♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠
පුද්ගලයෙක් අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කරගෙන යද්දී පිටිපසින් පොලිස් නිලදාරියෙක් එලි දල්වාගෙන තම ලුහු බදින අයුරු දැක තම රිය වේගය තව තවත් වැඩි කළේය..අවසානයේ සෑහෙන උත්සාහයකට පසු එම රිය නතර කර ගැනීමට පොලිස් නිලදාරිය සමත් විය..
"තමුසේ මොකද වරදක් කරලා තව පැන යන්නද හිතුවේ?"
පොලිස් නිලදාරිය කෝපයෙන් ඇසුවේය..
"අනේ රාළහාමි ....ඊයේ මගේ ගැනි පොලිස් රාළහාමි කෙනෙක් එක්ක පැනල ගිය ..මම ඔබ තුමා පස්සෙන් එලවනකොට හිතුවේ,ඒ රාළහාමි අයෙ ගෑනිව මට භාර දෙන්න එනවා කියල..."
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠
මහා මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරමින් තිබු මෝටර් රථයක් පොලිස් නිලදාරියෙක් විසින් නතර කළේය..
"මහත්තය මෙන්න බලන්න පැයට කිලෝමීටර් 100 ට වඩා වේගයෙන් ඔහේ වාහනේ පදවල තියෙනවා ..."
පොලිස් නිලධාරියා වේග මාපකය පෙන්නමින් ඇසුවේය..
"හරි...එත් මම අපු වේගයෙන්ම තවත් වාහන කීපයක්ම ගිය...අයි මාවම ඇල්ලුවේ...?"
"මහත්තය බිලි බාන්න එහෙම ගිහිල්ල තියෙනවද?"
"ඔව්"
"මහත්තය එක සැරේ බිලි පෙත්ත දාපුවම මාළු ගොඩක් අහු වෙලා තියෙනවද?"
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠

















patta machan



