රිය අණතුරු
1977 දී අප පහ වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අප අතර සිටි සිසුවෙකු වූ ජයත් ගේ මව මෝටර් රථ අණතුරකට ලක්ව මිය ගියාය. එය ඉතා දුක්මුසු මරණයක් විය. ජයත් ගේ මවගේ මරණය සිදු වන විට ඔහුගේ මල්ලි කිරි බොන අත දරුවෙකුව සිටියේය. ජයත් ගේ පවුල ජීවත් වූයේ නාලන්දා විද්‍යාලය අසලය. ජයත්ලාගේ මවගේ අවමගුලට සහභාගි වූ අපගේ පන්ති භාර ගුරුවරිය මව අහිමි වූ අත දරුවා මවගේ උණුසුම සොයමින් කොට්ටයක් බදා ගත් අයුරු කීවේ කඳුළු වෑස්සෙන දෙනෙතිනි.
ජයත් ගේ මව මිය ගියේ අපගේ පාසලේ ගුරුවරියකගේ පුතෙකු පැදවූ මෝටර් රථයකට යට වීමෙනි. මරදානේ මවුලානා පාරේ සිදුවූ අණතුර ගැන ඒ කාලයේ පුවත් පත් වලද වාර්තා පළ විය. මෙම ගුරුවරියගේ සැමියා සිරිමා බණ්ඩාරනායක රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු විය. ඔහුගේ නිල රථය එලවීමට රියැදුරෙකු සිටියද තවමත් දහ අට විය නොලැබූ ලේකම් පුතා අධික වේගයෙන් රිය පදවා ජයත් ගේ මව යට කලේය. ඇය ඒ අවස්ථාවේදීම මිය ගියාය. පසුව රියැදුරා වාහනය පැදවූයේ ලේකම් ගේ පුතා නොව තමා බව කියා පොලිසියට භාර විය.
දේශපාලන බලය හමුවේ ජයත් ගේ පවුලට යුක්තිය හා සාධාරණය ඉටු නොවීය. ඒ කාලයේ මම මව අහිමි වීම නිසා දුක්මුසුව සිටි ජයත් හමු වී කතා බස් කලෙමි. ඔහුගේ පියා සේවය කලේ රිච්ඩ් පීරිස් ආයතනයේය. බිරිඳ අකාලයේ මිය යාම නිසා කිරි දරුවෙක් සහ ලාබාල වියේ සිටින ළමුන් කිහිප දෙනෙකුගේ පියෙකු පත්වූ දුෂ්කර තත්වය ගැන කිව යුතු නැත. එහෙත් මේ අසීරුතා මැද ජීවිතය ජයගත් ජයත් මැදපෙරදිග සේවය කරයි. එදා කිරිකැටියෙකුව සිටියදී මව අහිමි වූ දරුවා අද නීතීඥවරයෙකි. නමුත් මේ ළමුන් තුල මවගේ වියෝ දුක තවමත් තිබේ.
මම හලාවත රෝහලේ සිටියදී එක් වෛද්‍යවරයෙකු ඔහුගේ ජීවිත කතාව මා සමග කීවේය. පාසල් සිසුවෙකුව සිටියදී ඔහුගේ පියා මාර්ග අණතුරකින් මිය යන්නේය. මවත් අක්කාත් මල්ලීත් සමග මෙලොව තනි වෙන ඔහු පාසල් යමින් බිත්තර විකුණා ගෙදර ආර්ථිකයට උර දෙයි. පියා අහිමි මේ ළමයාට පාසලේ සිසුන් විහිළු කරන්නේ බිත්තර මුදලාලි කියාය. ඔහු හොඳින් ඉගෙන ගෙන වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබයි. වෛද්‍ය විද්‍යාලයේද ආර්ථික දුෂ්කරතා මැද උගත් ඔහු අද විශේෂඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු තමාගේ අතීතය අමතක කොට නැත. මේ උදාර මිනිසා මගේ ලෝකයේ වීරයෙකි.
ජාතික රෝහලේදී මට හමුවූ තවත් වෛද්‍යවරියකගේ පියා රිය අණතුරකින් මිය යන්නේ ඇය පස් හැවිරිදි වියේ සිටියදීය. පියා පිළිබඳ යම් මතකයන් ඇය තුල තිබේ. එසේම පියා මිනී පෙට්ටියක සිටි අයුරුත් මව සහ අනෙකුත් නෑදෑයින් අඞමින් සිටි අන්දමත් ඇයට මතකය. පියාගේ වියෝව නිසා මතු වූ සමාජ අාර්ථික ගැටළු වලට මුහුණ දී ඇය ජීවිතය ජය ගත්තාය.
නමුත් මේ වාසනාව සැමටම නැත. එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මැද ටැක්සි රියැදුරෙක් තම ටැක්සිය අනාරක්‍ෂිත දුම්රිය රේල් ගේට්ටුවක් අසලදී දුම්රියක හැපී ජීවිතක්‍ෂයට පත් විය. පසුව ඔහුගේ බිරිඳත් අට හැවිරිදි දරුවාත් හිඟමනට වැටුනි. ඔවුන් යාචකයන් ලෙස ගෙයින් ගෙට ගිය අයුරු මම දුටුවෙමි.
වාර්‍ෂිකව බරපතල රිය අණතුරු 6000ක් පමණ දිවයින තුල වාර්තාවන අතර එම හේතුවෙන් වාර්‍ෂිකව 2000 කට අධික පිරිසක් මිය යන බවත් විශාල පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත්වන බවත් වාර්තා වේ. මේ නිසා අනාත වන පිරිස අති විශාලය. මෙය සමාජ මෙන්ම සෞඛ්‍යය ගැටළුවක් ලෙස දැකිය යුතුය. එසේම රිය අනතුරු වැලැක්වීම සඳහා නිසි පියවර ගත යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග