍ය සිදුවීමක් පිළිබදව තමයි. එය රාමායණයෙහි සදහන් පරිදි විෂ්ණුගේ අවතාරයක් ගැනවත්.. රාවණා නැමැති අදෘශමාන බල තිබූ රජෙක් පිළිබදව වත් නොවේ.
    දඩු මොනරු හදන්න තරම් තිබූ හැකියාවක් පිළිබදව වත් නොවේ. රාමායනයට මූලික වූ වස්තු බීජයක් තිබිය හැකියි යන්න පමණක් මාගේ විශ්වාසයයි. වාලමිකි ඇතුළු කතා කාරයෝ තමන්ට ඇවැසි පරිදි එය වෙනස් කර ගත් බවද පැහැදිලිය. නමුත් දසරථ ජාතකය එම වස්තු බීජය නොවෙයි.

    ඔව්. මම අදහස් කළේ බොහෝ පිරිත් සූත්‍ර තියෙන්නෙ ත්‍රිපිටකයේ නෙමේ කියන එක. (ඒ comment එකෙත් එහෙම හැදුවා ඈ.)
    කියන්න ඕනෙ වුණේ බුද්ධ භාෂිතය තියෙන්නෙ ත්‍රිපිටකයේ විතරක් නෙමේ කියන එක.
    ත්‍රිපිටකයෙන් තොර බුද්ධ භාසිතයක් පිළිබද ඔබ කතා කරයි. එයින්ම තෙරෙන්නේ ඔබගේ ත්‍රිපිටකය පිලිබද දනුමයි. ප්‍රථම සංගීතියේ දී බුද්ධ භාෂිතය ත්‍රිපිටක නාම කරණය කළහ. එයින් තොර යමක් වී නම් එය බුද්ධ භාෂිත වෙන්නේ කෙසේද?

    පිරිත ගැන කතා කරනවා නම් වෙනම ත්‍රෙඩ් එකක් දාලත් මදිය.
    පිරුවානා පොතේ තියෙන්නේ ත්‍රිපිටකයේ අන්තර්ගත සූත්‍රම තමයි. පසු කාලීනව එම සූත්‍ර එකතු කොට පිරුවානා පොත් වහන්සේ සම්පාදනය කර තිබෙනවා. ඊට අමතරව පිරිත හෙවත් "පරිත්‍රාණ" බිහිවූයේ පසු කාලීනවයි. එය මහායානය අනුගමනය කිරීමකි. එම පිරිත් ද සතර බණවරයට අන්තර්ගත වී තිබිම නිසා නාමික බෞද්ධයෝ හිස් මුදුන් හී තබා පිළිගනිති. මෝර පිරිතෙන් ජීවිතය රැක ගන්න වෙර දරන මොවුහූ මුසල් මානුවන්ට වඩා අන්ධ භක්තිකයෝය.

    P.S. -
    බෞද්ධ ලේබලය අලවා ගත් කවර ග්‍රන්ථයක් වුවද හිස් මුදුන් හී තබා පිළිගැනීමට තරම් නාමික බෞද්ධයෝ දීනය. බෞද්ධ චින්තනයේන් අල්ප මාත්‍රයක් පමණ ඇති උන්නම්, යමක් පරම්පරාවෙන් ආ පමණින් හෝ ග්‍රන්ථාරූඪ වූ පමණින් අදහන්නේ නොවේ. (මා පරම්පරාය, මා පිටකසම්පදානෙන)

    ජාතක කතා පිලිබද මුලු ත්‍රිපිටකයේම තැන් කිහිපයක හැර වෙන සදහනක් නොමැත. ජාතක පාලියේද කතාවන් නොමැත. ධර්ම කරුණු සදහන් ගාථා පාඨ පමණක් ඇත. එය එසේ වී නම් බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ශ ගනණාවකට පසු පස් වන සියවසයේ මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියෝ ජාතක කතා දැන ගත්තේ කෙසේද? ජාතක කතාවන්හි අන්තර්ගත ධර්ම කතා වැදගත්‍ ය. එ සදහා යොදා ගත්ත කතා බුද්ධ දේශනා ලෙස සලකන්නෝ අන්ධ භක්තිකයෝ වැනිය.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇයි නැත්තේ? වීර කාවයක් ද චම්පු කාව්‍යක්ද, මහා කාව්‍යක්ද යන්න වැදගත් නෑ. අන්තර්ගතයයි වැදගත්. ඔබේ තර්කයට අනුව කවිසිළුමිණ, මුවදෙව් දා වත වැනි ජාතක කතා මූළික කොට රචනා කරන ලද සිංහල මහා කාව්‍යයෝ ද හුදු ප්‍රබන්ධ විය යුතුය. මහා වංසය,දාඨා වංසය, දීප වංසය පවා පද්‍ය කාව්‍යන් ලෙස රචනා කර තිබේ. ඒවා ද හුදු ප්‍රබන්ධම විය යුතුය. අතීතයේ ඉන්දියාවේ හෝ ලංකාවේ රචනා කල බහුතරයක් ග්‍රන්ථයන් කාව්‍යන් හැටියට රචනා කළ බව දන්නෝ දනිති.

    ඔව්. සැබවින්ම. වාල්මිකි විසින් රාමායණය ලියන්නේ ජනතාව අතර පැවත ආ කතාවක් ඇසුරෙන්. එහෙම නැතිව දෙවියෙක් ඇවිත් කණට කර කියූ කතාවක් අහලා නෙවෙයි. එම කතාව ඔය සමහර උදවිය කියන දසරථ ජාතකයත් නොවෙයි.

    ප්‍රබන්ධ යනු සම්පූර්ණයෙන් ගොතපු කතාය. නමුත් රාමායණය තුළ සත්‍යය 10%ක් පමණ හෝ අන්තර්ගත යැයි මම විශ්වාස කරමි. රාමායණය ප්‍රබන්ධ ලෙස සලකනවා නම් ජාතක කතා පොතෙන් 90%ක්ම ප්‍රබන්ධ විය යුතුය.

    ඔව්. මම කතා කරන්නෙත් එක සත්‍ය සිදුවීමක් පිළිබදව තමයි. එය රාමායණයෙහි සදහන් පරිදි විෂ්ණුගේ අවතාරයක් ගැනවත්.. රාවණා නැමැති අදෘශමාන බල තිබූ රජෙක් පිළිබදව වත් නොවේ.
    දඩු මොනරු හදන්න තරම් තිබූ හැකියාවක් පිළිබදව වත් නොවේ. රාමායනයට මූලික වූ වස්තු බීජයක් තිබිය හැකියි යන්න පමණක් මාගේ විශ්වාසයයි. වාලමිකි ඇතුළු කතා කාරයෝ තමන්ට ඇවැසි පරිදි එය වෙනස් කර ගත් බවද පැහැදිලිය. නමුත් දසරථ ජාතකය එම වස්තු බීජය නොවෙයි.

    ත්‍රිපිටකයෙන් තොර බුද්ධ භාසිතයක් පිළිබද ඔබ කතා කරයි. එයින්ම තෙරෙන්නේ ඔබගේ ත්‍රිපිටකය පිලිබද දනුමයි. ප්‍රථම සංගීතියේ දී බුද්ධ භාෂිතය ත්‍රිපිටක නාම කරණය කළහ. එයින් තොර යමක් වී නම් එය බුද්ධ භාෂිත වෙන්නේ කෙසේද?

    පිරිත ගැන කතා කරනවා නම් වෙනම ත්‍රෙඩ් එකක් දාලත් මදිය.
    පිරුවානා පොතේ තියෙන්නේ ත්‍රිපිටකයේ අන්තර්ගත සූත්‍රම තමයි. පසු කාලීනව එම සූත්‍ර එකතු කොට පිරුවානා පොත් වහන්සේ සම්පාදනය කර තිබෙනවා. ඊට අමතරව පිරිත හෙවත් "පරිත්‍රාණ" බිහිවූයේ පසු කාලීනවයි. එය මහායානය අනුගමනය කිරීමකි. එම පිරිත් ද සතර බණවරයට අන්තර්ගත වී තිබිම නිසා නාමික බෞද්ධයෝ හිස් මුදුන් හී තබා පිළිගනිති. මෝර පිරිතෙන් ජීවිතය රැක ගන්න වෙර දරන මොවුහූ මුසල් මානුවන්ට වඩා අන්ධ භක්තිකයෝය.

    P.S. -
    බෞද්ධ ලේබලය අලවා ගත් කවර ග්‍රන්ථයක් වුවද හිස් මුදුන් හී තබා පිළිගැනීමට තරම් නාමික බෞද්ධයෝ දීනය. බෞද්ධ චින්තනයේන් අල්ප මාත්‍රයක් පමණ ඇති උන්නම්, යමක් පරම්පරාවෙන් ආ පමණින් හෝ ග්‍රන්ථාරූඪ වූ පමණින් අදහන්නේ නොවේ. (මා පරම්පරාය, මා පිටකසම්පදානෙන)

    ජාතක කතා පිලිබද මුලු ත්‍රිපිටකයේම තැන් කිහිපයක හැර වෙන සදහනක් නොමැත. ජාතක පාලියේද කතාවන් නොමැත. ධර්ම කරුණු සදහන් ගාථා පාඨ පමණක් ඇත. එය එසේ වී නම් බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ශ ගනණාවකට පසු පස් වන සියවසයේ මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියෝ ජාතක කතා දැන ගත්තේ කෙසේද? ජාතක කතාවන්හි අන්තර්ගත ධර්ම කතා වැදගත්‍ ය. එ සදහා යොදා ගත්ත කතා බුද්ධ දේශනා ලෙස සලකන්නෝ අන්ධ භක්තිකයෝ වැනිය.
    ඔයා යන්නෙ එහා පාරෙ අර පැත්තට. මං යන්නෙ මෙහා පාරෙ මේ පැත්තට.
     
    • Like
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔයා යන්නෙ එහා පාරෙ අර පැත්තට. මං යන්නෙ මෙහා පාරෙ මේ පැත්තට.
    මට කිසිවෙකුත් සමග වාද කිරීමට හෝ මම ම නිවැරදි යැයි කීමට අවශ්‍ය නැත. මම දන්නා දෑ කීවා පමණි. මා වැරදී නම් මම එය පිළි ගනිමි.

    මම මාගේ මතය පැවසූ විට ඇතැම්හූ පැමිණ මාගේ මතය පිළිබද ප්‍රශ්න කළහ. එම ප්‍රශ්නවලට පිළිතුරු දීම මාගේ යුතුකම යැයි සිතූ බැවින් දන්නා දේ කීවෙමි.

    මහණෙනි මම ලෝකයා සමඟ වාද නොකරමි. ලෝකයාම මා සමඟ වාද කරයි. (නාහං භික්‍ඛවෙ ලොකෙන වදාමි, ලොකොච මයා සිද්ධිං විවදති)
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    යමක් පැවසිය යුතු යයි සිතමි.

    මා පිළිතුරු සැපයීම නවත්වන්නට තීරණය කලේ ඔබ සමග අනවශ්‍ය වාදයකට යාම නුසුදුසු නිසයි. මේ නූලට අදාළ නොවෙන බොහෝ දේ @shadow134 මතු කරා. එය අපි මේ නූලට කරන අසාධාරණයක්.

    ඔබ කාලාම සුත්‍රයේ සමහර තැන් @S_M_S ගේ වදන්වලට පිළිතුරු වශයෙන් සටහන් කරත්, ඔබට අමතක වී ඇති දෙය නම් ඔබත් නොදැනම ගුරුකුලය තුලින් ලබා ගත් දේ එලෙසින්ම ඉදිරිපත් කරනවා. එයත් කාලාමය තුල වැරදි දෙයක් නේද ?

    සංස්කෘත භාෂාව, ඍග් වේදය, ආයුර්වේදය හා දේව විශ්වාස වැනි භාරතය ඔලුව උඩින් තියාගෙන සිටින බොහෝ දේවල නිර්මාපකයන් භාරතීයන් නොවන බව ඔබ නොදන්නවා විය හැකිය.

    බුද්ධඝෝෂ භාරතයේ සිට මෙරටට පැමිණියේ මාගධී බසින් දෙසු ධර්මය නැවත මාගධී කිරීමටද ?

    මහානාම හිමි මහාවංශය ලියන්නට හේතුව 1 හා 2 පරිච්චේදයේ පැහැදිලිව සටහන් කර ඇත. එතනින් එහාට වෙනස් මගක් ගෙන තිබේ.

    විජය නමැති පල් හොරෙක්, ස්ත්‍රී දුෂකයෙක් සිංහල ජාතියේ ආරම්භකයා ලෙස පිළිගන්නේද ?

    එතෙක් මෙරට සිටි, මහා වංශයේ සටහන් වන රාජ පෙලපත්වලට සිදුවුයේ කුමක්ද ?

    හින්දු භක්තික විෂ්ණු දෙවි, බෞද්ධ දෙවියෙකු ලෙස පිළිගන්නේද ?

    දෙවුන්දර දේවාලයේ සිටින උපුල්වන් දෙවි බෞද්ධ විෂ්ණු නොවේද ?

    අවසානයට මෙයද අසමි.
    රාම යනු දසරථ ජාතකයට අනුව බෝසතානන්ය. රාමායණයට අනුව රාම හෙළ විරෝධියෙකි. මෙය සිදුවිය හැකිද ?
    බෞද්ධ අපිට රාවණා පරපුර යනු සක්විති පෙළපතකි. එසේනම් රාවණා පරපුරේද බෝසතාණන් වහන්සේ සිටිය යුතුය. අපිට රාවණා ලොකු කර තවත් අවස්ථාවක අපේ බෝසතාණන් වන රාම අපිට විරුද්ධවාදියෙකු, සතුරෙකු කර ඇත්තේ අහම්බයකින්ද ?

    බොහෝ දෙනාගේ හිතසුව හා දැනුම වෙනුවෙන් මේ ටික ඇසුවෙමි. හැකිනම් පමණක් පිළිතුරු සපයන්න.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පළමුවෙන් කිව යුතු දෙයක් ඇත. එනම්, මම රාමායණය 100%ක් විශ්වාස නොකරමි. ‍රාමායණයට මුල් වූ යම් සත්‍ය සිදුවීමක් තිබිය හැකි බව පමණක් පිළිගනිමි. එය රාමායණයෙහි සදහන් පරිදි ආශ්චර්යමත් වූත් අත්භූත වූත් දෙයක් නොවෙයි. සාමාන්‍ය යුද්ධයකි. පසු කාලීනව වාල්මිකී ප්‍රමුඛ කවියෝ එම සිදුවීමට දේවත්වය ආරෝපණය කළහ. රාමායණයට මුල් වූ එම සිදුවීම දසරථ ජාතකය යැයි මම විශ්වාස නොකරමි. දසරථ ජාතකය බිහි කිරීමේදි රාමායණයේ බලපෑම තිබූ බව විශ්වාස කරමි.

    මේ නූලට අදාළ නොවෙන බොහෝ දේ @shadow134 මතු කරා.
    ඔබ අදාළ නොවන දේ ලෙස සළකනු ලබන්නේ ජාතක කතා පිළිබද විස්තරය වෙන්න ඇති. ඔබ දසරථ ජාතකය ගැන පැවසූ බැවින් මම ජාතක කතා පිළිබද කරුණු දැක් වූවෙමි.
    මම අදාළ නොවන දේ ගෙන හැර දැක්වූවා නම්, එයද මේ ප්‍රස්තුතය තහවුරු කරදීම පිණිස කළෙමි.

    ඔබ කාලාම සුත්‍රයේ සමහර තැන් @S_M_S ගේ වදන්වලට පිළිතුරු වශයෙන් සටහන් කරත්, ඔබට අමතක වී ඇති දෙය නම් ඔබත් නොදැනම ගුරුකුලය තුලින් ලබා ගත් දේ එලෙසින්ම ඉදිරිපත් කරනවා. එයත් කාලාමය තුල වැරදි දෙයක් නේද ?
    මා ගෙන හැර දැක්වූයේ ගුරුවරුන්ගෙන් උගත් දෑ පමණක් නොවේ. මම අධ්‍යනය කර උගත් දෑ ද විය. ගුරුවරයෙක් යමක් කී පමණින් එයම සත්‍යයයි මම විශ්වාස නොකරමි. හේතු සාධක සහිත නම් පිළිගනිමි.

    සංස්කෘත භාෂාව, ඍග් වේදය, ආයුර්වේදය හා දේව විශ්වාස වැනි භාරතය ඔලුව උඩින් තියාගෙන සිටින බොහෝ දේවල නිර්මාපකයන් භාරතීයන් නොවන බව ඔබ නොදන්නවා විය හැකිය.
    මෙයින් ඔබ අදහස් කරන්නේ කුමක් දැයි මට නොවැටහේ. විස්තර කර පෙන්වන්නේ නම්, මා නොදන්න යමක් කියන්නේ නම් මම ද දැන ගැනීමට කැමැත්තක් දක්වමි.

    බුද්ධඝෝෂ භාරතයේ සිට මෙරටට පැමිණියේ මාගධී බසින් දෙසු ධර්මය නැවත මාගධී කිරීමටද ?
    බුද්ධඝෝෂ හිමියෝ මෙරටට පැමිණියේ මෙරට පැවති හෙළ අටුවා පාලි භාෂාවට සංස්කරණය කොට නැවත ඉන්දියාවට යැවීමටය.

    මහානාම හිමි මහාවංශය ලියන්නට හේතුව 1 හා 2 පරිච්චේදයේ පැහැදිලිව සටහන් කර ඇත. එතනින් එහාට වෙනස් මගක් ගෙන තිබේ.

    මහානාම හිමියෝ මහාවංසය රචනා කිරීමට හේතුව පළමු පරිච්ඡේදයේ සදහන් "පොරාණෙහි කතො පෙසො" යනාදී පළමු ගාථා කිහිපයෙන් දක්වා ඇත. එය එසේ වෙතත් මහාවංසය ලිවීමට බලපෑ තවත් දේශපාලනික කරුණු තිබේ. ඒවා හේතු ලෙස මහා වංසය තුළ සදහන්ව නැත.

    2 වන පරිච්ඡේදයෙන් පසු ගත් වෙනත් මගක් ගැන මා නොදනිමි. දෙවන පරිච්ඡේදයෙන් පසු ගෞතම බුද්ධ චරිතය නිමාවට පත් වන නිසා ඔබ එසේ කියනවා විය හැක. ඒ වෙනත් මග කුමක් දැයි ඔබම පවසන්න.

    විජය නමැති පල් හොරෙක්, ස්ත්‍රී දුෂකයෙක් සිංහල ජාතියේ ආරම්භකයා ලෙස පිළිගන්නේද ?
    මම මහාවංසය 100% පිළි නොගනිමි. විජය නිසා සිංහල ජාතිය ආරඹ වූයේ යැයි ද මම පිළිනොගනිමි. විජය පැමිණිමට පෙර සිට මෙරට ජනාවාස බිහි වී තිබූ බවත්, ඔවුන් තුළ ශිෂ්ටාචාර ගත ලක්ෂණ පැවති බවත් පුරාවිද්‍යා සාක්ෂි තුළින් තහවුරු වී ඇත.

    එතෙක් මෙරට සිටි, මහා වංශයේ සටහන් වන රාජ පෙලපත්වලට සිදුවුයේ කුමක්ද ?
    ඉහත ප්‍රශ්නයට දුන් පිළිතුර නිසා මෙයට පිළිතුරු දීම අනවශ්‍ය යැයි හැගේ.

    හින්දු භක්තික විෂ්ණු දෙවි, බෞද්ධ දෙවියෙකු ලෙස පිළිගන්නේද ?
    නැහැ. විෂ්ණු, කතරගම හෝ ශිව වේවා ඔවුන් හින්දු ධර්මය තුළ බිහිවූ වෝය.

    දෙවුන්දර දේවාලයේ සිටින උපුල්වන් දෙවි බෞද්ධ විෂ්ණු නොවේද ?
    බෞද්ධ විෂ්ණු කෙනෙක් ගැන මම අසා නැත. මහා වංසයෙහි සදහන් පරිදි, විජය ඇතුළු පිරිස පැමිණි කල පිරිත් නූල් බැදපු උපුල් වන් දෙවියෝ වුව මම විශ්වාස නොකරමි.

    අවසානයට මෙයද අසමි.
    රාම යනු දසරථ ජාතකයට අනුව බෝසතානන්ය. රාමායණයට අනුව රාම හෙළ විරෝධියෙකි. මෙය සිදුවිය හැකිද ?

    දුර අතීතයේ එක්තරා යුගයක යුද්ධයක් සිදු වූයේ යැයි සිතමු. මේ යුද්ධය පිළිබද වූ කතාව පරම්පරාවෙන් පරම්පරාවට ජනශෘතියක් වශයෙන් පැවත ආහ. ඊට පසු කාලීනව වාල්මිකි නැමැති ඍෂිවරයෙක් මෙම කතාවට දේවත්වය ආරූඪ කොට රාමායණය නැමැති වීර කාව්‍යක් රචනා කළේය. එතැන් පටන් කාලය ඉකුත් වත්ම ජනශෘතිය වෙනුවට, මිනිසුන් අතර රාමායණ දේව කතාව ප්‍රචලිත විය.
    සැබවින්ම රාමායණය හා දසරථ ජාතකය අතර ඇති එකම සම්බන්ධතාවය කුමක් ද? චරිත වල නම් ටික පමණයි. එහිදීත් දසරථ ජාතකයට අනුව රාම සීතා හා ලක්ඛණ යනු සහෝදර සහෝදරියන්ය. නමුත් රාමායණයේදී සීතා යනු රාමාගේ භාර්‍යාවයි. දසරථ ජාතකයේ ලංකාව ගැන වචනයක්වත් නැත.

    බෞද්ධ අපිට රාවණා පරපුර යනු සක්විති පෙළපතකි.
    නාමික බෞද්ධයන්ට එය එසේ විය හැක. සක්විති රජෙක් යනු කවරෙක් දැයි දත්ත වුන්ට එය එසේ නොවේ.

    අපිට රාවණා ලොකු කර තවත් අවස්ථාවක අපේ බෝසතාණන් වන රාම අපිට විරුද්ධවාදියෙකු, සතුරෙකු කර ඇත්තේ අහම්බයකින්ද ?
    ඔබ කියන්නට උත්සහ කරන්නේ වාල්මිකි විසින් උපක්‍රමශීලීව සූක්ෂමව ලාංකිකයන් බුදු දහමින් ඈත් කිරීමට උත්සහ ගත් බවද? එය එසේ නම් වාල්මිකී තරම් මුග්ධයෙක් මේ සමස්ත ලෝකයේම නැතුව ඇති. මන්ද යත් ඔහුගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සදහා ඒතරම් බොළද ක්‍රම‍යක් භාවිතා කර ඇත. එවැනි කතා කීම හාස්‍ය උපද වන්නේ නොවේද?

    මට ඇසීමට ඇත්තේ ඔබ ඇසූ ප්‍රශ්න සම්බන්ධව ඔබගේ දැක්ම පිළිබදවයි.

    1.සංස්කෘත භාෂාව, ඍග් වේදය, ආයුර්වේදය හා දේව විශ්වාස වැනි භාරතය ඔලුව උඩින් තියාගෙන සිටින බොහෝ දේවල නිර්මාපකයන් භාරතීයන් නොවන බව ඔබ නොදන්නවා විය හැකිය.

    2.මහානාම හිමි මහාවංශය ලියන්නට හේතුව 1 හා 2 පරිච්චේදයේ පැහැදිලිව සටහන් කර ඇත. එතනින් එහාට වෙනස් මගක් ගෙන තිබේ.
    3.හින්දු භක්තික විෂ්ණු දෙවි, බෞද්ධ දෙවියෙකු ලෙස පිළිගන්නේද ?
    4.දෙවුන්දර දේවාලයේ සිටින උපුල්වන් දෙවි බෞද්ධ විෂ්ණු නොවේද ?

    5.බෞද්ධ අපිට රාවණා පරපුර යනු සක්විති පෙළපතකි.

    මේදේවල් පිළිබද ඔබගේ දැක්ම පවසන්නේ නම් වැදගත් වෙයි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    රාවණා කියන්නෙ ඇට දෙක නැති පොන්නයෙක්, වෙන එකෙක්ගෙ ගෑණියෙක් උස්සන් ඇවිල්ල ඉල්ලන් ටින්කිරි ගාගෙන බල්ලෙක් වගෙ මැරිල ගිය එකෙක්.
    patta kathaawa :lol::lol::lol::lol: