රැඩිකල්ද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,120
    16,975
    113
    රැඩිකල් ද?
    =========

    38872918_2204887506189260_7474866365044621312_n.jpg




    ලංකාවේ අලුත්ම විලාසිතාව තමයි "රැඩිකල්" කියන වචනෙට මුවාවෙලා ආරෝපණය කරගත්ත ලොකු සිවිල් බලයක් හදාගන්න පොඩි ගේමක් ගහන එක .

    රැඩිකල් (Radical) කියන ඉංග්‍රීසි වචනේ ගත්තහම නම් ඇති වැරැද්දක් නෑ. පවතින සමාජීය හෝ දේශපාලන ආකෘතියෙන් මිදිලා අභිවෘද්ධිය කරා යොමු වෙන එක රැඩිකල් කියලා සාමාන්‍ය විදියට අර්ථ දක්වගන්න පුළුවන් (තව තේරුම් තියෙනවා) හැබැයි ලංකාවේ රැඩිකල් කියලා කියන්නේ පෙනුමේ ඉඳලම ආකෘතියක හිර වෙච්ච විහිළු කාරයෝ සෙට් එකකට. එහෙම නැත්නම් වෙනස් විදියකට හිතනවා කියලා පෙන්නන ඒත් එකම රාමුවක් ඇතුලේ හිතන කල්ලියකට. මෑතක ඉඳලා ඉහ නිකට පැහුණු සීයලත් සමාජ ජාලා වල රැල්ලට වගේ රැඩිකල් වෙන්න දඟලන එකත් පේන්න තියෙන දෙයක්. මේ අස්සේ රැඩිකල් වෙන්න කියලා හිතාගෙන කුලියට කහින ඈයොත් නැතුව නෙමයි.

    ලංකාවේ රැඩිකල් පොරක් වෙන්නේ කොහොමද ? කරන්න ඕන මොනවද? කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඒක එච්චරම අමාරු දෙයක් නෙමයි. අනුගමනය කරන්න තියෙන්නේ මෙන්න මේ පියවර කීපය. පෙනුම ගත්තහම කොණ්ඩෙ වවන්න පුළුවන් වෙන්න ඕන කොණ්ඩේ නැත්තම් අරියාදුවට පොල් හිටෙවුවා වගේ රැවුලක්වත් තියෙන්නෙ ඕන. කොහේ හරි විදලා කරාබුවක් දාන්න ඕන. ඇඳන් ඉන්නේ කමිසයක් නම් බොත්තම් කීපයක් ගලවන්න ඕන. ඕන නම් බතික් සරමකට ටී ෂර්ට් එකක් ඇඳලා තඩි මාලයක් දාන්න පුළුවන්. පෙනුම නම් දැන් හරි. ඊට පස්සේ සිගරට්, අරක්කු, ගංජා වගේ දේවල් පාවිච්චි කරන බව සහ ඒවා නිදහස් නිවහල් සිතුවිලි උද්දීපනය කරන උත්තේජක බව ප්‍රසිද්ධියේ පෙන්නන්න ඕන. ඊට අමතරව පුරුෂාධිපත්‍යය, පුරුෂ ලිංගය, පුරුෂ කේන්ද්‍රීය, පුරුෂෝත්තම වාදය, යෝනිය, වික්ටෝරියානු සදාචාරය,ගෝත්‍රික, වැඩවසම්, වහල් වගේ වචන මෙන්ම හෙජමනි, කන්සෙප්ට්, කල්ට්, මාර්කට්, රැෂනල්, පිලෝසොෆි වගේ වචන නිරන්තරයෙන් භාවිත කරන්න ඕන. දැන් ඔබ 50% ක රැඩිකල් පොරක්.

    ඉතුරු ටික කරන්නේ මෙහෙමයි. තමන්
    එක්ස්ප්‍රෙ⁣සෝ, කැපචීනෝ වගේ කෝපී පානය කරන ගමන් වික්ටර් හියුගෝ, ගාර්ෂියා මාකේස්, පාවුලෝ කොයියෝ, ජිජැක්
    සල්මාන් රුෂ්ඩි ,මයික් ඩේවිස්, බැසිල් ඩේවිඩ්සන් වගේ ලේඛකයන්ගේ පොත් කියවන බව පෙන්නන්න ඕන. ඊට පස්සේ ජෝන් ලෙනන්, බිලී ජොයෙල්, එරික් කැලැප්ටන්,ජැක්සන් බ්‍රවුන් වැනි අයගේ ගීත රසවිඳින බව අනෙක් අයට දැනගන්න සලස්වන්න ඕන. වූඩි ඇලන්, සත්‍යජිත් රේ, ඉන්ගා බර්ග්මාන්, කුරෝසාවා, ජෝන් හුස්ටන් වැනි නිර්මාණ කරුවන්ගේ චිත්‍රපට නිතර නරඹන බව සමාජ ජාලා වල ස්ටේටස් අප්ඩේට් විදියට දාන්න පුළුවන්. දැන් ඔබ 80% ක් රැඩිකල්. ඉතුරු 20% කරන්න මෙහෙමයි. ඔබට වසර දෙදහස් පන්සීයක ඉතිහාසය
    කරුමයක් වගේ පේන්න ඕන, දුටුගැමුණු ඇතුළු රජවරු මිලේච්ඡයෝ පිරිසක් කියලා කියන්න ඕන, බෞද්ධ දර්ශනය පුරුෂෝත්තමවාදී එකක් බව හඟවන්න ඕන. ජාතිකත්වය වහකදුරු වෙන්න ඕන.
    පෙරහැරේ යන අලි ගැන සුපිරි අනුකම්පාවක් තියෙන්න ඕන. දේශපාලනමය වශයෙන් මතවාදී අරගලයකට දායක වෙනවා වගේ පෙන්නල ලංකාවේ ප්‍රධාන පක්ෂයකට ලැජ්ජ නැතුව මුක්කු ගහන්න පුළුවන් වෙන්න ඕන. ටොපියක දෙයක් කරගන්න බැරිවුණත් විප්ලවයක් කරා වගේ ඉන්න ඕන.
    ඉහත සඳහන් කරපු දේ වලින් වැඩි ප්‍රමාණයක් කරගන්න පුලුවන් නම් ඔබත් හෙන රැඩිකල් පොරක්.

    දැන් මේ වගේ රැඩිකල් අයියලා, මාමලා
    වැහි වැහැලා පඳුරක් පඳුරක් ගාන තොග පිටින් ඉන්නවා. රැඩිකල් කවියෙක් වෙන්න නම් වචන සෙට් එකක් මැද්දට කුණුහරුපයක් දැම්මහම ඇති. ලේඛකයෙක් නම් සංසර්ගයේ යෙදෙන විදිය රහ කරලා දාන්න ඕන. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් නම් හමුදාකාරයෙක් හරි හාමුදුරුනමක් කැලේ මැද්දේ ස්ත්‍රියක් දුෂණය කරනවා දාන්න ඕන..නැත්නම් මුඩුක්කු ටිකක් ඇතුලේ වෙන සිල්ලර හුටපට ටිකක් දාන්න ඕන. යන එන මං නැත්තම් බුදු හාමුදුරුවෝ හිටියද කියලා කොහොමද දන්නේ? වගේ ගොන් ප්‍රශ්නයක් අහන්න ඕන. මේවා තමයි ලංකාවේ ඉන්න වෙන්ඩ රැඩිකල් වාදීන්ගේ පොදු ලක්ෂණ කීපය.

    ලංකාවේ දැන් බහුතරයක්ම ඉන්නේ ජාතික නිදහස් දිනය දන්නේ නැති, විපක්ෂ නායක කවුද යැයි දන්නේ නැති, ප්‍රේමකීර්ති ද අල්විස් ගැන අහලා නැති අමුතුම සත්ත්ව කොට්ඨාශයක් නිසා බර වචන දෙක තුනක් දමා කුමක් හෝ අණ්ඩර දෙමළයක් ගැට ගසා පැවසු විට ඔවුනට ඊට වඩා පොරක් නැත. ලංකාව දිනපතා අඳුරෙන් අඳුරට ගමන් කරන්නේ මෙවැනි අම්බරුවන් සමාජ පෙරගමන් කරුවන් ලෙස ඉදිරියට පැමිණීම නිසා බව නොරහසකි. බහුතරයක් ලාංකේය රැඩිකල් වාදීන්ට ඇත්තේ දරිද්‍රතාවය නිසා හෝ කුඩා කල වැඩිහිටියෙකු අතින් අපයෝජනයට ලක්වීම නිසා ඇති වූ සමාජ වෛරයක් පමණි.

    බුදුන්වහන්සේ, යේසුස් වහන්සේගේ සිට මහත්මා ගාන්ධි දක්‌වා සහ ඉන්පසුවත් නැපෝලියන් බොනපාට්ගේ සිට ලී ක්වාන් යූ දක්‌වා සහ ඉන් ඔබ්බටත් ලොව අභිවෘද්ධිය උදෙසා රැඩිකල් මතවාද දැරූ බහුතරය අදටත් සමාජයේ වන්දනාවට හා ගෞරවාදරයට පාත්‍ර වේ.

    සමාජයක ප්‍රගමනයට විවිධ මතධාරීන්ගේ ප්‍රමාණාත්මක මැදිහත්වීමක් අවශ්‍ය වුවද වෙන්ඩ රැඩිකල්වාදීන් කරන්නේ තම තමන්ගේ පෞද්ගලික පීඩනයන් වෛරයක් ලෙස සමාජගත කිරීම නම් ඒ නිසා ඔවුනට හෝ රටට සිදුවන යහපතක් නැත.

    https://www.rivira.lk/online/2017/09/02/124901

    ( සැප්තැම්බර් මස 3 වන ඉරිදා රිවිර පුවත්පතට ලියූ ලිපියකි )
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔක්කොම ජාතියේ උන් කිරියේ ඉන්නවා,ඒත් රැඩිකල් උන් නැද්ද බලන් යනකොට :oo:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,856
    28,739
    113
    වෙන්ඩ රැඩිකල්වාදීන් කරන්නේ තම තමන්ගේ පෞද්ගලික පීඩනයන් වෛරයක් ලෙස සමාජගත කිරීම නම් ඒ නිසා ඔවුනට හෝ රටට සිදුවන යහපතක් නැත.

    this is some what true!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හද්ද රස්තියාදුකාරයො 50% රැඩිකල් වෙලා නේද එතකොට
     

    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0

    බහුතරයක් ලාංකේය රැඩිකල් වාදීන්ට ඇත්තේ දරිද්‍රතාවය නිසා හෝ කුඩා කල වැඩිහිටියෙකු අතින් අපයෝජනයට ලක්වීම නිසා ඇති වූ සමාජ වෛරයක් පමණි.

    මේ කියන්නේ පොඩි කාලේ මහන වෙලා ලොකු සදුලා අතින් අතවරයට ලක්වෙලා සමාජ වෛරයෙන් ඉන්න සාදුලා ගැනද? :baffled::baffled:

    මේක පංසලේ විතරක් නෙමේ කිතුනු පල්ලියේත් තියෙනවා තදටම.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊට අමතරව පුරුෂාධිපත්‍යය, පුරුෂ ලිංගය, පුරුෂ කේන්ද්‍රීය, පුරුෂෝත්තම වාදය, යෝනිය, වික්ටෝරියානු සදාචාරය,ගෝත්‍රික, වැඩවසම්, වහල් වගේ වචන මෙන්ම හෙජමනි, කන්සෙප්ට්, කල්ට්, මාර්කට්, රැෂනල්, පිලෝසොෆි වගේ වචන නිරන්තරයෙන් භාවිත කරන්න ඕන. දැන් ඔබ 50% ක රැඩිකල් පොරක්.

    ඔය වචන සෙට් එක කියන උන් ඕනතරම් කිරියෙත් ඉන්නේ :rofl:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය වචන සෙට් එක කියන උන් ඕනතරම් කිරියෙත් ඉන්නේ :rofl:


    ඔය වගෙ එවුන් ඇති වෙන්නෙ අපෙ රටෙ උසස් පෙල ආර්ට් කියන්නෙ ආර්ට් නොවෙච්ච එක සහ පුස්සන් බිහි කරන දෙයක් .
    ආර්ට් කිව්වාහ්ම සංගීතය, චිත්‍ර වගෙ දෙවල් වලින් විතරක්ම තියෙනවානම් මෙහෙම දෙවල් වෙන්නෙ නැහැ.
    අපෙ උන් රැඩිකල් වෙන්නෙ ජොන් ලෙනන්ගෙ ,බොබ් මාලෙගෙ සින්දු අහලා, එත් ඒ මිනිස්සු එව්වා කලෙ ඇයි කියන එක පිලිබඳව හරි අර්ථයක් මුන් ගාව නැහැ.

    ඔය වික්ටර් හියුගො, චාර්ල්ස් ඩිකන්ස් ,පොලො චෙලොගෙ පොත් කියවන බයියොත් මන් ඔනි තරම් දැකලා තියෙනවා උන්ට හරියට ඉංග්‍රීසි බැහැ.

    ජොර්ජ් ආර් ආර් මාර්ටින්ගෙ ගෙම්ස් ඔෆ් ත්‍රොන්ස් ඔයිට වඩා සුපිරි