මේකේ වැටෙන post බැලුවම තේරෙන දෙයක් තමයි එක්කෝ වෙනසකට අකමැති කම හෝ බය නැත්නම් වෙන දියුණු රටකට යන්න බැරි කම (අද්යාපනයක් හෝ මුදල් නොමැති කම ) වගේ හේතු නිසා දැඩි මානසික පීඩනයකින් ඉන්න පිරිසක් ඉන්නවා වගේම කිසිම අත්දැකිමක් නැතුව එහෙන් මෙහෙන් ඇහෙන දේවල් එකතු කරගෙන ඒවා තමයි ඇත්තම කියල හිත හදාගන්න උත්සහ කරන කොටසක් ඉන්නවා.
මෙහෙ මිනිස්සු පිටින් එන උන්ට සලකන්නැ කියන එකට මට කියන්න තියෙන්නේ උබල අපි ලංකාවේ ඉන්නකොට ලංකාවේ උන් අනේ මේ අපේ උන් කියල උබලාට විශේෂ සැලකිල්ලක් දැක්කුවද ? බස් එකේ කොන්දෙක් උබලට සලකන්නේ කොහොමද, හිගන්නෙක්ට 10 කාසියක් දුන්නොත් එකෙන් යේ උබට දමල ගහනවා නේද ? ග්‍රාම සේවක ලගට වැඩක් කරගන්න ගියාම අනේ මේ අපේ ලංකාවේ පුරවැසියෙක් කියල උබලට සුපිරි සේවයක් දෙනවා නේද? රජයේ රෝහලකට ගියොත් ඇටේන්ඩනේගෙන් ඉදන් බැනුම් අහනවා නේද ? පාරේ යනකොට කී දෙනෙක් උබට බනිනවද ? බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ කුණුහරුප කියල උබලට බැනල තියනවා නේ ?
දියණු රටවල මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න කාලය වය කරන්නේ නැ .එක උබල තේරුම් අරන් තියෙන්නේ උබල ගැන සලකන්නේ නැ කියල. උන්ට වැඩක් නැ උබේ qualification උබට වැඩ පුලුවන්නම්. මන් දැන් මාස දෙකක ඉදන් මෙහෙ ආයතනයක accounts dept එකේ වැඩ. අඩු ගානේ certificate එකක් වත් ඉල්ලුවේ නැ.
ලංකාව ඇත ඇරලා දියුණු රටකට පවුල පිටින් ඇවිත් දැනට මාස 3 යි . මට දැනට දැනෙන විදියට වාසි අවාසි මෙහෙමයි.
වාසි
දරුවන් තුන් දෙනාගේ අද්‍යාපනය.
ඉන්න ගෙදර ඉදන් පයින් යන්න 5 Min ඉස්කෝලෙට . පොතක් දැක්කෙවත් නැ මේ ටිකට . තුන් දෙනාටම ipad 3ක් දුන්න ඉස්කෝලෙන්. ? .එකේන් තමයි උන් ඉගෙන ගන්නේ. ලංකාවේ ළමයි මොන දුකක් විදිනවද සිංහල අකුරු ඉගෙන ගන්න . මුර්තජ , රකාරංශ , උක්ත අක්යාත. අනේ මන්ද බන් ඕව ඉගෙන ගෙන කවදද ඒවගෙන් වැඩක් ගන්නේ. පත බෑග් උස්සන් යන්න නැ . ඉස්කෝලෙන් කන්න දෙනවා . parents meeting දාන්නේ රැට. එකත් කලින් දන්වල එවනවා. ඒ වෙලාව ok නම් කියන්න කියල . වැඩ ඇරිලා යන්න පුළුවන් meeting එකට. සත පහක වියදමක් නැ.
රැකියාව
සදුදා ඉදන් බ්‍රහස්පතින්දා වෙනකන් 8.30 - 5.30. සිකුරාදා 5 ට off. පඩිය දැන් තියන rate එකට බැලුවොත් 0.9 mn - 1.0 mn අතර . හැබැයි එකෙන් 350000 ක් විතර යනවා රෙන්ට් එකටයි gas and electricity වලට . 120000 ක් විතර මාසේ කෑම වියදම (කඩෙන් කන්නේ නැ. තුන් වේලම ගෙදර හදන්නේ). 5.30 ට ගෙදර නොගියොත් ලොක්ක අහනවා අයි ඉන්නේ කියල . ලංකාවේ ඉන්නකොට වෙලාවට off වෙලා යන්නෙත් පට්ට බයෙන් .
කෑම
ලංකාවේ ඉන්නකොට කන්න නොලැබුණ නොයෙක් දේවල් මෙහෙ ඇවිත් කන්න පුළුවන් උනා . පලතුරු , චෝකෝ , biscuits , crisps වගේ දේවල් . ලංකාවේ ඉද්දි කාපු කොස් දෙල් මැල්ලුම් එළවලු රොටි කොත්තු රයිස් නෑ ඉතින් . එක දැනගෙන එන්න ඕනේ . අනිත් ඒවානම් ඉතින් ඔක්කොම එකයි (KFC, Mac , PizzaHut , Dominos , Burger king ) එකම දේ මෙහෙ ඒවා හදනකොට පරණ කුකුල් මස් , පරන තෙල් දාල හදන්න කියල sure . මොස්ට් importantly පැයක දෙකක වැටුපෙන් පුළුවන් හොද whisky එකක රස බලන්න .
ප්‍රවාහනය.
පට්ට . තාම වාහනයක් ගත්තේ නැ අවශ්‍යතාවක් නොදැනුනු නිසා . එතරම් පොදු ප්‍රවාහනය ලේසි . ලේලන්ඩ් හොර්න් , 3 wheel හොර්න් නැති නිසා කනට හරිම නිවනයි පාරේ ඉද්දි .
සාමාන්‍ය ජීවිතය
රැට නින්ද යනවා සිතල නිසා සුපිරියට . දැන්නම් ටිකක් සිතල අඩුයි වින්ටෙර් ඉවර නිසා .
මෙහෙ fruit picking පටන් ගන්නේ ජුනි ජුලි වෙනකොට . ඒ වෙනකොට උබල ඔය දැන් photos video නැ කියන උන් දන්න පටන් ගනී apple ගෙඩි strawberry අතේ තියන්
අවාසි
ලගම තියන කඩේට යන්න උනත් jacket , hoodies සපත්තු දාගෙන යන්න ඕනේ එළියේ සිතල නිසා .
ෂෝට ගහල බාට දාගෙන bike එකේ නැගල එහෙ මෙහෙ ගිය වගේ මෙහෙ යන්න අමාරුයි.
වෙන කියන්න දෙයක් නෑ බන්
මෙහෙ හම්බ කරන්න පටන් ගත්තම එකට addict වෙනවා . උබේ හැම පැයකටම මේ රටවල් වල value එකක් දෙනවා . අනික මෙහෙ ලොක්කෝ උබලව මරොල වැඩ ගන්නේ නැ උන් නිකන් ඉදල . උබලට පෙන්නම උනුත් මහන්සි වෙලා වැඩ කරනවා . එතකොට අනිත් උන්ට වැඩ නොකර ඉන්න හිතෙන්නැ. උබ හොද මුදල් පාලනයකින් වැඩ කරන එකෙක් නම් මෙහෙ ඕනෙම job එකක් කරලා අවුරුදු 45 වෙද්දී retire වෙන්න පුළුවන් ඕනේ එකෙක්ට මට මේ ටිකට තේරුන විදියට