රාහුල මාතා(යසොදරාවත)

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
පුරන ලද පාරමී ඇති බෝසතාණන් වහන්සෙ ජද්දන්ත නම් ඇත් රජු ව අටදහසක් පමණ වු ඇත් සේනාව පිරිවරා මහා සුභද්‍රා යන ඇතිනියන් දෙදෙනා අගමෙහෙසුන් කොට කල් යැවුහ. දිනක් සල් වනයක දී කුම්භස්ථය සිරුරෙහි වැටිණි. මල්පෙති වැනි දෑ මහා සුභද්‍රාවගේ සිරුරෙහි වැටිණි. මෙය ඇත් රජු විසි සිතා මතා ම කරන ලද්දක් බව සිතු චුල සුභද්‍රාව ඇත් රජු කෙරෙහි වෙර බන්දාය. නැවැත ද වරෙක පිපුණු විශාල පියුමක් තමනට නො දි මහා සුභද්‍රාවනට දුන්නේ යැයි වෙර බැන්දාය.
මෙසෙ කල් යවන අතර දිනක් බෝසත්හු චුල සුභද්‍රා හා මහා සුභද්‍රා ඇතුළු ඇත් සෙනාව සමග පන්සියක් පසේ බුදුවරුන් දැක උන්වහන්සේලාට උප්ස්ථාන පිණිස පලාඵල හා පොකුරු මී රැගෙන ගොස් පුජා කළහ. බෝසතුන් කෙරෙහි වෙර බැඳගත් චුල සුභද්‍රාව පසේ බුදුනට තම කොටස පුජා කරමින් තමන් මේ අත්බැවින් චුත ව ගොස් මණ්ඩරාජ කුලයෙහි කන‍‍‍‍‍‍‍‍‍‍‍යාවක ව ඉපිත වැඩිවිය පැමිණි කළ බරණැස් රජුට අගමෙහෙසිය ව රජුගේ මන බැඳ රජු වසග කොට වැදි පුත්‍රයෙකු ලවා තම ස්වාමි වු ඇත් රජු මරවා දළ දෙක ගෙන්වා ගන්නට ලැබේවා යි නපුරු කොත පතුමක් තැබුවාය. ‍
continue.....


එ තැන් පටන් ගොදුරුත් නොකා ඊ‍ර්ෂා‍‍‍‍ය්‍යාවෙන් කෘශ වෙමින් සිටි ඕ ටික දිනකින් ම කළුරිය කළාය. ඇයගේ එම පතුම් පරිදි ම මඬරජ කුලයෙහි සුභද්‍රා නමින් ඉපිද වැඩිවිය පැමිණ බරණැස් රජු හට අගමෙහෙසිය ද වුවාය.

ජාතිස්මර්ණඥානය ලත් බරණැස් රජුගේ අගමෙහෙසිය සුභද්‍රා දේවෙය- ඇත්‍ර්ජු කෙරෙහි බැදි වයිරය මෙනෙහි කළාය. අනතුරු ව බොරු ලෙඩක් ගත් ඕ තමාට දොළක් උපන් බව රජුට සැළ කළාය. ජද්දන්ත ඇත් රජුගේ දළ දෙක නො ලද හොත් මරණය සිදුවිය හැකි යැයි රජු මුළා කොට සෝනුත්තර නම් වැද්දා ගෙන්වා ඇත් රජු මැරවීමට උපා යෙදුවාය.

ඇත් රජු සොයා වන වැදුණු වැදි පුත්‍රයා සුභද්‍රා දේවිය විසින් කියනු ලැබු තොරතුරු අනුව ඇතුන් ගැවසෙන ප්‍රෙදෙශයට නොබෝ ලකකින්ම ළගා විය. ඇත් රජු යන එන තැන් පිළිබදා විමසිලිමත් වු
වැදි තෙමෙ මෙ තැන දි ඇත් රජු විද මරන්නෙමි යි සුදුසු තැන් සනිටුහන් කොට හතරැස් වළක් කපා එහි ලී කණු සිටුවා පෝරු කොට ශක්තිමත් ව පිහිටුවා හීය පමණක් යා හැකි සේ අවට සකසා විස පෙවු හීය හා දුන්න ගෙන වළට බැස සිටියේය.

දිය කෙළියේ ගොස් ඇත් සේනාව පිරිවරා පැමිණි බෝසත් හස්ති රාජයා වැද්දා තැනු පෝරුව මත සිට ගත්තේන් සිරුරින් වෑහෙන ජල බිදු නාභිය පෙදෙසින් එක්ව කුඩා සිදුරින් වළ තුළ සිටින වැදි පුත්‍ර්යා ඇගේහි වැටුනේය. එ සලකුණින් ඇත් රජු සිටිනා බව නියමාකරෙයෙන් දැනගත් හෙතෙමේ විෂ පොවන ලද හීය යවා ඇත් රජුගේ පපුකැන් සිද අතුනුනහත් සිදිමින් අහසට නැංවීය.

මහත් වු වේදනාව ඉවසාගත නොහැකිව ඇත් රජු විසින් නගන ලද කුඤ්චනාදය නිසා මහා සුභද්‍රා නමි ඇහින්න ඇතුළු ඇත් සේනාව බෝසතුන් පිරිවරා ගත්හ. තම රජුට සිදුව ඇති විපත තේරුම් ගත් අට දහසක් පමණ වු ඇතතු සතුරා සොයමින් වනය දෙවනත් කළහ.

එහෙත් සුභද්‍රාව තම ස්වාමියා වෙතින් ඉවත් නොවුවාය. ඇය ඉතා කල්පනාකාරී ව එසේ සිටිනා බව දත් බෝසතාණො තමන්ට විපත් කළේ මිනිසෙක් නම් මේ සුභද්‍රාවගෙන් ගැලවීමක් නොවන බව දැන ඇය ඉවතට යැවිය යුතුයයි සිතුහ. එසේ සිතා .. ' සුභද්‍රාවෙනි, මා පිරිස සතුරා අල්ලා ගැනීමට වෙහෙසෙද්දී ඔබ පමණක් මෙහි කුමක් කරනේදැ යි ඇසීය.

ස්වාමිනී අපි දෙදෙනා එක් ව ම මේ වනෙයෙහි සුව දුක් අනුභව කළෙමු. ඔබ වහන්සේගේ සැපත මගේ සැපත ම විය. ඔබ වහන්සේගේ දුකත් මගේ දුක ම විය. දැන් ද ඔබ වහන්සේ විදින වේදනාව මගේ ම වේදනාව කොට සලකා මම මෙසේ සිටිමි. එහෙත් දැන් ඔබ වහන්සේගේ අදහස පරිදි සතුරා සොයන්නෙමි. යි ඇත් රජු පැදකුණු කළ ඇත් මෙහෙසිය එතැනින් ඉවත් ව ගියාය.

එසේ සිය මෙහෙසිය ඉවත් ව ගිය කල්හි ඇත් රජ තමන්ට විපත් කළ සතුරා පිළිබද ව සිතනුයේ විෂ පෙවු හීය නභියෙහි නැගී ආ හෙයින් තමන් නො දැනුවත්ම හො සිටින්නේ බොරු වළක් මට බව වටහා ගත්තේය.

එකානතයෙන්ම සතුරා වළ තුළ සැගවී සිටිනා බව දැන, තමන් සිටිනා තැන් පයින් පහළෙය. වළ තුළ සැඟවී සිටි සෝනුත්තර වැද්දා අල්ලාගත් ඇත් රජ ඔහු කෙරෙහි ක්‍රොද සිත දුරු කොට ' මා මේසා විපතකට පත් කිරීමට හේතු කරරේදැයි විචාළෙය. බියෙන් වෙව්ලන්නට ගත් සෝනුත්තර තෙමේ, බරණැස් රජුගේ අගමෙහෙසිය වන සුභද්‍රා නම් දේවිය පෙර ජාතියෙ දි ඔබ කෙරෙහි බැදි වයිරය නිසා ඔබ මරා දළ ගෙන එමේ අදහසින් තමා මෙහෙය වු පුවත ඇත් රජුට දන්වා සිටියේය. එ විට ඇත් රජු සිතන්නේ චුල සුභද්‍රාවට මගෙ දළ දෙකින් ඇති වැඩක් නැත. දළෙන් වැඩ ඇත්නම් තම පියාගේ මුත්තණුවන්ගේ දළ දෙකම නොනස්නා පරිදි ගුහවේ තැන්පත් කර ඇති බව ඕ දනී. මගෙ දළ ම ලබා ගන්නට උත්සහා කරන්නේ එදා මගේ අතින් සිදු වු අත් වැරැද්දට පළි ගැනිමක් නො වේද? මගේ ම සුභද්‍රා මා මරා දැමිමට මෙවැනි රෞද්‍ර කයුත්තක් කරවුවා නො වේද?

හී පහරින් ලත් මාරාන්තික වේදනා ඇත්තේ නමුදු සිහි එළවගත් ඇත් රජු සෝනුත්තර වැදි පුත් කැදවා .. හොදයි , සොනුත්තරය එදා මගේ අගමෙහෙසිය වු , අද බරණැස් රජුගේ අගමෙහෙසි හට මගේ දළින් වැඩක් වේ නම් මා මිය යන්නනට පළමු කපා ගනුව. යි කියා නිහඩ විය.

දළ කපන වැදි පුත්හට බොහෝ උත්සහ කොටත් දළ කපගත් නොහැකි වුයෙන්, තමාගේ සොඩින් ආයුධය ගෙන ලේ පෙර පෙරා දළ කපා වැදි පුත් හට දෙන්නේ යහළු වැදි පුත්‍රය මේ දළ දෙක මට අප්‍රිය නිසා ඔබට දෙන්නෙම් නො වෙමි. ඊට ලක්ශ ගුණයකටත් වඩා වටිනාකමින් වැඩි, මට ප්‍රිය ස්‍ර්ව්ඤ්තාඤානය සදහා ම මෙයෙ ඔබට දෙමි. මේ දානය මාගේ බුදුබවට කාරණ වේවා.. යි පැතුම් තබා ටික වේලාවකි බෝසත් ඇත් රජාණො කළුරිය කළහ.

තම ස්වාමියාට විපත් පැමිණ වු සතුරා සොයා ගිය මහා සුභද්‍රා ඇතින්න ප්‍රධාන ඇත් රළ ආපසු පැමිණෙන විට බෝසතුන් මියගොස් සිටියෙන් විපතට හේතු වු කාරාණා දැන හඩා වැලපී , මෙතෙක් කල් බෝසතාණන් වහන්සේගෙන් උපස්ථාන ලැබු පසේ බුදුවරයන් වහන්සේ කරා හොස් බොසතුන්ට සිදුවු විපත සැළකර සිටියාහ.

මහත් සංවේගයට පැමිණියා වු පසේ බුදුවරයන් වහන්සේලා බෝසත් දේහය දැක ගැනීමට පැමිණියහ. බලවත් ඇත්තු දෙන්නෙක් බෝසත් ඇත් රජු දළින් ඔසවා පසේ බුදුවරයන් වන්දවා දෙහය සෑයක තැන් පත් කළහ. පන්සියයක් පසේ බුදුවරයන් වහන්සේලා හා සුභද්‍රා ඇත් මෙහෙසිය ප්‍රධාන ඇත් සේනාව තුන්යම මුළුල්ලෙහි බෝසත් දේහය අසල ම රැදෙමින් එ බෝසත් ඇත් රජුට ආදාහන පුජා පැවැත්වුවාහ.

ඇත් රජුගේ දළ දෙක ලබාගත් සෝනුත්තර වැද්දා නොබෝ කලෙකින් දළ දෙක ද රැගෙන බරණැස් නුවරට ළගා විය. මහත් උත්සව පවැත් වු බරණැස් රජ දළ දෙක මාළිගයට ගෙනැවිත් තම අගමෙහෙසිය වු සුභද්‍රා දෙවියට දුන්නේය.

සෝනුත්තර වැදි පුත්‍රයා දළ ලබා ගැනිමේ දි සිදුවු සියලු පුවත සුභද්‍රා දේවියට ප්‍රකශ කළෙය. ඇත්රජු තම සොඩින් ම දළ කපා දුන්නා යැයි ඇසු විට බෝසතුන්ගේ ගුණ කද සිහි කළ සුභද්‍රා දෙවිය, ළය වාවාගත නොහී එ දවසෙහිම කළුරිය කළාය.

පුර්ව ජාති සිහිකළා වු මේ භික්ෂුනිය මාහට මෙහෙසිය වු බව දැක ප්‍රිතියෙන් සිනාසුණ ද, මා මැරවිමට කළ නපුරු ක්‍රියාව දැක ශොකයෙන් හැඩු බව පවසමින් බුදුරජාණන් වහන්සේ පුර්වපර සන්ධි ගළපා වදාළ සේක. .........