පුරන ලද පාරමී ඇති බෝසතාණන් වහන්සෙ ජද්දන්ත නම් ඇත් රජු ව අටදහසක් පමණ වු ඇත් සේනාව පිරිවරා මහා සුභද්රා යන ඇතිනියන් දෙදෙනා අගමෙහෙසුන් කොට කල් යැවුහ. දිනක් සල් වනයක දී කුම්භස්ථය සිරුරෙහි වැටිණි. මල්පෙති වැනි දෑ මහා සුභද්රාවගේ සිරුරෙහි වැටිණි. මෙය ඇත් රජු විසි සිතා මතා ම කරන ලද්දක් බව සිතු චුල සුභද්රාව ඇත් රජු කෙරෙහි වෙර බන්දාය. නැවැත ද වරෙක පිපුණු විශාල පියුමක් තමනට නො දි මහා සුභද්රාවනට දුන්නේ යැයි වෙර බැන්දාය.
මෙසෙ කල් යවන අතර දිනක් බෝසත්හු චුල සුභද්රා හා මහා සුභද්රා ඇතුළු ඇත් සෙනාව සමග පන්සියක් පසේ බුදුවරුන් දැක උන්වහන්සේලාට උප්ස්ථාන පිණිස පලාඵල හා පොකුරු මී රැගෙන ගොස් පුජා කළහ. බෝසතුන් කෙරෙහි වෙර බැඳගත් චුල සුභද්රාව පසේ බුදුනට තම කොටස පුජා කරමින් තමන් මේ අත්බැවින් චුත ව ගොස් මණ්ඩරාජ කුලයෙහි කනයාවක ව ඉපිත වැඩිවිය පැමිණි කළ බරණැස් රජුට අගමෙහෙසිය ව රජුගේ මන බැඳ රජු වසග කොට වැදි පුත්රයෙකු ලවා තම ස්වාමි වු ඇත් රජු මරවා දළ දෙක ගෙන්වා ගන්නට ලැබේවා යි නපුරු කොත පතුමක් තැබුවාය.