රැල්ලට රට පැන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,986
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Italy hitapu un uk panne european passport eka aragattata passe 5 years hitiyanam mehe pr dan aluthen panina unta ba habai.
    ඉතාලි හරි විදියට ඉඳල සිටිසන් එක ගන්න අවුරුදු පහලවක් වත් යනව මම දන්න විදියට😐
    යූකේ pr දාගත්ත කියල යුරෝප් පාස්පෝට් වලට හම්බෙන සැප හම්බෙන්නේ නෑ. අපි හම්බුකරොත් අපි කෑව තමයි.😐
     
    • Like
    Reactions: Mr Bones

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඉතාලි හරි විදියට ඉඳල සිටිසන් එක ගන්න අවුරුදු පහලවක් වත් යනව මම දන්න විදියට😐
    යූකේ pr දාගත්ත කියල යුරෝප් පාස්පෝට් වලට හම්බෙන සැප හම්බෙන්නේ නෑ. අපි හම්බුකරොත් අපි කෑව තමයි.😐
    Eka atte habai godak italy german wela hitapu un mehe panne European benifit ekata connect wela tibba kale union ekath ekka. Dan e sellam na habai dan e ratawal
    Meheta wada hodai 😂😂😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,986
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Eka atte habai godak italy german wela hitapu un mehe panne European benifit ekata connect wela tibba kale union ekath ekka. Dan e sellam na habai dan e ratawal
    Meheta wada hodai 😂😂😂
    දැන් අඩුගානේ යුරෝපියන් යුනියන් රටවල උන්වත් යන්නේ නෑ. 🤣
    ඒක හින්දා තමයි අඩුකුළේ මිට්ටොන්ට කැරට් පෙන්නලා සල්ලි ටික කඩාගෙන වීස දෙන්නේ. එන උන්ට අන්තිමට වෙන්නේ අතින් කාල හරක් බලාගත්ත වගේ වැඩක්.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    රට ගිහින් අනාක වෙන්නේ නම් නෑ රෝලක් ගහ ගනි...

    ඒත් සුදු හම තියෙන රටක් නම් ලංකාවේ වගේ උන්ව පඩේට ගනන් ගන්නේ නෑ...ඒ විතරක් නෙමෙයි තියෙන තැනෙනුත් පහලට දානවා...

    උන් පට්ට රේසිස්ට්...ර්සිස්ට් කියන්නෙත් උන් අපිව යටත් වැසියෝ විදිහට දකින්නේ...

    හිතපන් සිංහල කලු කැත මොල වලට තේරෙන උදාහරණයක් කිව්වෝත්, තොපේ වලව් ගෙදර බැල මෙහෙවර කරපු කැහැටු හඩු සයිමන්ගේ පුතා හොඳට ඉගෙන ගෙන, රස්සාවක් කරලා වාහනයක් කාරිය අරන් ගමට ආවොත් උඹලා ඌට මහත්තයා වගේ සලක්න්නේ නෑ...ඌ ස්ටිල් සයිමගේ කොල්ලා..ඌට වලව් පැලැන්තියේ තැනක් නෑ...ඒ වගේ තමයි...

    එහෙම ගිය ගොඩක් උන් මානසිකව ඒ අඩුව විදිනවා..සිංහලුන්ට කොහොමත් හීන මානය තියෙනවා...එහෙව් උන් ඔය වගේ දේකට මුහුන දෙනකොට උන්ට පට්ට අවුල්...ඒ හින්දා ගොඩක් උන් තමන්ගේ මව් රටේ ගොබ්බ මිනිස්සු එක්ක තමයි වැඩිපුර ගැවසෙන්නේ...මොකද උන්ට පිලිගැනීමක් ලැබෙන්නේ එතන විතරයි...ඒකයි ගොඩක් උන්ට එහේ ගිහින් කරන කියන ඔක්කොම පොටෝ දදා හැමෝටම කියන්න ඕන අපි මෙහෙමයි අරමයි කියලා..එක්කෝ යූටියුබ් එකේ vlogs කරයි...ඕවා තමයි...

    වරදක් කියනවා නෙමෙයි...
    True
     
    • Like
    Reactions: kolavari

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ගිය අලුත හැම වීක් එකේම කොහේ හරි ගිහින් පොටෝ දාපු අය දැන් මුකුත් දන්නේ නෑ FB එකේ
    මාත් නෝට් කලා මේක
    මගෙ Profile එකෙත් කීප දෙනෙක්ම එහෙමයි
    සමහරුන්ගෙ FB profile ත් නෑ
     
    • Like
    Reactions: Mugen and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මාත් නෝට් කලා මේක
    මගෙ Profile එකෙත් කීප දෙනෙක්ම එහෙමයි
    සමහරුන්ගෙ FB profile ත් නෑ
    un therum gannawa unta suddonge commiunity walata enter wenna ba kiyala. itapasse youtube chanel ekak hadan sinhalen video danawa sinhalunta balanna.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    එහෙම ගිය ගොඩක් උන් මානසිකව ඒ අඩුව විදිනවා..සිංහලුන්ට කොහොමත් හීන මානය තියෙනවා...එහෙව් උන් ඔය වගේ දේකට මුහුන දෙනකොට උන්ට පට්ට අවුල්...ඒ හින්දා ගොඩක් උන් තමන්ගේ මව් රටේ ගොබ්බ මිනිස්සු එක්ක තමයි වැඩිපුර ගැවසෙන්නේ...මොකද උන්ට පිලිගැනීමක් ලැබෙන්නේ එතන විතරයි...ඒකයි ගොඩක් උන්ට එහේ ගිහින් කරන කියන ඔක්කොම පොටෝ දදා හැමෝටම කියන්න ඕන අපි මෙහෙමයි අරමයි කියලා..එක්කෝ යූටියුබ් එකේ vlogs කරයි...ඕවා තමයි...

    un therum gannawa unta suddonge commiunity walata enter wenna ba kiyala. itapasse youtube chanel ekak hadan sinhalen video danawa sinhalunta balanna.
    උබල ඕක මෙතන කිව්වට වඩා හොදයි උන්ගේ උන්ගේ යුටියුබ් චැනල් එකක කමෙන්ට් එකක් විදියට දාපල්ලකෝ.🤣එහෙම දාල ඒක මෙතන දාපල්ලා. නැත්නම් උන් නැති එළකිරියේ මෙහෙම දානවා කියන්නේ පාලු ගෙයි වලන් බිදින සීන් එකක් නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උබල ඕක මෙතන කිව්වට වඩා හොදයි උන්ගේ උන්ගේ යුටියුබ් චැනල් එකක කමෙන්ට් එකක් විදියට දාපල්ලකෝ.🤣එහෙම දාල ඒක මෙතන දාපල්ලා. නැත්නම් උන් නැති එළකිරියේ මෙහෙම දානවා කියන්නේ පාලු ගෙයි වලන් බිදින සීන් එකක් නේ.
    ridila :ROFLMAO::ROFLMAO::ROFLMAO: mokadda ube youtube chanel eka ?
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    උබල ඕක මෙතන කිව්වට වඩා හොදයි උන්ගේ උන්ගේ යුටියුබ් චැනල් එකක කමෙන්ට් එකක් විදියට දාපල්ලකෝ.🤣එහෙම දාල ඒක මෙතන දාපල්ලා. නැත්නම් උන් නැති එළකිරියේ මෙහෙම දානවා කියන්නේ පාලු ගෙයි වලන් බිදින සීන් එකක් නේ.
    Sirawata ehema kerena ewunge channel tika dapan api gihin kiyamu
     
    • Like
    Reactions: Mr Bones

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ridila :ROFLMAO::ROFLMAO::ROFLMAO: mokadda ube youtube chanel eka ?
    මම හිතුව උබ ඕක කියයි කියල. :lol: සිංහල චැනල් බලන්නෙ කෘෂි ඒවා විතරයි.

    Sirawata ehema kerena ewunge channel tika dapan api gihin kiyamu
    මම චැනල් නම් වලින් දන්නේ නෑ බන්. මම බලන්නේ කෘෂි ඒවා විතරයි. අරු වගේ නෙමෙයි. උබ ෆොර්වඩ් පොරක්. එල !!
     
    Last edited:
    • Like
    Reactions: PanasonicAC

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,986
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sirawata ehema kerena ewunge channel tika dapan api gihin kiyamu
    ජොසීගේ වයිෆ් එකක් කරනවා. @NaiRobi කියන පරට්ටි ''කවුද මේ කළු කොට මිට්ටී?'' වගේ මුඩුම මූසල කමෙන්ට් එකක් දැම්මා, ජොසී හිත රිදිලා කලකිරිලා ගියා.

    මහ බලු යක්කු.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ජොසීගේ වයිෆ් එකක් කරනවා. @NaiRobi කියන පරට්ටි ''කවුද මේ කළු කොට මිට්ටී?'' වගේ මුඩුම මූසල කමෙන්ට් එකක් දැම්මා, ජොසී හිත රිදිලා කලකිරිලා ගියා.

    මහ බලු යක්කු.
    Link eka dapan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබල ඕක මෙතන කිව්වට වඩා හොදයි උන්ගේ උන්ගේ යුටියුබ් චැනල් එකක කමෙන්ට් එකක් විදියට දාපල්ලකෝ.🤣එහෙම දාල ඒක මෙතන දාපල්ලා. නැත්නම් උන් නැති එළකිරියේ මෙහෙම දානවා කියන්නේ පාලු ගෙයි වලන් බිදින සීන් එකක් නේ.

    mama oya huttawal balanne naa bn...anika mata kohomath social media wala photo dadaa haminena sick ekak na,,mata e wage un ekka awulkuth naa habai :)

    පාරෙ යද්දි, "යෝ මිටි හුත්තෝ අඩුකුලේ කලු කැත පකර්‍ර් මයිට්" කියල කියන්නේ...

    Oya foreign un ekka set wenna thiyena video chatting service ekakta wage gihin balapan,,,

    kunuharupa ahaganna puluwan ungen :lol:

    ඉගෙනගත්තොත්, ඉගෙනගෙන ඉස්සරහට ගියොත් ඔය කතා නෑ.
    වැඩ පුලුවන් නං ඕන තැනක මාර්ගය පෑදෙනව.

    uba igena gattha kiyala pitee board gahagena yanwada ?? :baffled:

    oka thamai lankawe mentality eka,,,docaa la lat ekata giyath stethescope eka kare dagena yanne oka nisa ne :rofl:

    oka nattham okun wa ballek tharam wath ganan ganne na,,sinhaluntath ochara thamai bn,,,
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතාලි හරි විදියට ඉඳල සිටිසන් එක ගන්න අවුරුදු පහලවක් වත් යනව මම දන්න විදියට😐
    යූකේ pr දාගත්ත කියල යුරෝප් පාස්පෝට් වලට හම්බෙන සැප හම්බෙන්නේ නෑ. අපි හම්බුකරොත් අපි කෑව තමයි.😐
    Aus 4 years citizenship
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මේකේ වැටෙන post බැලුවම තේරෙන දෙයක් තමයි එක්කෝ වෙනසකට අකමැති කම හෝ බය නැත්නම් වෙන දියුණු රටකට යන්න බැරි කම (අද්යාපනයක් හෝ මුදල් නොමැති කම ) වගේ හේතු නිසා දැඩි මානසික පීඩනයකින් ඉන්න පිරිසක් ඉන්නවා වගේම කිසිම අත්දැකිමක් නැතුව එහෙන් මෙහෙන් ඇහෙන දේවල් එකතු කරගෙන ඒවා තමයි ඇත්තම කියල හිත හදාගන්න උත්සහ කරන කොටසක් ඉන්නවා.

    මෙහෙ මිනිස්සු පිටින් එන උන්ට සලකන්නැ කියන එකට මට කියන්න තියෙන්නේ උබල අපි ලංකාවේ ඉන්නකොට ලංකාවේ උන් අනේ මේ අපේ උන් කියල උබලාට විශේෂ සැලකිල්ලක් දැක්කුවද ? බස් එකේ කොන්දෙක් උබලට සලකන්නේ කොහොමද, හිගන්නෙක්ට 10 කාසියක් දුන්නොත් එකෙන් යේ උබට දමල ගහනවා නේද ? ග්‍රාම සේවක ලගට වැඩක් කරගන්න ගියාම අනේ මේ අපේ ලංකාවේ පුරවැසියෙක් කියල උබලට සුපිරි සේවයක් දෙනවා නේද? රජයේ රෝහලකට ගියොත් ඇටේන්ඩනේගෙන් ඉදන් බැනුම් අහනවා නේද ? පාරේ යනකොට කී දෙනෙක් උබට බනිනවද ? බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ කුණුහරුප කියල උබලට බැනල තියනවා නේ ?

    දියණු රටවල මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න කාලය වය කරන්නේ නැ .එක උබල තේරුම් අරන් තියෙන්නේ උබල ගැන සලකන්නේ නැ කියල. උන්ට වැඩක් නැ උබේ qualification උබට වැඩ පුලුවන්නම්. මන් දැන් මාස දෙකක ඉදන් මෙහෙ ආයතනයක accounts dept එකේ වැඩ. අඩු ගානේ certificate එකක් වත් ඉල්ලුවේ නැ.

    ලංකාව ඇත ඇරලා දියුණු රටකට පවුල පිටින් ඇවිත් දැනට මාස 3 යි . මට දැනට දැනෙන විදියට වාසි අවාසි මෙහෙමයි.

    වාසි

    දරුවන් තුන් දෙනාගේ අද්‍යාපනය.

    ඉන්න ගෙදර ඉදන් පයින් යන්න 5 Min ඉස්කෝලෙට . පොතක් දැක්කෙවත් නැ මේ ටිකට . තුන් දෙනාටම ipad 3ක් දුන්න ඉස්කෝලෙන්. ? .එකේන් තමයි උන් ඉගෙන ගන්නේ. ලංකාවේ ළමයි මොන දුකක් විදිනවද සිංහල අකුරු ඉගෙන ගන්න . මුර්තජ , රකාරංශ , උක්ත අක්යාත. අනේ මන්ද බන් ඕව ඉගෙන ගෙන කවදද ඒවගෙන් වැඩක් ගන්නේ. පත බෑග් උස්සන් යන්න නැ . ඉස්කෝලෙන් කන්න දෙනවා . parents meeting දාන්නේ රැට. එකත් කලින් දන්වල එවනවා. ඒ වෙලාව ok නම් කියන්න කියල . වැඩ ඇරිලා යන්න පුළුවන් meeting එකට. සත පහක වියදමක් නැ.

    රැකියාව

    සදුදා ඉදන් බ්‍රහස්පතින්දා වෙනකන් 8.30 - 5.30. සිකුරාදා 5 ට off. පඩිය දැන් තියන rate එකට බැලුවොත් 0.9 mn - 1.0 mn අතර . හැබැයි එකෙන් 350000 ක් විතර යනවා රෙන්ට් එකටයි gas and electricity වලට . 120000 ක් විතර මාසේ කෑම වියදම (කඩෙන් කන්නේ නැ. තුන් වේලම ගෙදර හදන්නේ). 5.30 ට ගෙදර නොගියොත් ලොක්ක අහනවා අයි ඉන්නේ කියල . ලංකාවේ ඉන්නකොට වෙලාවට off වෙලා යන්නෙත් පට්ට බයෙන් .

    කෑම

    ලංකාවේ ඉන්නකොට කන්න නොලැබුණ නොයෙක් දේවල් මෙහෙ ඇවිත් කන්න පුළුවන් උනා . පලතුරු , චෝකෝ , biscuits , crisps වගේ දේවල් . ලංකාවේ ඉද්දි කාපු කොස් දෙල් මැල්ලුම් එළවලු රොටි කොත්තු රයිස් නෑ ඉතින් . එක දැනගෙන එන්න ඕනේ . අනිත් ඒවානම් ඉතින් ඔක්කොම එකයි (KFC, Mac , PizzaHut , Dominos , Burger king ) එකම දේ මෙහෙ ඒවා හදනකොට පරණ කුකුල් මස් , පරන තෙල් දාල හදන්න කියල sure . මොස්ට් importantly පැයක දෙකක වැටුපෙන් පුළුවන් හොද whisky එකක රස බලන්න .

    ප්‍රවාහනය.

    පට්ට . තාම වාහනයක් ගත්තේ නැ අවශ්‍යතාවක් නොදැනුනු නිසා . එතරම් පොදු ප්‍රවාහනය ලේසි . ලේලන්ඩ් හොර්න් , 3 wheel හොර්න් නැති නිසා කනට හරිම නිවනයි පාරේ ඉද්දි .

    සාමාන්‍ය ජීවිතය

    රැට නින්ද යනවා සිතල නිසා සුපිරියට . දැන්නම් ටිකක් සිතල අඩුයි වින්ටෙර් ඉවර නිසා .

    මෙහෙ fruit picking පටන් ගන්නේ ජුනි ජුලි වෙනකොට . ඒ වෙනකොට උබල ඔය දැන් photos video නැ කියන උන් දන්න පටන් ගනී apple ගෙඩි strawberry අතේ තියන්:lol:

    අවාසි

    ලගම තියන කඩේට යන්න උනත් jacket , hoodies සපත්තු දාගෙන යන්න ඕනේ එළියේ සිතල නිසා .

    ෂෝට ගහල බාට දාගෙන bike එකේ නැගල එහෙ මෙහෙ ගිය වගේ මෙහෙ යන්න අමාරුයි.

    වෙන කියන්න දෙයක් නෑ බන්

    මෙහෙ හම්බ කරන්න පටන් ගත්තම එකට addict වෙනවා . උබේ හැම පැයකටම මේ රටවල් වල value එකක් දෙනවා . අනික මෙහෙ ලොක්කෝ උබලව මරොල වැඩ ගන්නේ නැ උන් නිකන් ඉදල . උබලට පෙන්නම උනුත් මහන්සි වෙලා වැඩ කරනවා . එතකොට අනිත් උන්ට වැඩ නොකර ඉන්න හිතෙන්නැ. උබ හොද මුදල් පාලනයකින් වැඩ කරන එකෙක් නම් මෙහෙ ඕනෙම job එකක් කරලා අවුරුදු 45 වෙද්දී retire වෙන්න පුළුවන් ඕනේ එකෙක්ට මට මේ ටිකට තේරුන විදියට