සෑම ආගමකම, ජාතියකම දුප්පත් මිනිස්සුන්ට ලොකු හයියක් උන
දිඹුලාගල හාමුදුරුවෝ
දිඹුලාගල හාමුදුරුවෝ එක්ක කරපු සාකච්චාවක්
60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයා ද, මුස්ලිම් පෙදෙස්වල ජනයා ද, දෙමල පෙදෙස්වල දෙමල ජනයාද, අහිංසක දුප්පත් සිංහල ජනයා ද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.
‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියන් විසින් ඔවුනට ඉගෙනුමට පාසල් විවෘත කැරිණි. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළේය. එමතු ද නොව ඔවුන් බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්තේය.
ගොවි බිම් ඇති කෙළ්ය. හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1996 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ තමන් වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කැරිණ.
ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්රස්තවාදීන් ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද?
Last edited:

