අනුන්ගෙ එෆ්බී ඉන්ස්ටා දැකලා රැල්ලට රට යන්න හොයන කෙනෙක් කියන්නෙ ඒ කනාගෙ හිතේ හීන මානය සරුවටම තියෙනවා. මම මේක කිව්වම, අනුන්ගෙ සෝශල් මීඩියා බලලා රට ගිය සිංහළු මාත් එක්කත් තරහා වෙන්න පුළුවන්, ඒත් ඒක තමයි ඇත්ත. එහෙම හීනමානය තියෙන අයට මම නම් ප්‍රතිපත්තියක් හැටියට රට යන එක එපා වෙන්න කිසිම දෙයක් වචනයකින් වත් කවදාවත් කියලා නෑ කියන්නෙත් නෑ. උබලත් එහෙම නවත්තන්න එපා. කෙලින්ම උබලව වැටෙන්නෙ ජෙල උන්ගෙ ලිස්ට් එකට. ඒ නිසා මම නම් කවුරු හරි රට යන කතාව කියලා ඉවරකරන්න කලින්, අඩෝ මරුනෙ පලයන් වගේ උන් සතුටු වෙන දෙයක් කියනවා.
සුද්දෙක්ව හරි සුද්දියෙක්ව හරි බැඳලා යන අයට උබ කියන ප්‍රශ්ණ අඩුයි.
ගොඩක් ප්‍රශ්ණ තියෙන්නෙ ලංකාවෙ දෙන්නෙක් දෙන්නම එකපාරටම ගියාම. එහෙම ප්‍රශ්ණ නැතුව හොඳින් ඉන්න අයත් ඉන්නවා.
සිංහළු දෙන්නෙක්ට යන්න ඕනේ නම්, අඩුම ගානේ කොල්ලා හරි කෙල්ල හරි ඒ රටේ අවුරුදු 10ක් වත් ජීවත් වෙලා ඊට පස්සෙ අනිත් කෙනාව ගන්නවා නම් ප්‍රශ්ණ ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැබැයි එහෙම යන්න ඉන්න අයට පිට යන සීන් වගේ වෙනස්ම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා.
ලෝකේ කොහේ ජීවත් උනත් ඉන්න තැනක සතුටින් ඉඳපල්ලා. තමන් ජීවත් වෙන්නෙ අනුන්ට පෙන්නන්න නෙවෙයි. ඒ නිසා තමන් කැමති දේ කරපල්ලා. කරන දේ හරියට කරපල්ලා.