රාවණා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    553
    1,043
    93
    රාවණා කියන්නෙ ඇට දෙක නැති පොන්නයෙක්, වෙන එකෙක්ගෙ ගෑණියෙක් උස්සන් ඇවිල්ල ඉල්ලන් ටින්කිරි ගාගෙන බල්ලෙක් වගෙ මැරිල ගිය එකෙක්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    863
    2,091
    93
    රාවණා කියන්නේ පුරාවෘත්තයක්.

    රාවණා ගැන ලොකුම විස්තරය එන්නේ ඉන්දියානු ඍෂිවරයෙකු වන වාල්මිකි ලියු "රාමායණය" ග්‍රන්ථයේ. ඒ ඇරෙන්න ලංකාවේ කුමාරදාස රජතුමා විසින් රචනා කරපු "ජානකිහරණය" ග්‍රන්ථයෙත් රාවණා ගැන සදහන් වෙනවා.

    හින්දු භක්තිකයන්ට අනුව රාවණා යනු බල සම්පන්න අසුරයෙක්. ලක්දිව ඔහුගේ රාජධානියයි. විෂ්ණු දෙවියන්ගේ දස අවතාර අතරින් එකක් ලෙස හැදින් වෙන රාමගේ බිරිද වූ සීතා පැහැර ගැනීම සිදු කරනු ලැබුවේ ඔහු විසිනුයි. එම කරුන මූලික කොට ගෙන රාම හා රාවණා අතර යුද්ධයක් ඇති වූ අතර එහිදී රාවණා මරණයට පත් විය.

    මාගේ මතය

    රාවණා සත්‍යක් විය හැකිය, නමුත් රාමායණය හෝ අනෙක් පුරාවෘත්ත වල සදහන් බොහෝ කරුණු ප්‍රතික්ෂේප කළ යුතුය.
    රාවණා යැයි රජෙකු සිටින්නට ඇත. ඉන්දියාවෙන් සිදු වූ ආක්‍රමණය හමුවේ ඔහු පරාජයට පත් වූවා විය හැක.
     
    • Haha
    • Like
    Reactions: waca and S_M_S

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,561
    2,406
    113
    yakkala

    ඔබ වාල්මිකී ලියූ රාමායණය පොතේ සිංහල පරිවර්තනය කියවන්නට ඇතැයි උපකල්පනය කරමි. එය කියවූවා සේම පන්සීය පනස් ජාතක පොතේ ඇති දසරථ ජාතකයද කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අන්තර්ජාලයෙන්ද පොත සොයා ගත හැකිය) ඉන්දියානුවෙක් පක්‍ෂග්‍රාහීව ලියු පොතක් කියවා සත්‍යය එයමයි කියා අවසන් තීරණයට පිවිසෙන්න එපා.

    ඔබ සිතන දේ නිවැරදි නැත මිතුරේ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    576
    672
    93
    කඳු දෙකක් අතරෙ හිඩැසක් දැක්කහම කියනවා රාවණ හදපු උමගක් කියලා.
    ලොකු වලක් දැක්කහම කියනවා රාම-රාවණ යුද්දෙ කාලෙ වැටුණ මෝටාර් එකකින් හෑරිලා කියලා.
    සමතලා බිමක් දැක්කහම කියනවා දඬු මොණරෙ බෑව තැන කියලා.
    රායන්නෙන් පටන් ගන්න ගමක් හම්බ උනොත් කියනවා රාවණගෙ රාජධානියක් කියලා.

    මාර ආතල් සෙට් එකක් තමයි මේ කාලෙ ඉන්නෙ. ඉතිහාසය අලුතෙන් ලිියනවා.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    863
    2,091
    93
    ඔබ වාල්මිකී ලියූ රාමායණය පොතේ සිංහල පරිවර්තනය කියවන්නට ඇතැයි උපකල්පනය කරමි.
    මම සංස්කෘත භාෂාව හදාරන කාලයේදි රාමායණයේ ඇතැම් කොටස් කියවා ඇත. නමුත් සම්පූර්ණ ග්‍රන්ථය සිංහලෙන් වත් කියවා නොමැත.

    එය කියවූවා සේම පන්සීය පනස් ජාතක පොතේ ඇති දසරථ ජාතකයද කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    දසරථ ජාතකය කියවා ඇත්තෙමි.

    ඉන්දියානුවෙක් පක්‍ෂග්‍රාහීව ලියු පොතක් කියවා සත්‍යය එයමයි කියා අවසන් තීරණයට පිවිසෙන්න එපා.
    රාමායණය සම්පූර්ණ වශයෙන් සත්‍යයි මම විශවාස නොකරමි. නමුත් යම් සත්‍යක් තිබිය හැකි බව මම විශ්වාස කරමි.

    ඔබ සිතන දේ නිවැරදි නැත මිතුරේ.
    එසේ නම් නිවැරදි කුමක් දැයි ඔබම පවසන්න.

    දසරථ ජාතකය පෙන්වා දෙමින් ඔබ හුවා දැක්වීමට උත්සහ කලේ කුමක් ද? වාල්මිකි දසරථ ජාතකය විකෘති කොට රාමායණය බිහි කල බවද? 🤔
     
    • Like
    Reactions: Johnnie_Walker

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,561
    2,406
    113
    yakkala
    මම සංස්කෘත භාෂාව හදාරන කාලයේදි රාමායණයේ ඇතැම් කොටස් කියවා ඇත. නමුත් සම්පූර්ණ ග්‍රන්ථය සිංහලෙන් වත් කියවා නොමැත.

    දසරථ ජාතකය කියවා ඇත්තෙමි.

    රාමායණය සම්පූර්ණ වශයෙන් සත්‍යයි මම විශවාස නොකරමි. නමුත් යම් සත්‍යක් තිබිය හැකි බව මම විශ්වාස කරමි.

    එසේ නම් නිවැරදි කුමක් දැයි ඔබම පවසන්න.

    දසරථ ජාතකය පෙන්වා දෙමින් ඔබ හුවා දැක්වීමට උත්සහ කලේ කුමක් ද? වාල්මිකි දසරථ ජාතකය විකෘති කොට රාමායණය බිහි කල බවද? 🤔
    අනිවාර්යයෙන්. මේ ග්‍රන්ථ දෙක ලියවෙන කාලය ගැන සොයන්න. එවිට යම් අදහසක් ගත හැකිය. වෙනස ඇත්තේ ජාතක කතාවේ නැති රාවණ චරිතයක් ඔබ්බවා ඇත.

    මේ මගින් අපි කිසිදා නොසිතු දෙයක් කිරීමටද හැකි වී ඇත.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    863
    2,091
    93
    අනිවාර්යයෙන්. මේ ග්‍රන්ථ දෙක ලියවෙන කාලය ගැන සොයන්න. එවිට යම් අදහසක් ගත හැකිය. වෙනස ඇත්තේ ජාතක කතාවේ නැති රාවණ චරිතයක් ඔබ්බවා ඇත.

    මේ මගින් අපි කිසිදා නොසිතු දෙයක් කිරීමටද හැකි වී ඇත.
    සැබවින්ම සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්තය. රාමායණය තුලින් දසරථ ජාතකය බිහිව ඇත.

    කාලය පිළිබද සැලකීමේදී "රාමායණය" වඩා පැරණි බවට සාධක පවති. රාමායණයට පසුව දසරථ ජාතකය ලියැවී ඇත. ඉතින් කවුද කතාව විකෘති කලේ වාල්මිකි ද? ජාතක කතාකරුද?

    දසරථ ජාතකයේ හා රාමායණයේ විශාල වෙනසක් ඇත. රාමායණයේ එන චරිත වල නාමයන් දසරථ ජාතකයේ
    දී දක්නට ඇත. නමුත් කතාව සම්පූර්ණයෙන්ම වෙනස් ය.
     
    • Haha
    Reactions: S_M_S

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,561
    2,406
    113
    yakkala
    සැබවින්ම සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්තය. රාමායණය තුලින් දසරථ ජාතකය බිහිව ඇත.

    කාලය පිළිබද සැලකීමේදී "රාමායණය" වඩා පැරණි බවට සාධක පවති. රාමායණයට පසුව දසරථ ජාතකය ලියැවී ඇත. ඉතින් කවුද කතාව විකෘති කලේ වාල්මිකි ද? ජාතක කතාකරුද?

    දසරථ ජාතකයේ හා රාමායණයේ විශාල වෙනසක් ඇත. රාමායණයේ එන චරිත වල නාමයන් දසරථ ජාතකයේ
    දී දක්නට ඇත. නමුත් කතාව සම්පූර්ණයෙන්ම වෙනස් ය.
    ඔබ එලෙස සිතනවානම්, රාමායණය හා ජාතක කතා බුදු හාමුදුරුවෝ දේශනා කරපු කාලයන් දෙක මෙහි සටහන් කරනවාද ? එවිට මෙය කියවන අයටම නිවැරදි දේ තේරුම් ගන්නට පුළුවන් වේවි......
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    863
    2,091
    93
    ඔබ එලෙස සිතනවානම්, රාමායණය හා ජාතක කතා බුදු හාමුදුරුවෝ දේශනා කරපු කාලයන් දෙක මෙහි සටහන් කරනවාද ? එවිට මෙය කියවන අයටම නිවැරදි දේ තේරුම් ගන්නට පුළුවන් වේවි......
    රාමායණය රචිත කාලය පිළිබද උගතුන් අතර නිශ්චිත මතක් නෑ. නමුත් බහුතර පිළිගැනීම අනුව ක්‍රි.පූ. 9 වන සියවසයත් ක්‍රි.පූ. 5 වන සියවසත් අතර කාලය තුල රාමායණය රචනා වන්නට ඇතැයි සලකනවා.

    ජාතක කතාවල කාලය පිළිබදව සැලකීමේදි එයද නිශ්චිත නොමැත. නමුත් ක්‍රි.පූ. 210 දී හෝ ක්‍රි.ව. 5 වන සියවසයේදි ජාතක කතා රචනා කරන්නට ඇතැයි විශ්වාස කරනු ලබනවා.

    "රාමායනය ලේඛනගත කළ යුගය පිළිබඳ බොහෝ මතවාද ඇත. නමුත් ක්‍රි.පු. 6 වන සියවස බුද්ධ කාලය වන විට සම්පූර්ණයෙන් නිමාවූ පාටලීපුත්‍ර නගරය ගැන හෝ සොළොස්‌ මහා ජනපද ගැන හෝ සටහනක්‌ වීරකාව්‍යවල නැත. එම නිසා පාටලීපුත්‍ර නගරය ඉදිකළ යුගයට පෙර රාමායනය ලියවී ඇති බව පිළිගනී. එසේම එහි ආරම්භය බ්‍රාහ්මණ ග්‍රන්ථවල යුගයට සීමා කළ හැක. මේ නිසා සැකයකින් තොරව බ්‍රාහ්මණ ග්‍රන්ථ ලියූ ක්‍රි.පූ. 900 ත් බුද්ධ කාලය වූ ක්‍රි.ව. 600 ත් අතර වීරකාව්‍ය දෙකම ලියවී ඇති බව සැලකෙයි." විකිපීඩියා

    source- https://bit.ly/3fEsr1l

    දැන් ඔබට තෙරෙන්න ඇති නිවැරදි දේ කුමක් ද කියලා.
     
    Last edited:

    ඔබේ වදන් නිවැරදි බව පෙන්වන්නට ගන්නා උත්සාහය පැසසුම් සහගතයි. නමුත් විකි එකෙන් ලබාගත් පාඨය පැටලුම් සහගතයි නේද ?
    "ක්‍රි.පූ. 900 ත් බුද්ධ කාලය වූ ක්‍රි.ව. 600 ත් "
    බුද්ධ කාලය කොහොමද ක්‍රි. ව. උනේ ? එය ක්‍රි. පු. 5-6 ලෙස නිවැරදි විය යුතුය. මෙය නිසි ලෙස තේරුම් නොගත් වරදවා ලියු කෙනෙකුගෙන් රාමායණය ගැන නිශ්චිත කාල පරාසයක් කෙසේ බලාපොරොත්තු වන්නද ? එසේම මේ සටහන වීර කාව්‍යය සමුහයක් ගැන නේද ?

    මාද විකි තුලින් සොයා ගත් දේ පහතින් සටහන් කරමි. වඩා නිවැරදි කුමක්දැයි ඔබ තීරණය කරන්න.
    "There have been many attempts to unravel the epic's historical growth and compositional layers; various recent scholars' estimates for the earliest stage of the text range from the 7th to 4th centuries BCE, with later stages extending up to the 3rd century CE.[5]"
    source :- https://en.wikipedia.org/wiki/Ramayana

    ජාතක පොතේ රචිත වර්ෂය ඔබ සටහන් කලත් බුද්ධ දේශනාව පැවැත්වූ කාලයයි වඩා වැදගත්. එය ඔබ පැවසූ පරිද්දෙන් ක්‍රි. පූ. 5-6 අතරනම් වඩා පැරණි කුමක්ද ? හා කවුරු කාගේ දැනුම හොරකම් කළාදැයි සෙවීම අපහසු නොවේ.
     
    • Like
    Reactions: S_M_S

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,561
    2,406
    113
    yakkala
    Lankawe unuiy India we unuiy prana katha kiyawa kiyawa purasaram gahanna hari dakshaiy
    නෑ සහෝ, ඉතිහාසයක් නැති ජාතියකට අනාගතයකුත් නෑ. ඒ නිසානේ අමරිකාව තමන්ගේ වසර 200 ඉතිහාසය පුරවැසිකම බලාපොරොත්තු වෙන අයට බලෙන් හෝ උගන්වන්නේ.

    අපිට අපේ රටේ ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු දේ බොහොමයි. අභාවයට ගිය තාක්ෂණික දේ ද එලෙසමයි. ඒ දේවල් හොයන්න නම් අපිට ඉතිහාසය ගැන කතා කරන්නම වෙනවා.

    අපේ රටේ කළුගල් මෙලෙක් කරන තාක්ෂණයක් තිබුණු බව අසා තිබෙනවාද ?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    863
    2,091
    93
    ඔබේ වදන් නිවැරදි බව පෙන්වන්නට ගන්නා උත්සාහය පැසසුම් සහගතයි. නමුත් විකි එකෙන් ලබාගත් පාඨය පැටලුම් සහගතයි නේද ?
    "ක්‍රි.පූ. 900 ත් බුද්ධ කාලය වූ ක්‍රි.ව. 600 ත් "
    බුද්ධ කාලය කොහොමද ක්‍රි. ව. උනේ ?
    එය ක්‍රි. පු. 5-6 ලෙස නිවැරදි විය යුතුය. මෙය නිසි ලෙස තේරුම් නොගත් වරදවා ලියු කෙනෙකුගෙන් රාමායණය ගැන නිශ්චිත කාල පරාසයක් කෙසේ බලාපොරොත්තු වන්නද ?
    එතන වරදකට තියෙන්නේ ක්‍රි.පූ. කියන වචනය වෙනුවට ක්‍රි.ව. යන්න යෙදී තිබීමයි. එය එක අකුරක වැරදීමක් පමණයි. ඇරත් මම විකිපීඩියා එකෙන් සොයා කාලය තීරණය කලේ නෑ. සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය පිළිබද මම හදාරා ඇති කරුණු අනුවයි කිව්වේ. තහවුරු කිරීම අවශ්‍ය නිසා විකිපීඩියා කොටස දැක්වූවා.

    එසේම මේ සටහන වීර කාව්‍යය සමුහයක් ගැන නේද ?
    එහිදී සදහන් වෙන්නේ රාමයණය සහ මහභාරතය යන වීරකාව්‍යන් දෙක පිළිබදවයි. රාමායණය කොහොමත් වීර කාව්‍යක්. රාමායණයේ කාලය පිළිබද එහිදී සැකවින් පවසනවා.

    මාද විකි තුලින් සොයා ගත් දේ පහතින් සටහන් කරමි. වඩා නිවැරදි කුමක්දැයි ඔබ තීරණය කරන්න.
    "There have been many attempts to unravel the epic's historical growth and compositional layers; various recent scholars' estimates for the earliest stage of the text range from the 7th to 4th centuries BCE, with later stages extending up to the 3rd century CE.[5]"
    source :- https://en.wikipedia.org/wiki/Ramayana
    ඔබ දැක්වූ විකිපීඩියා ලිපියෙහි වරද නෑ. එහි කාල නියමය පිළිබද මට ගටළුවක් නෑ. ක්‍රි.පූ. 9ත් 5ත් අතරට ඔබ දැක්වූ කාල පරාසය අඩංගු වෙනවා. මම හිතන්නේ ඔබට රාමායණය පිළිබද නිවැරදි දැනුමක් නෑ.

    රාමායණය කියන්නේ විශාල ග්‍රන්ථයක් එයට පසු කාලීන කතුවරුන්ගේ ඇතැම් කරුණු එකතු වී තිබෙනවා. එම නිසා රාමායණය කාණ්ඩ දෙකකට බෙදා දක්වා තිබෙනවා. එයින් පළමු කොටස වාල්මිකි විසින් ‍රචිත බව විශ්වාස කරනවා. දෙවන කාණ්ඩය වෙනත් කතුවරුන්ගේ කොටස් වලින් යුක්ත වෙනවා. ඔබ දැක් වූ විකිපීඩියා කොටසේහි වරදක් නෑ. එහි සදහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසයේ සිට ක්‍රි. පූ. 4 වන සියවස දක්වා කාලයෙහි රාමායණයෙ පළමු කොටස රචනා කළ බවයි.

    ජාතක පොතේ රචිත වර්ෂය ඔබ සටහන් කලත් බුද්ධ දේශනාව පැවැත්වූ කාලයයි වඩා වැදගත්. එය ඔබ පැවසූ පරිද්දෙන් ක්‍රි. පූ. 5-6 අතරනම් වඩා පැරණි කුමක්ද ? හා කවුරු කාගේ දැනුම හොරකම් කළාදැයි සෙවීම අපහසු නොවේ.
    බුද්ධ දේශනාව අන්තර් ගත වෙන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ සමූහයේ බව හැමෝම දන්නවා. එහෙනම් ත්‍රිපිටකයේ මොන ග්‍රන්ථයේද ජාතක කතා අන්තර් ගත වෙන්නේ? (මම කියන්නේ ගාථා පාඨ නෙවෙයි. සම්පූර්ණ කථාව.)
    ඔය ප්‍රශ්නයට උත්තරක් දෙන්නකෝ එතකොට තෙරෙවි.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,561
    2,406
    113
    yakkala
    එතන වරදකට තියෙන්නේ ක්‍රි.පූ. කියන වචනය වෙනුවට ක්‍රි.ව. යන්න යෙදී තිබීමයි. එය එක අකුරක වැරදීමක් පමණයි. ඇරත් මම විකිපීඩියා එකෙන් සොයා කාලය තීරණය කලේ නෑ. සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය පිළිබද මම හදාරා ඇති කරුණු අනුවයි කිව්වේ. තහවුරු කිරීම අවශ්‍ය නිසා විකිපීඩියා කොටස දැක්වූවා.

    එහිදී සදහන් වෙන්නේ රාමයණය සහ මහභාරතය යන වීරකාව්‍යන් දෙක පිළිබදවයි. රාමායණය කොහොමත් වීර කාව්‍යක්. රාමායණයේ කාලය පිළිබද එහිදී සැකවින් පවසනවා.

    ඔබ දැක්වූ විකිපීඩියා ලිපියෙහි වරද නෑ. එහි කාල නියමය පිළිබද මට ගටළුවක් නෑ. ක්‍රි.පූ. 9ත් 5ත් අතරට ඔබ දැක්වූ කාල පරාසය අඩංගු වෙනවා. මම හිතන්නේ ඔබට රාමායණය පිළිබද නිවැරදි දැනුමක් නෑ.

    රාමායණය කියන්නේ විශාල ග්‍රන්ථයක් එයට පසු කාලීන කතුවරුන්ගේ ඇතැම් කරුණු එකතු වී තිබෙනවා. එම නිසා රාමායණය කාණ්ඩ දෙකකට බෙදා දක්වා තිබෙනවා. එයින් පළමු කොටස වාල්මිකි විසින් ‍රචිත බව විශ්වාස කරනවා. දෙවන කාණ්ඩය වෙනත් කතුවරුන්ගේ කොටස් වලින් යුක්ත වෙනවා. ඔබ දැක් වූ විකිපීඩියා කොටසේහි වරදක් නෑ. එහි සදහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසයේ සිට ක්‍රි. පූ. 4 වන සියවස දක්වා කාලයෙහි රාමායණයෙ පළමු කොටස රචනා කළ බවයි.

    බුද්ධ දේශනාව අන්තර් ගත වෙන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ සමූහයේ බව හැමෝම දන්නවා. එහෙනම් ත්‍රිපිටකයේ මොන ග්‍රන්ථයේද ජාතක කතා අන්තර් ගත වෙන්නේ? (මම කියන්නේ ගාථා පාඨ නෙවෙයි. සම්පූර්ණ කථාව.)
    ඔය ප්‍රශ්නයට උත්තරක් දෙන්නකෝ එතකොට තෙරෙවි.
    ඔබ පැනයෙන් පැන යන්න උත්සාහ කරනවා. අපේ මාතෘකාව වූ රාමායණයද ජාතක කතාවද වඩා පැරණි යන ගැටලුවට ඔබ ඉහතින් දී ඇති පිළිතුර සාක්ෂි දරනවා නේද ? මාගේ දැනුම පෙන්වීමට නොව ඔබේ වරද නිවැරදි කිරීමයි මාගේ එකම අරමුණ වුයේ....

    ක්‍රි. පූ. 3 ක්‍රි. පූ. 5ට වඩා අලුත් බව පමණක් තේරුම් ගත්තේනම් මැනවි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    576
    672
    93
    වාල්මිකි දසරථ ජාතකය විකෘති කොට රාමායණය බිහි කල බවද? 🤔
    චුල්ල ධනුද්ධර ජාතකය විකෘති කරලා තමයි මනමේ නාට්‍යය හදලා තියෙන්නෙ. ලංකාවෙත් ඔහොම වුණා නම් ඉතින්.... හිතලා බලන්නකො.
    ප.ලිිි. - චුල්ල ධනුද්ධර කුමාරයා ගැන කියවෙන ජාතක කතාව. ජාතක කතාවෙ නම මතක නෑ.

    එහිදී සදහන් වෙන්නේ රාමයණය සහ මහභාරතය යන වීරකාව්‍යන් දෙක පිළිබදවයි. රාමායණය කොහොමත් වීර කාව්‍යක්. රාමායණයේ කාලය පිළිබද එහිදී සැකවින් පවසනවා.
    රාමායණය කියන්නෙ වීර කාව්‍යයක්. වීර කාව්‍යය කියන්නෙ?

    බුද්ධ දේශනාව අන්තර් ගත වෙන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ සමූහයේ බව හැමෝම දන්නවා. එහෙනම් ත්‍රිපිටකයේ මොන ග්‍රන්ථයේද ජාතක කතා අන්තර් ගත වෙන්නේ? (මම කියන්නේ ගාථා පාඨ නෙවෙයි. සම්පූර්ණ කථාව.)
    ඔය ප්‍රශ්නයට උත්තරක් දෙන්නකෝ එතකොට තෙරෙවි.
    ත්‍ර්‍ර්‍රිපිටකය > ඛුද්දක නිකාය > ජාතක පාලි
    සංක්ෂිප්තව සඳහන් ගාථා පාඨ වල සවිස්තරාත්මක කතාව තියෙන්නෙ පන්සිය පනස් ජාතක පොතේ.

    * බොහෝ පිරිත් සඳහන් වෙන්නෙ පිරුවානා පොත් වහන්සේගෙ. (ත්‍රිපිටකයේ නෙමේ)

    ඔයා සංස්කෘත ඉගෙන ගන්න කාලෙ ඒ ගුරුවරු කියන්න ඇති ජාතක කතා කියන්නෙ ප්‍රබන්ධයක් කියලා. ඒ ගුරුවරුන්ටත් එහෙම උගන්නලා ඇති. ඒකට හේතුවක් තියෙනවා....
    පංච තන්ත්‍රය කියවන කොට නිකංම අහු වෙනවානෙ ඒකෙ සමහර කතා අරන් තියෙන්නෙ ජාතක කතා වලින් කියලා.
     
    Last edited:
    • Like
    Reactions: indika_sam

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    863
    2,091
    93
    ඔබ පැනයෙන් පැන යන්න උත්සාහ කරනවා. අපේ මාතෘකාව වූ රාමායණයද ජාතක කතාවද වඩා පැරණි යන ගැටලුවට
    ගැටළුවෙන් පැන යන්න මට අවශ්‍ය නෑ. මම වැරදි නම් නිවැරදි වෙන්න මම සූදානම්.

    "එහෙනම් ත්‍රිපිටකයේ මොන ග්‍රන්ථයේද ජාතක කතා අන්තර් ගත වෙන්නේ? (මම කියන්නේ ගාථා පාඨ නෙවෙයි. සම්පූර්ණ කථාව.)" යන ප්‍රශ්නය මම ඇසුවෙත් එය නිරාකරණය කර ගැනීමටම තමයි.

    මන්දයත්, ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ අන්තර්ගත පොත් 15න් එක පොතක් වන "ජාතක" නැමති පොතේ පළමු වරට ඔය කියන දසරථ ජාතකය පිළිබන්ද සදහන් වෙනවා. එහිදී ඔය කියන ආකාරයේ කතාවක් දක්නට ලබෙන්නේ නෑ. ගාථා 12කින් අවශ්‍ය ධර්ම කරුණ පමනක් දක්වනවා.(වියෝ වූවන් කෙරෙහි ශෝක කිරීමෙහි නිෂ්ඵල බව එම ධර්ම කරුණයි.) යාන්තමින් ගාථා පාඨ කිහිපයක පමණක් සීතා, ලක්ඛණ, දසරථ හා රාම කියන වචන 3 සදහන් වෙනවා.

    එහෙනම් කොහොමද පන්සිය ජාතක කතා පොතේ සදහන් වෙන්නේ? දසරථ ජාතකය ලිව්වේ කවුද?

    දසරථ ජාතකය ලියුවේ අට්ඨකතා රචකයෝ ය. ඇතැම්හූගේ මතය අනුව ඒ බුද්ධඝෝෂ හිමියෝ විය හැක. නැති නම් උන්වහන්සේට පසු කාලීනව විසූ වෙනත් අට්ඨකතා ආචාර්‍යය වරයෙකු විය හැක. බුද්ධඝෝෂ හිමියෝ වැඩ විසුවේ 5 වෙනි සියවසයේ දී ය. එහෙනම් දසරථ ජාතකය කතාවක් ලෙස කරළියට එන්නේ 5 වෙනි සියවසයේදීය.

    බුද්ධඝෝෂ හිමියෝ ක්‍රි.ව. 5 වෙනි ශතවර්ෂයේ දසරථ ජාතකය ලියන්නට කලින් රාමායණය ලියැවුණු බව කිව යුතු නොවේ.

    ඇරත් ඛුද්දක නිකාය පිළිබදවද කිවයුතු කාරණා ගනණාවක් තියෙනවා. නමුත් ඒවා ලියන්න ගියොත් මේක තව දීර්ඝ වෙන නිසා නොලියා ඉන්නවා.

    ක්‍රි. පූ. 3 ක්‍රි. පූ. 5ට වඩා අලුත් බව පමණක් තේරුම් ගත්තේනම් මැනවි.
    රාමායණය ක්‍රි. පූ. 3 වන සියවසට අයිති යැයි ඔබ කියන්නේ කොහොමද? ක්‍රි.පූ. 7 - 4ත් අතර යැයි (ඔබ දැක්වූ විකිපීඩියා පාඨයටම අනුව- recent scholars' estimates for the earliest stage of the text range from the 7th to 4th centuries BCE) වියතුන් පිළි ගනිද්දි එය ක්‍රි.පූ. 3 වන සියවසට තල්ලු කිරීමෙන් ඔබේ මතය තහවුරු කිරීමට ඔබ උත්සහ කරන්නේ ඇයි?
    සමහර විට රාමායණය ක්‍රි.පූ. 7 වන සියවසයේ වෙන්නත් පුළුවනි.එය එසේ වූවොත් එය බුද්ධකාලයත් වඩා පැරණිය. (නමුත් එය ඒසේම යැයි මම බොළද තර්ක ගෙන නොදක්වමි.)

    වාල්මිකි විසින් රචනා කලේ ඔහුගේ මතයක් නොවේ. ඊට බොහෝ පරණි වේද ග්‍රන්ථ වල අතිශය සංක්ෂිප්තව සදහන් කතාවක් දීර්ඝ වශෙන් විස්තරාත්මකව රචනා කිරීමකි. එසේ බැලුවහොත් රාමායණය කතා පුවතේ වස්තු බීජය බොහෝ පැරණි කතාවකි. (නමුත් එයද මම තර්කයක් ලෙස නොදක්වමි)

    ගැටලුව නම් මෙයයි. ඔබට ජාතක කතා සම්බන්ධව හෝ රාමායණය සම්බන්ධව නිවැරදි දැනුමක් නෑ. පන්සිය පනස් ජාතක් පොතේ කරුණක් අල්ලා කතා කිරීමට හැට පැන්නාට පසු පංසලට පමිණෙන උපාසක අම්මලාටත් පුළුවනි. නමුත් ග්‍රන්ථයක ඉතිහාසය ගැන නොදැන ඒ ග්‍රන්ථයෙහි අන්තර්ගතය පිළිබද කතා කිරීම විහිළුවකි. පන්සිය පනස්ජාතක පොත පසුකාලීනයි. ඒවා රචනා කරණු ලබුවේ ගැඹුරු ධර්ම කරුණු තෙරුම් ගත නොහැකි උදවියට කතාවක් ආශ්‍රයෙන් ඒවා තෙරුම් කරදීමට ඇවැසි නිසායි.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    863
    2,091
    93
    චුල්ල ධනුද්ධර ජාතකය විකෘති කරලා තමයි මනමේ නාට්‍යය හදලා තියෙන්නෙ. ලංකාවෙත් ඔහොම වුණා නම් ඉතින්.... හිතලා බලන්නකො.
    අතීත කතා පුවත් ආශ්‍රයෙන් නව නිර්මාණ බිහි විම අරුමයක් නොවේ. එසේ නම් රාමායණය ආශ්‍රයෙන් කෙතරම් නිර්මාණ බිහි වූවාද? ජානකීහරණය, රඝු වංශය, රාවණා වධ.....

    රාමායණය කියන්නෙ වීර කාව්‍යයක්. වීර කාව්‍යය කියන්නෙ?
    රාමායණය වීර කාව්‍යක් බවට පත් වී ඇත්තේ.. රාමාගේ චරිතය වීරයෙකු සේ වර්ණා කර තිබෙන නිසා.

    ත්‍ර්‍ර්‍රිපිටකය > ඛුද්දක නිකාය > ජාතක පාලි
    සංක්ෂිප්තව සඳහන් ගාථා පාඨ වල සවිස්තරාත්මක කතාව තියෙන්නෙ පන්සිය පනස් ජාතක පොතේ.
    අන්න එතනයි වැදගත්ම තැන ඔය කියන ජාතක කතා පිළිබද සදහන් වෙන්නේ ජාතක අට්ඨකතාවේ. (පන්සිය පනස් ජාතක පොත ලියන්නේ ජාතක අට්ඨ කතාව බලාගෙන.) කවුද අටුවා ලිව්වේ ? කොයි කාලයේද් ලිව්වේ? කියලා දන්න කෙනෙක්ට රාමායණයට කලින් දසරථ ජාතකය බිහි වී ද යන්න ගටළුවක් නෑ.

    * පිරිත් සඳහන් වෙන්නෙ පිරුවානා පොත් වහන්සේගෙ. (ත්‍රිපිටකයේ නෙමේ)
    ත්‍රිපිටකය තුලත් පිරිත් සූත්‍ර තියෙනවා. පිරුවානා පොතේ තිබෙන බොහෝ පිරිත් දේශනා ඛුද්දක නිකායේ අන්තර්ගතයි. උදාහරණ- රතන සූත්‍රය- ඛුද්දක නිකායේ අන්තර්ගත ඛුද්දක පාඨ නම් ග්‍රන්ථයේ සදහන් වේ.
    පිරුවාණා පොත් වහන්සේ බිහි වූ ආකාරය ජාතක අට්ඨ කතාව බිහි වීමට සමානය.

    ඔයා සංස්කෘත ඉගෙන ගන්න කාලෙ ඒ ගුරුවරු කියන්න ඇති ජාතක කතා කියන්නෙ ප්‍රබන්ධයක් කියලා. ඒ ගුරුවරුන්ටත් එහෙම උගන්නලා ඇති.
    මම පිරිවෙන් අධ්‍යාපනය ලබපු කෙනෙක්.
    මම සංස්කෘත ඉගෙන ගත්තේ හාමුදුරුවරුන්ගෙන්ම තමයි. සංස්කෘත විතරක් නෙවෙයි. පාලි සහ ප්‍රාකෘතත් මම ඉගෙන ගෙන තිබෙන නිසා තමයි කියන්නේ. නැති නම් මා දන්නවා කියා පෙන්වීමට නොවෙයි.

    ඒකට හේතුවක් තියෙනවා....
    යමෙක් නිවැරදි දැනුම විකෘති කර උගන්නනවා නම් ඔහු ගුරුවරයෙක් නොවේ.

    පංච තන්ත්‍රය කියවන කොට නිකංම අහු වෙනවානෙ ඒකෙ සමහර කතා අරන් තියෙන්නෙ ජාතක කතා වලින් කියලා.
    පංචතන්ත්‍රය ගැන කතා කිරීමට අවශ්‍ය නෑ. මන්ද් යත් ඒවා හුදු ප්‍රබන්ධ බව ග්‍රන්ථයේම සදහන් වෙනවා. පංචතන්ත්‍රය හා හිතෝපදේශය ලියද්දි ඔය හැම ජනශෘතියක්ම ඉවහල් කරගෙන තියෙනවා. ඇරත් ජාතක පොතේ කතා වලින් 4%ක් වත් පංචතන්ත්‍රයේ නෑ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    576
    672
    93
    රාමායණය වීර කාව්‍යක් බවට පත් වී ඇත්තේ.. රාමාගේ චරිතය වීරයෙකු සේ වර්ණා කර තිබෙන නිසා.
    ඒවා වීර කාව්‍ය. මේ කාලෙත් තියෙන්නෙ වීරයො ගැන කතා.
    ඒවා ඉතිහාස කතා නෙමේ.

    පංචතන්ත්‍රය හා හිතෝපදේශය ලියද්දි ඔය හැම ජනශෘතියක්ම ඉවහල් කරගෙන තියෙනවා.
    ඒ වගේම වීර කාව්‍ය ලියන කොටත්.

    ඔය කියන ජාතක කතා පිළිබද සදහන් වෙන්නේ ජාතක අට්ඨකතාවේ. (පන්සිය පනස් ජාතක පොත ලියන්නේ ජාතක අට්ඨ කතාව බලාගෙන.) කවුද අටුවා ලිව්වේ ? කොයි කාලයේද් ලිව්වේ? කියලා දන්න කෙනෙක්ට රාමායණයට කලින් දසරථ ජාතකය බිහි වී ද යන්න ගටළුවක් නෑ.
    මුලින් ලියවුණේ මොකක් වුණත් රාමායණය තමයි ප්‍රබන්ධය. හැබැයි එක් සත්‍ය සිිදුවීමක් ඇසුරෙනි.
    අරමුණ- තමන්ගේ රට, ජාතිය, දේව ඇදහිලි ඉහළට ඔසවා තැබීම සහ සිංහල බෞද්ධයාට පහර ගැසීම

    ත්‍රිපිටකය තුලත් පිරිත් සූත්‍ර තියෙනවා. පිරුවානා පොතේ තිබෙන බොහෝ පිරිත් දේශනා ඛුද්දක නිකායේ අන්තර්ගතයි. උදාහරණ- රතන සූත්‍රය- ඛුද්දක නිකායේ අන්තර්ගත ඛුද්දක පාඨ නම් ග්‍රන්ථයේ සදහන් වේ.
    ඔව්. මම අදහස් කළේ බොහෝ පිරිත් සූත්‍ර තියෙන්නෙ ත්‍රිපිටකයේ නෙමේ කියන එක. (ඒ comment එකෙත් එහෙම හැදුවා ඈ.)
    කියන්න ඕනෙ වුණේ බුද්ධ භාෂිතය තියෙන්නෙ ත්‍රිපිටකයේ විතරක් නෙමේ කියන එක.
     
    Last edited: