රියදුරෙක්ද? එහෙනම් එන්න....

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රියදුරෙක්ද? එහෙනම් එන්න....

    උපුටා ගැනීමකි....(චතුගේ කතා බ්ලොග් එකෙන්)
    මේ ලිපිය කියවනකොට මට හිතුන, අපේ රටේ දැන් අහන්න දකින්න ලැබෙන දිනපතා සිදුවීම් සම්බන්දව මේ ලිපියෙන් වැදගත් කරුණු කීපයක්ම පෙන්නලා දෙනවා කියල.

    ලංකාවේ රියදුරන්ගේ විනය....හා මාර්ග නීති සම්බන්ද දැනුම....

    ලිපියනම් ටිකක් දිග වැඩි. අමාරුවෙන් හරි කියවල බලපල්ලා......

    අපේ රටට වරක්‌ පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ නැත. මට හමුවූ ජර්මන්, ස්‌විට්‌සර්ලන්ත හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්‌ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි. අපේ රටේ නොයන කාරණා තුනක්‌ ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක්‌ ප්‍රධානම වශයෙන් සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේ රට ගැන විශාල දුකක්‌ ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට මගේ මව් බිම වෙනුවෙන් මේ සම්බන්ධව යම්කිසි දෙයක්‌ ඉටු කළ යුතු බව හැඟී ගියා.
    මම තීරණයකට එළැඹියා. මා ළඟදී ලංකාවට යනවා නිවාඩුවකට. ඒ ගිය විට මේ සම්බන්ධව සමීක්‍ෂණයක්‌ කළ යුතු බව සමහර සංචාරකයන් සඳහන් කළේ ලංකාවට ගිය විට විවිධ ස්‌ථාන නැරඹීමට යැමට මුලින් අදහස්‌ කර සිටියත් මේ අමන රියෑදුරන් නිසා ඔවුන් විශාල තැති ගැන්මකට පත්වූ හෙයින් සියලුම ගමන් බිමන් අවලංගු කළ බවයි. අපි මුලින් දැන සිටියේ නැහැ ශ්‍රී ලංකාවේ මෙවැනි රියෑදුරන් සිටින බවක්‌. මෙම චෝදනාව අපේ සංචාරක ව්‍යාපාරයට ඉතාම තදබල පහරක්‌. මා ශ්‍රී ලංකාවට ආ පසු කළ සමීක්‍ෂණයේදී මට සිහිපත් වූවා සංචාරකයන් ප්‍රකාශ කළ දේ සම්පූර්ණ ඇත්තක්‌ බව. අපේ රථ වාහන දෙපාර්තමේන්තුවට ක්‍රමවත් රියෑදුරු පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්‌ නොමැති බව, මට එක හෙළාම අවබෝධ වූවා. මට පෙනී ගියේ මෙය විශාල ජාතික අපරාධයක්‌ ලෙසයි. මේ හේතූන් මත අප කොහොමද විනීත රියෑදුරන් බලාපොරොත්තු වෙන්නේ. අසරණ දරුවන්, මිනිසුන් කොපමණ සංඛ්‍යාවක්‌ නිරපරාදේ මිය යනවද? කවුද? මේ අසරණ ජීවිතවලට වග කියන්නේ. ක්‍රමවත් රියෑදුරු පුහුණුවක්‌ නොලැබීම අසරණ දහස්‌ ගණනකගේ ජීවිත විනාශ වීමට හේතුවයි.

    අපේ රටේ පුවත්පත්වලින් රූපවාහිනියෙන් අහන්න ලැබෙන්නේ ඊයේ සිදුවුණ මාරක රිය අනතුරින් තිදෙනකු මියගොස්‌ දෙදෙනකුට බරපතළ තුවාල සිදුවී ඇත. පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි යන්නයි. මේ අපිට හැමදාම අහන්න ලැබෙන ප්‍රවෘත්තිය. මොකක්‌ද පොලිසිය කළ පරීක්‍ෂණය. කෝ ප්‍රගති වාර්තාවක්‌. මොකක්‌ද යෙදූ පිළියම. හැමදාම අහන බනේම තමයි අපි අදටත් අහන්නේ. පාරට බැහැලා විනාඩි 15 ක්‌ පමණ පාර දිහා බලා සිටින විට පෙනී යනවා අපි කොයි තරම් ලෝකයේ නොදියුණු මිනිසුන් කොටසක්‌ද බව. මම උදාහරණයකට පෙන්වා දෙන්නම් කහ ඉර. පාර මාරුවෙන්න කහ ඉර මත ළමයෙක්‌ වඩාගෙන තවත් දරුවෙක්‌ අතින් අල්ලාගෙන සිටින අසරණ කාන්තාවට වාහන නතර කර ඉඩ සලසා දෙන්න තරම් විනීත රියෑදුරන් මා දුටුවේ 5% පමණ සුළු පිරිසකි. මා අනෙක්‌ පුදුමයට පත්වුණ කාරණාව වූයේ සියලුම වාහන ගියාට පසුවයි මිනිසුන් පාර මාරු වුණේ. තවත් මා දුටු දෙයක්‌ කහ ඉර පනින මිනිසුන් තම අතින් වාහනයට නවතින්න සංඥවක්‌ දෙමින් කහ ඉර මාරුවන අයත් මා දුටුවා. මා ඉහතින් සඳහන් කළ දේ වැරදි නැහැනේ. අපි කොයිතරම් ලෝකයේ නොදියුණු ජාතියක්‌ද. අපේ රටට පැමිණෙන සංචාරකයන් මෙවැනි නූගත් වැඩ දැකීමට කොහෙත්ම කැමැති නැත. මට නම් මෙවැනි දේවල් දැකීමෙන් මගේ රට ගැන විශාල කනගාටුවක්‌ ඇති වුණා. මෙවැනි දේවල් ඇතිවන්න හේතූන් මා සෙව්වා. කනගාටුවෙන් සඳහන් කළ යුතු කාරණාවක්‌ වන්නේ ලියන්න, කියන්න බැරි රියෑදුරන් 12% පමණ අප රටේ සිටිනවා. විශේෂයෙන්ම මේ පිරිස මාර්ග නීති, රීති කිසිවක්‌ දන්නේ නැහැ. උගත් නූගත් මේ දෙපිරිසම කහ ඉර පනින මිනිසුන්ට පවා වාහන නලාව ශබ්ද කරන්න තරම් නොදැනුවත් කමක්‌ තිබෙන්නේ. මෙවැනි හේතූන් මත නිසියාකාර ක්‍රමවේදයකින් තොරව ලබාගත් රියෑදුරු බලපත් හිමියන් සෑම දිනකම අසරණ ජීවිත ගණනාවක්‌ බිලිගන්නවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් මොකද කරන්නේ? මෙවැනි නූගත් රියෑදුරන් දැනුවත් කිරීමට රූපවාහිනි වැඩසටහන් ප්‍රචාරය කරවීම ඉතාම වැදගත්. මේ අවස්‌ථාවේ මා වැදගත් දෙයක්‌ සඳහන් කරමි. රටක විනීත රියෑදුරන් ඇති කළ හැකි ක්‍රමයක්‌. ඇමරිකාවේ රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදෙන හැටි මා මේ අවස්‌ථාවේ සඳහන් කරන්නම්. ප්‍රථමයෙන්ම මාර්ග නීති රීති පිළිබඳව ප්‍රශ්න 75 ක්‌ පාඩම් කළ යුතුයි. මෙයින් පසු පරීක්‍ෂණයට ඉදිරිපත් විය යුතුයි. මෙයින් ප්‍රශ්න20 කට පිළිතුරු සැපයිය යුතුයි. අනිවාර්යෙන්ම ලකුණු 80-100 ක්‌ ලබාගත යුතුයි. මෙම ප්‍රශ්න 75 ට විශේෂයෙන්ම කහඉර එනම් මිනිසුන් පාර මාරුවන ස්‌ථානය පිළිබඳව විශේෂ අවධානයක්‌ ඇති කරලීම සඳහා ප්‍රශ්න 6 ක්‌ ඇතුළත් වී තිබෙනවා. අපේ රටේ සමහර රියෑදුරන් මේ කහ ඉර තිබෙන්නේ මොනවටද කියාවත් දැනුමක්‌ නැත. මෙවැනි හේතූන් මතයි සංචාරකයන් අපිව නොදියුණු ජාතියක්‌ හැටියට හඳුන්වන්නේ. මා නැවතත් මාගේ මුල් ප්‍රශ්න මාලාවට යනවා. ප්‍රශ්නවලට පිළිතුරු සපයා ලකුණු 80-100 අතර ලබාගත් විට ඔහු ඊළඟ පරීක්‍ෂණයට සූදානම් වෙනවා. මෙයින් පසු ඔහු සමත් බවට නිකුත් කරන කාඩ්පත සමග තමන් කැමති රියෑදුරු පාසලකට යා යුතුයි. රියෑදුරු පාසලේදී තමන්ට කැමති පැය 20, 30, 40 හෝ එයට වැඩිය පැය ගණනක්‌ වුවද මුදල් ගෙවා පුහුණුවක්‌ ලබාගත යුතුයි. මේ රියෑදුරු පුහුණුවෙන් පසු රියෑදුරු උපදේශකවරයා තීරණය කරනවා රජයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණය සඳහා ඔහු හෝ ඇය සුදුසුද නැද්ද යන වග. අවසාන වශයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සමීක්‍ෂණයට පෙනී සිටිය යුතුයි. සමීක්‍ෂණ නිලධාරියාගේ අධීක්‍ෂණය යටතේ රථය පැදවිය යුතුයි. එම නිලධාරියාගේ ලැබෙන ලකුණු මතයි රියෑදුරු බලපත්‍රය ලැබෙන්නේ. මේ නිලධාරියා අකටයුතු කම්වල නොයෙදන ඉතාම අවංක මහත්මයෙක්‌. මේ අවසාන පරීක්‍ෂණය අවස්‌ථාවේ අප හට ඔහු සමග කතා කිරීම තහනම්. අනෙක්‌ සඳහන් කළ යුතු දේ තමා පිළිගත් රියෑදුරු පාසලකින් හැර පුද්ගලිකව රිය පැදවීම ඉගෙන ගැනීම ඇමරිකාවේ තහනම් නීතියක්‌. අපේ රටේ මේ තහනම් නීතිය ක්‍රියාත්මක වෙනවා. නීති රීති ගැන හරි අවබෝධයක්‌ නැති රියෑදුරෙක්‌ තව කෙනෙකුට උගන්වන්නේ කොහොමද? පෞද්ගලිකව කෙනෙකුගෙන් රියෑදුරු පුහුණුවක්‌ ලබන තැනැත්තා, අවංක, විනීත,නීතිගරුක රියෑදුරෙකු වන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මා ශ්‍රී ලංකාව තුළ දුටුවේ නම් ඉතාම අවිනීත මනුස්‌සකම පළාතකවත් නැති දඩබ්බරව මාර්ග නීති රීති කඩ කරමින් පුදුම කලබලකාරී රුපියල් මිලියන ගණනක වෙළෙ¹මකට දුවන නරුමයන් පිරිසකි. මනුස්‌සත්වය මොකක්‌ද කියාවත් ඔවුන් දන්නේ නැහැ. මේ තමයි සංචාරකයන් තැති ගැන්මකට හා කණස්‌සල්ලට පත් වූ සිද්ධිය. ඔවුන් මා වෙත කළ ප්‍රබලම චෝදනාවයි. තවදුරටත් ඔවුන් පැවසුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්‌තානය, හා අප්‍රිකානු රටවල පමණයි මෙවැනි රියෑදුරන් දැකිය හැක්‌කේ.

    රියෑදුරන් කරන අනෙක්‌ වැරදිවලට වඩා මාරාන්තික හා භයානකම වැරැද්ද මෙයයි. මේ අමානුෂික රිය ධාවනය හේතුවෙන් පාර දෙපැත්තේ ජීවත්වන අසරණ දරුවන්, රෝගීන්, මහල්ලන් සහ අසරණ ජනතාව කියා නිම කළ නොහැකි මානසික පීඩනයක්‌ ලබන්නේ මේ දරුණු වාහන නලා ශබ්දය හේතුවෙන්. කවුද මේ ගැන සමීක්‍ෂණයක්‌ කරන්නේ. කාටද මේවා කියන්නේ. මේ ගැන සොයා බලන්න සමීක්‍ෂණයක්‌ කරන්න තරම් අපි දියුණු මදි. ශිෂ්ඨ සම්පන්න බුද්ධිමත් රටවල නලා ශබ්දයක්‌ ඇහෙන්නේවත් නැත. මගේ සමීක්‍ෂණයට අසුවුණේ වැඩිපුරම වාහන නලාව ශබ්ද කරන පුද්ගලයන් වූයේ පෞද්ගලික බස්‌ රථ, ලොරි, ටිපර්, ත්‍රීවීලර් රථ රියෑදුරන්ය. ලෝකයේ දියුණු රටවල නීතියක්‌ තිබෙනවා. සවස 6 න් පසු හදිසියකදීවත් වාහන නලා ශබ්ද කිරීම තහනම්. නමුත් අපේ රටේ එවැනි නීතියක්‌ ක්‍රියාත්මක වන්නේ නැත. අපේ රියෑදුරන් පාන්දර 2-3 ටත් වාහන නලාව ශබ්ද කරනවා. නොදියුණු කමයි මෙයට ප්‍රධාන හේතුව. සියලුම මිනිසුන් නින්දට වැටී තිබෙන්නේ අපේ රියෑදුරන්ට එතරම් දුරට සිතන්න තරම් ශක්‌තියක්‌ නැත. මේ අපේ රටේ තහනම් විය යුතු දේවල්.

    දියුණු රටවල මෙන් මෙම දියුණු තාක්‍ෂණය අප වහා ක්‍රියාත්මක කළ යුතුයි. දියුණු රටවල මෙන් අපේ රටේ පාර මැද කහ ඉරි දෙක නැත. අපේ රටේ සිදුවන අනතුරුවලට ප්‍රධානම හේතුව මෙයයි. මෙම කහ ඉරි දෙක අධිවේගී මාර්ග හැර, අපේ රටේ අනෙක්‌ සෑම මාර්ගයකම තිබිය යුතුයි. සෑම සැතපුම් 5 න් 5 ට ස්‌ථානවල හැටියට වේග සීමා සඳහන් පුවරු සවි කළ යුතුයි. මෙම කහ ඉරි දෙකෙහි ප්‍රධාන හේතුව කිසිම රියෑදුරෙකුට අභිබවා යැම තහනම් (OVER TAKE) යා යුතු ගමන් වේගය සඳහන් වී තිබෙනවා. මේ දියුණු තාක්‍ෂණය පාර බදුගෙන මාර්ග නීති කඩකරන අමන රියෑදුරන්ට වැට බැඳීමක්‌ හා අසරණ ජීවිත බිලි ගැනීම වැළැක්‌වීමට හොඳම පිළියමක්‌.

    මෙම නීතිය හදිසි ගිලන් රථ, ගිනි නිවීම් හා හදිසි පොලිස්‌ රථවලට බලපාන්නේ නැත. උදාහරණයකට කොළඹ නුවර මාර්ගය, මෙය අධිවේගී මාර්ගයක්‌ නොවෙයි. අසරණ ජීවිත බිලි ගන්නා ප්‍රධාන මාර්ගයක්‌ය. අනිවාර්යයෙන්ම මෙම මාර්ගය සඳහා මෙම දියුණු තාක්‍ෂණය ඇති කළ යුතුයි. අපිට සංචාරකයන් අවශ්‍යනම් ඒ වාගේම අසරණ ජීවිත බේරා ගැනීමටත්, අසරණයන් රෝගී කරන අමිහිරි නලා ශබ්දයෙන් තොර ශ්‍රී ලංකාවක්‌ දැකීමටත්, ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න දියුණු මිනිසුන් සිටින රටක්‌ වග සංචාරකයන්ගේ මුවින් ඇසීමටත්, මේ දියුණු තාක්‍ෂණික නීතිය වහාම ක්‍රියාත්මක වුවහොත් අපත් ලෝකයේ දියුණු ජාතියක්‌ බවට පත්වනවා. විශේෂයෙන් සඳහන් කළයුතු අනෙක්‌ වැදගත් කාරණය වන්නේ මහා මාර්ග නීති රීති අකුරටම ක්‍රියාත්මක කරවා ගැනීමයි. මෙය පොලිස්‌ දෙපාර්තමේන්තුව සතු ජාතික වගකීමක්‌ සේම ජනතාවගෙන් අවංක ජාතික වගකීමක්‌ බවට පත්විය යුතුයි.

    අපේ රථ වාහන පොලිසිය මෙයට වඩා ක්‍රමවත් විය යුතුයි. රථ වාහන පොලිසියේ සේවය පැය 24 පුරාම මහා මාර්ගයට සීමාවිය යුතුයි. අද අපි දකින්නේ උදේට සහ සවසට ප්‍රධාන මංසන්ධිවල වාහන හැසිර වීම හා ඉඳහිට වේග සීමාව නිරීක්‍ෂණ කිරීමත් පමණයි. විශේෂයෙන්ම දිවා රාත්‍රි කාලයේ මුර සේවා මෝටර් සයිකල් ක්‍රමයක්‌ ඇති කළ යුතුයි. අනෙක්‌ විශේෂ කාරණය පොලිස්‌ රථවාහන අංශයට අවංක, විනය ගරුක, ජාතික හැඟීමක්‌ තිබෙන ඉරුදින ආගමික පාසල් සහතිකයක්‌ තිබෙන තරුණ මහත්වරුන් බඳවා ගත්තොත් අප රටේ මහා මාර්ගයේ සිදුවන ජාතික අපරාධ හා නොහික්‌මුණු අමන රියෑදුරන් නැතිකර ගැනීමට විශාල පිටිවහලක්‌ වනු ඇත.

    අප රට තුළ ක්‍රියාත්මක විය යුතු තවත් විශේෂ කරුණු කීපයක්‌ සඳහන් කළ යුතුව ඇත. මා මේ සඳහන් කිරීමට යන කාරණා කීපය මුල්ම වකවානුවේ එනම් සුද්දන්ගේ පාලන කාලය තුළ පැවැති දේවල්, නමුත් අද මේවා අභාවයට ගොස්‌ ඇත. ප්‍රධාන මාර්ගයක්‌ අසල පාසලක්‌ පිහිටා ඇත්නම් එම මාර්ගයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ විය යුතුයි. පාසලට ප්‍රථම මීටර් 200 හා පාසල පසුවී මිටර් 200 යන තෙක්‌ වාහනයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ සඳහන් දැන්වීම් පුවරුවක්‌ සමග වාහන නලා ශබ්දය තහනම් දැන්වීම් පුවරුද ඒ සමග විය යුතුය. අප රට තුළ තවත් වාහන නලා ශබ්දය තහනම් විය යුතු ස්‌ථාන හැටියට රෝහල්, උසාවි, පූජනීය ස්‌ථාන හා ප්‍රධාන මංසන්ධි විය යුතුයි. අවසාන වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ තවත් බරපතළ වැරැද්දකි. රාත්‍රි කාලයේදී අපේ රියෑදුරන් කරන තවත් විශාල වරදක්‌ තමා වාහනයේ ප්‍රධාන එළියෙන් (HEAD LIGHT) වාහනය පැදවීම. රාත්‍රි කාලයේ ඇතිවන අනතුරුවලට ප්‍රධානම හේතුවයි. ඇමරිකාවේ ප්‍රාන්ත 52 ම ප්‍රධාන එළියෙන් වාහනය පැදවීම තහනම්. සමහර අවස්‌ථාවල ප්‍රධාන එළිය පාවිච්චි කළ හැක්‌කේ ඉදිරියෙන් වාහනයක්‌ නොඑන වනාන්තර වැනි ප්‍රදේශයකදී පමණි. මෙයට හාත්පසින්ම වෙනස්‌ දේ මා අප රට තුළ දුටුවා. බොරැල්ල වැනි ජනාකීර්ණ මංසන්ධිවලත් ප්‍රධාන එළියෙන් දුවන වාහන විශාල ප්‍රමාණයක්‌ දුටුවා. මා මෙහි සඳහන් කරන මාර්ග නීති රීති ලෝකයේ දියුණු රටවල අකුරටම ක්‍රියාත්මක වන දේවල්. දියුණු රටවල රියෑදුරු බල පත්‍රයට අමතරව කළු තිත් තුනක්‌ තිබෙන කාඩ් පතක්‌ රියෑදුරුට ලැබෙනවා. යම්කිසි වරදක්‌ කළ විට මුදලින් දඩයක්‌ ගසා එක කළු තිතක්‌ අවලංගු කරනවා. මේ ආකාරයට කළු තිත් තුනම අවසන් වූවොත් ඔහුගේ රියෑදුරු බලපත්‍රය වසර 2 කට අවලංගු වෙනවා. මෙම කළු තිත් අවලංගු කරන ප්‍රධාන වැරදි වශයෙන් පාර මාරුවීමට වාහනය නතර නොකොට යැමට උත්සාහ කිරීම, මේ සඳහා ඇමරිකාවේ නිකුත් කරන දඩය රුපියල්වලින් නම් 12,000 ක්‌ හා එක්‌ කළු තිතක්‌ අවලංගු කිරීමයි. කහ ඉරි දෙක ඇති මාර්ගයේ අභිබවා යැම (OVER TAKE) මේ සඳහා ඉහත සඳහන් කළ දඩයමයි. පාසලක්‌ අසල ගමන් වේගය කඩ කිරීම දඩ මුදලකට සීමාවේ. මගේ නිගමනයේ හැටියට මේ නීති රීති අප රටේ වහාම ක්‍රියාත්මක විය යුතුයි.

    ඉතින් ඔයාලගෙත් අදහස්, යෝජනා, චෝදනා ඇතිනේ ඒවත් දල යන්න.....:yes:
    මොනවා නැතත් බම්ප් එකක් දාපල්ලා.......;):D

    අපේ බලදරයන්ගේ අවදානය මීට වඩා මේ සදහා යොමුවේවා...
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    gud post
    rep+

    :yes::yes::yes:
    thanks.gif

    thx. a lot ......මෙන්න මගෙනුත් REP++
     
    • Like
    Reactions: crazy_lakshitha

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අපේ රටේ රියදුරු බලපත්‍රය ගන්න ලර්නර්ස් එකකට ගියාම එකෙන් කරන්නේ එක්සමිනර් ට ජරාවක් දීල ට්‍රයල් එක පාස් කරවන එකයි. ඉතින් කොහෙද විනයක් ඇති රියදුරෝ ඇතිවෙන්නේ?
     
    • Like
    Reactions: dwpsg

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    අපේ රටේ එවුන් ගැන කියලා වැඩක් නෑ. කොයි වෙලේ බැලුවත් හෝන් එක උඩ නැගගත්තු ගමන්මයි:growl::growl::growl:. Headlight scene එක නම් සිරා....මෝඩ හැත්ත බං....තේරුමක් නෑ මේවා කියලත්... අපේ එවුනුත් බලුවලිගේ වගේ තමා...කොච්චර කරත් ඇද අරින්න බෑ.....:no::no:
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    හොද අදහස් ටික...

    මම හිතන්නෙ අපේරටේ නීති නැතිව නෙමේ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි වැරැද්ද.

    කහ ඉර ගැනනම් කියල වැඩක් නෑ. විශේශයෙන් බස්, තිරීව්ල්, වගේ අය තමා ගොඩක්ම නීති කඩන්නෙ
    Rep+
     
    • Like
    Reactions: dwpsg

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ow bn head light eka gahan enw a bn me para wesa ballo head ligth eka kate melo deyak penne nh man karanne pare madama nawattanawa bike wala yana api head ligth karata arunta wadinne nh :(
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපේ රටේ රියදුරු බලපත්‍රය ගන්න ලර්නර්ස් එකකට ගියාම එකෙන් කරන්නේ එක්සමිනර් ට ජරාවක් දීල ට්‍රයල් එක පාස් කරවන එකයි. ඉතින් කොහෙද විනයක් ඇති රියදුරෝ ඇතිවෙන්නේ?

    ඔව් බන් එකනම් ඇත්ත, වැඩි හරියක් වෙන්නේ ඕක තමා.

    thanks.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් වැදගත් මචන්. අද පාරට බැස්සොත් කීදෙනෙක්ට බනින්න සිදු වෙනවද? බස් එකකට නැග්ගොත් මොන තරම් ඇගේ ලේ පිච්චෙනවද? මේව අපි විතරක් කියවල මදි. මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ටම පෙනෙන දැනෙන විදයට මේ දෙවල් දෙන්න ඕනෙ. හිතක පපුවක් නැති අසමජ්ජාති රියදුරන් වගේම මල පොතේ අකුරක් දන්නෙ නැති අශීලාචාර රියදුරන් එමටයි. පුද්ගලික බස්රථ ග්තතොත් 50% ක් ඉන්නෙ නිසි අධ්‍යාපනයක නොලද, නිසි මාර්ග නීති හා රීති තිය අඩුම තරමේ වාහනය ධාවනය කල යුතුතෙ කුමන මන්තීරුවකද යන්න වත් නිසි අවබොධයක් නොමැති රියදුරන්ය. මා දිනපතා ලබන අත්දැකීම් වලින් මේ කියන්නෙ. මේවා බොරු නොවෙයි. අවන්කවම හැමදාම දකින දේවල්. කියන්න ගියොත් පොතක් ලියන්න පුලුවන්. ලංකාවේ ඉන්න අපිට මේ රියදුරන්ගේ අමන ක්‍රියා නොසතුටට කාරනයක් නම් විදේශිකයන් ගැන කවර කථාද? මේ අශීලාචාර යුගයෙන් කවද ගොඩ එයිද මේ මිනිස්සු.


    :(:(:(
     
    • Like
    Reactions: dwpsg

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපේ රටේ එවුන් ගැන කියලා වැඩක් නෑ. කොයි වෙලේ බැලුවත් හෝන් එක උඩ නැගගත්තු ගමන්මයි:growl::growl::growl:. Headlight scene එක නම් සිරා....මෝඩ හැත්ත බං....තේරුමක් නෑ මේවා කියලත්... අපේ එවුනුත් බලුවලිගේ වගේ තමා...කොච්චර කරත් ඇද අරින්න බෑ.....:no::no:


    ඔව් බන් හදන්න වෙන්නේ ඉතින් මකල තමා...:yes:
    thanks.gif