තම අනුමැතියෙන් තොරව මන්ත්රීකමට කිසිවෙකු පත් නොකරන්නැයි මැකොට දන්වයි
නිවුස් එක ඇත්තද බොරුද දන්නෙ නෑ. තිබුනෙ ලංකා සී නිවුස් එකේ. දේශපාලනය පැත්තකට දාල බැලුවොත් උපායශීලී බව, වටේ ඉන්න අය මොනව කිව්වත් සැලෙන්නෙ නැතුව තමන්ගෙ අරමුණ කරා ලගා වීම, නොපසුබසිනා වීර්ය වගේ දේවල් අපිට රනිල්ගෙ චරිතයෙන් ආදර්ශයට ගන්න පුළුවන් දේවල්. රැස්පෙක්ට් රනිල් සර්.
| එක්සත් ජාතික පක්ෂයේ ජාතික ගැස්සු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තම අනුදැනුමකින් තොරව ලැබෙන ලිපි පිළි නොගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ. එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදයක් ඇති වී ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ තත්ත්වය මත පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වලට පිළිතුරු නොදී සැඟවී සිටීමට කටයුතු කරමින් සිටී. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන උග්‍ර සටන හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නාකත්වයේ කටයුතු කිරීමට සාකච්ඡා වෙමින් පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. |