රැවන්ඩාවෙන් ලංකාවට පාඩමක්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    රැවන්ඩාවෙන් ලංකාවට පාඩමක්

    Copied

    රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වන්නේ රටේ පිනට පහළ වෙච්ච එරට ජනාධිපති Paul Kagame නිසාය.

    මධ්‍යම අප්‍රකාවේ කුඩා දිවයිනක් වන රුවන්ඩාව මිට දශකයකට පෙර මිනි කන දේශයක් වගේම ටූට්සි හා හුටූ ගෝත්‍රික ගැටුම් නිසා ලක්ෂ ගණනින් මිනිසුන් මරාගන්නා මිනිස් වාසයට නොසුදුසු රටක් ලෙස සැලකිය.

    #හුටු, #ටූට්සි, #ත්වා යන ගෝත්‍ර 3 කින් සමන්විත රුවන්ඩාවේ බහුතරය හුටු 85% ය.ටූට්සි 14% කුත් ත්වා 1% ක් තරම්ය.

    ජනවාර්ගික සිවිල් යුද්ධය 1990 ඉඳන් 1994 දක්වා වූ වසර 4ක් තුළ රටේ නැති වුණු ජීවිත ගණන ලක්ෂ 10ක්.නමුත් අද වන විට අප්‍රිකානු කාලාපයේ පිරිසිදුම රට වී ඇති රුවන්ඩාව දවසකට පස් වාතාවක් කිලාලි නගරයේ කානු පිරිසුදු කරන රටක් වී ඇත.

    දිනකට කාන්තාවන් 10 දෙනෙක් දූෂණයට ලක් වූ රට මේ වෙනකොට ලෝකයේ වැඩිම කාන්තාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තිබෙන රට බවට පත් වෙල. ඒය සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 64ක් තරම් විශාල අගයක්.😮

    ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් එරට 2018 මාර්තු මාස විවෘත වීමත් සමඟ මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ පහක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වෙනවා.😮

    2019 ඔක්තෝබර් 07 වැනිදා කිගාලි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව ඩොලර් මිලියන 24ක වියදමකින් ආරම්භ කර තිබෙනවා.අද වෙනකොට රුවන්ඩියානු තරුණ තරුණියන් 200කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් දිනකට Smartphone 1,200ක් නිෂ්පාදනය කරනවා 😍

    ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගන්නා අප්‍රිකානු මහාද්වීපයේ එකම හා ප්‍රථම රට හැටියට රුවන්ඩාව රටේ රධාන නගරයෙන් ඈත පිහිටි බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හැරීම සහ රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතූන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම කරන්නේ ඩ්‍රෝන මඟින් 😍

    රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කරන ලද අතර කිගාලි යනු අප්‍රිකාවේ පිරිසිදුම නගරයයි.නගරය තුල පොලිතින් බැග් වෙනුවට කඩදාසි බැග් බාවිතා කරයී.සෑම මසකම අනිවාර්ය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දිනයක් ද තිබේ.

    රුවන්ඩාවට කඳු දහසකට වඩා ඇත. ඔවුන් එය කඳු දහසක් සහිත දේශයක් ලෙස හැඳින්වුවද, විවිධ පුද්ගලයින්ගෙන් ඇස්තමේන්තු කර ඇති ගණන් බැලීම්වලට අනුව රුවන්ඩාවේ කඳු 1030 කට වඩා තිබේ.

    ඔබ රුවන්ඩාවට ගිය විට, ගෝරිල්ලන් සංරක්ෂණය සඳහා තවත් පරිත්‍යාගයක් කළ යුතු නැත, ඔබ දැනටමත් එසේ කර ඇත. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන සෑම රජයේ ආදායමෙන් ප්‍රතිශතයක් ප්‍රජාවට ආපසු ලබා දෙනු ලැබේ. විශේෂයෙන් ඔවුන් ආපසු නොයන බවට වග බලා ගැනීම සඳහා උද්‍යානයෙන් නැවත පදිංචි කර ඇත.

    තේ සහ කෝපි යනු රුවන්ඩාවේ හොඳම සහ විශාලතම අපනයනයයි - රුවන්ඩාවේ කෝපි ටැනින් අඩු නිසා තිත්ත බවින් අඩු බැවින් කිරි හෝ වෙනත් කිසිවක් නොමැතිව රස බැලීමට හැකිය. එවිට ඔබට එහි සුවඳ නිසි ලෙස රස කර රස බැලීමට හැකිය. රුවන්ඩාවේ විශේෂිත කෝපි ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇති අතර එය Starbucks වැනි විශාලතම වෙළඳ නාමයන් විසින් භාවිතා කිරීම පුදුමයක් නොවේ.

    අනෙකුත් සියලුම අප්‍රිකානු ජාතීන්ට සහ අපේ රටට එමගින් ඉගෙන ගත හැකි ආදර්ශ කොතෙක් ඇත්දැයි සිතා බැලීම වටි.🙏

    A lesson for all other African nations to learn from #RWANDA:yes:
     
    • Like
    Reactions: divoomdelux

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ගෝට සර් එනකං පොඩ්ඩක් ඉවසල ඉමුකො . තව දවස් 10නේ තියෙන්නේ .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    True.. It's Africa's rising star. They have come a long way with a fast emerging economy. Tourism is expected to grow.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,624
    113
    ඇයි බං අපිත් දැන් කුලියාපිටිය වොක්ස්වැගන් ෆැක්ටරියෙ හදපු කාර් පදින්නෙ ලක්ෂ 62 ක් වන වෘෂභ රාජයන්ට පිංසිදු වෙන්න