"
අවශ්‍ය ද්‍රව්‍ය
(මෙහි දක්වා ඇත්තේ හකුරු 250කට අවශ්‍ය ප්‍රමාණයන්)
ඇන්කර් හෝ හයිලන්ඞ් බටර් කාලක් (ග්‍රෑම් 125) (ලුණු රහිත, unsalted විය යුතුමයි)
කිතුල් හකුරු ග්‍රෑම් 250 (උක් හකුරු තමා ගන්න කියන්නේ)
මී පැණි අවුන්සයේ බෝතල් 01 (නියම මී පැණි වෙන්නම ඕනා)
එළඟිතෙල් අවුන්සයේ බෝතල් 01 (ලුමිනස් කහපාට නොවන තරමක් රන් පැහැයට හුරු එළගිතෙල් highland හා ආයුර්වේද සංස්ථා brand වලින් තියෙනවා, ඒක තමා හරි, අනික් එක හරියට කළවම් වෙන්නෙ නෑ)
සාදා ගන්නා ආකාරය
බටර් කුඩා කැබලිවලට කපා ගන්න.
හකුරු සිහින් වන සේ ලියා ගන්න.
ප්‍රමාණවත් භාජනයකට බටර් දමා රත් කරන්න. ලුණු සහිත බටර් යොදා ගත්තේ නම් රත් කරන විට පෙණ ඇති වේ. එම පෙණ ඉවත් කළ යුතුයි.
එයටම එළඟිතෙල් ද ටිකෙන් ටික එක් කර රත් කරන්න.
සිහින්ව ලියා ගත් හකුරුවලට වතුර බිංදු කිහිපයක් ඉස ලිපේ තබා හැඳි ගාන්න. හකුරු දිය වීමෙන් පසු බුබුළු නගින විට රත් කර ගත් බටර් සහ එළඟිතෙල් එක් කර පදම එන තුරු හැඳි ගාන්න.
ඝන බවට පත්වේගෙන එන විට ලිපෙන් බා නිවෙන තුරු හැඳි ගාන්න. නිවුන පසු මී පැණි ද යොදා හොඳින් කලවම් කරන්න.
සකස් වීමෙන් පසු ලැබෙන ඝන මිශ්‍රණය හකුරු පැහැයට හුරුයි. මෙලෙස සකස් කර ගන්නා චතුමධුර සතියක් පමණ කල් තබා ගන්න පුළුවන්. නිසි පරිදි චතුමධුර සැකසුනා ද යන්න මඳක් රස බැලීමෙන් සොයා ගත හැකියි. නිසි අයුරෙන් සැකසෙන චතුමධුරවලින් බටර්, හකුරු, මී පැණි සහ එළඟිතෙල් යන එකිනෙකෙහි රස සමානව දැනෙනවා. ඒ එක් රසයක්, අනෙක් රසයන් ඉක්මවා යන්නේ නැහැ. ලෙහෙසි වගේ පෙනුණට මෙය තරමක් අසීරු කටයුත්තක් . ඒ නිසා ඉතාම සැලකිල්ලෙන් පිළියෙළ කිරීම අත්‍යාවශ්‍යයයි."
රාලේ, මේකද චතුමදුර හදන ක්‍රමේ?