රෑමස්සල.....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කාලෙකින් කොහෙවත් ගියේ නෑ කියලා ගෙදර එක්කෙනාගෙන් බර බරයක් ආපු නිසා පොසොන් පොහොය දා කොහේහරි යන්න හිතුවා. අපේ අක්කලත් කතා කරගෙන අපි රෑමස්සල යන්න තීරනය කලා.
    සමහරැ නම් රෑමස්සල කිවුවට කොහෙද කියලවත් නොදන්නව ඇති. මමත් වැඩි විස්තර නම් දන්නෙ නෑ.
    තියෙන්නෙ නම් ගාල්ල මාතර පාරේ උණවටුන කියන ගමේ. යන්න තියෙන්නේ ගාල්ලේ සිමෙන්ති කම්හල ඉදිරියෙන් ඇති පාරෙන්. මේක අර හනුමන්තා කියන ව‍්දුරා හිමාලයෙන් කෑල්ලක් අරන් එනකොට වැටිච්ච කෑල්ලක්ලු. ඇත්ත නැත්ත මම දන්නෑ හැබැයි මාර විව් එක්ක තියෙන් තැනක්. අපිට නම් වැස්සෙන් භාදා ඇති වුනා.
    මේක ඇවිල්ල පොඩි කදු ගැටයක්. ජෛව විවිධත්වය අතින් ඔස්ටේලියාවේ Great Brier Reef එකට පමනක් දෙවනි වන බොනවිස්ටා කොරල් පරය තියෙන්නෙත් මෙතන පහල තමයි. හැබැයි ඒක බලන්න නම් කිමිදෙන්න වෙනවා.
    මේ කන්දෙ කෙලවර තියෙනවා ජපන් සාම චෛත්‍ය කියල එකක් එතන මාර ලස්සනයි මාර විව් එකක් තියනවා. එතනින් පහලට බැස්සම නාන්න පුලුවන් පොඩි බීච් එකකුත් තියනව. මගේ කොල්ලට නම් එතන මාර Fun. වැඩි කථා මොකටද පොටෝ බලපල්ලකො. වැහිකලුව නිසා පොටෝ ටිකක් අප්සට්.


    roomadssala.jpg


    p1080163t.jpg


    p1080165.jpg


    p1080166x.jpg


    p1080187p.jpg


    p1080188p.jpg


    p1080189.jpg


    p1080204a.jpg


    p1080206k.jpg


    p1080208g.jpg


    p1080211.jpg


    p1080213.jpg


    p1080215um.jpg


    p1080231c.jpg


    ජපන් සාම චෛත්‍ය ට යන අතරතුර වැඩිහිටි නිවාසයක් තියනවා මේ පොටෝ ටික එතන

    p1080238r.jpg


    p1080239u.jpg