මම උබට කියන්නේ මුලින්ම එකපාර ඔක්කොම අඩු කරන්න එපා. මොකද ගොඩක් උන්ට එපා වෙනවා. ඊට පස්සේ අත අරිනවා වැඩේ. හොදම දේ උබේ උසයි බරයි දැන් බලපං. ඊට පස්සේ අඩුකරගන්න ඕන ගාන උබට හදාගන්න පුලුවන්නේ , පස්සේ ටාගට් එකක් තියාගන්න.උදේට පාන් කන්න එපාද? මොනවද කන්න හොඳ? දවල්ට සාමාන්‍ය විදිහට බත් කන්න එහෙමද? රෑට යෝගට් එකක් ? එච්චරද?
උදේට ධාන්‍ය දේවල් හොදයි. කව්පි , මුං ඇට වගේ. ඕට්ස් අවුලක් නෑ. පස්සේ දවල්ට කන්න වෙනසක් නැතිව , හැබැයි වෙනදා තරම් නැතිව හාෆ් ප්ලේට්. එලවලු මස් වැඩියෙන් දාගන්න. රෑට පාන් බත් අනන්මනන් කන්න එපා. එලවලු තම්බල මස් එක්ක , නැත්නම් සුප්. ඔය දෙකම බැරිනම් කන්න සාමාන්‍යය දෙයක් ප්‍රමාණය අඩුවෙන්.
මාසයක් කරපං. මාසය ඇතුලත සීනි පාන් පිටි කන්න එපා මුකුත් ඊට අදාල කිසිම කෑමක්
බඩගිනි එන වෙලාවට යෝගට් , පලතුරු හොදයි කන්න.
කරල කියපං. අත්දැකිමෙන් කියන්නේ. කොහෙවත් තියෙන එව නෙමේ. ඇගට අහිතකරත් නෑ.
