රිවස් ගියර් එකේ සහකරුවෙක් කවදාවත් බදින්න

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
රිවස් ගියර් එකේ සහකරුවෙක් කවදාවත් බදින්න

තමන්ට වඩා දුර්වල මානසිකත්වයක් තියන, රින අදහස් තියන කෙනෙක් කවදාවත් බදින්න එපා...

එයා තමන්වත් ඇදගෙන පාතාලෙටම යනවා ජීවිතකාලෙම....

කවදාවත් ගොඩ එන්න දෙන්නේ නෑ...

ඒ වගේ අයට ඒක තේරුම් කරන්න යාමත් ඉතා භයානක වැඩක්...

තමන් බදින්න කලින් ඒ බදිනකෙනාගේ ලස්සන විතරක් නෙවෙයි... මේ දේවලුත් බලාලා බදින්න නැත්තන් සදා අනාතයි...
 
  • Like
Reactions: Executer
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඒක නම් සහතික ඇත්ත. ඔය වගේ කෙල්ලෙක් මටත් හිටියා. ඒකිත් හෙන රිනාත්මකයි. ලස්සන උනාට වැඩක් නෑ. ඔය හේතුව නිසාම අත ඇරල දැම්ම. ජීවිතේ විනාසයි ඔහොම කෙල්ලෙක් කර ගැහුවොත්...!
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    හීන් පුතා;20868867 said:
    ඒක නම් සහතික ඇත්ත. ඔය වගේ කෙල්ලෙක් මටත් හිටියා. ඒකිත් හෙන රිනාත්මකයි. ලස්සන උනාට වැඩක් නෑ. ඔය හේතුව නිසාම අත ඇරල දැම්ම. ජීවිතේ විනාසයි ඔහොම කෙල්ලෙක් කර ගැහුවොත්...!

    උබ වාසනාවන්තයි මචන්.... මම මේ විනාසය කරා යනගමන් ඉන්නේ...

    මුලු ශක්තියම දාලා මම ගොඩට අදිද්දී එයා එයාගේ ශක්තිය දාලා මඩට අදිනවා...

    හිතලා කරන දෙයක් නෙවෙයි. එයාලගෙ හිතේ දියුනුවෙන්න ඕන ඒවට කැපවීම් කරන්න ඕන කියලා දෙයක් නෑ...

    ඒක කියලා දුන්නත් තියන හීනමානය නිසා පිලිගන්නේ නෑ... හිතන්නේ මම එයාව පහත් කරලා සලකනවා, කරන හැමදේම වැරදි කියනවා කියලා...

    මම අද කිවුවා අර CSN එකෙ ගිය "Be The Change" වැඩසටහනවත් යූටියුබ් එකෙන් අරන් බලන්න... එතකොට ඔයාට තේරෙයි ඔයාගැන කියලා..

    එතකොට කියනවා එයාට ඕනේ දවස ගෙවාගන්න විදියක් මිසක් ඒවා නෙවෙයිලු..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    තමන්ට වඩා දුර්වල මානසිකත්වයක් තියන, රින අදහස් තියන කෙනෙක් කවදාවත් බදින්න එපා...

    එයා තමන්වත් ඇදගෙන පාතාලෙටම යනවා ජීවිතකාලෙම....

    කවදාවත් ගොඩ එන්න දෙන්නේ නෑ...

    ඒ වගේ අයට ඒක තේරුම් කරන්න යාමත් ඉතා භයානක වැඩක්...

    තමන් බදින්න කලින් ඒ බදිනකෙනාගේ ලස්සන විතරක් නෙවෙයි... මේ දේවලුත් බලාලා බදින්න නැත්තන් සදා අනාතයි...

    රින අදහස් තියන කෙනෙක් කියලා උබ අදහස් කරන්නේ මොකක්ද ? මට උදාහරණ ටිකක් දියන් :confused::confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අම්මෝ බන් ඔහොඉම එවුන් එක්ක සෙට් වෙන්නම් එපා,
    වැඩක්ම නැ

    අනික කෙල්ලෝ විතරක් නෙමේ,
    යාලුවෝ,නෑදෑයෝ,වැඩ කරණ තැන එවුන්,කොටින්ම අම්ම තාත්තා වුනත් කරන්නේ හැමතිස්සෙම පස්සට අදින එකනම් පුළුවන්තරම් ඈත් වෙලා තමන්ගේ පාඩුවේ හිටහන්,
    හබරල කොලේ සීන් එකතම කරන්න ඕනේ,(හබරල කොලේට කොච්චර වතුර වැටුනත් රැදෙන්නේ නැනේ)]

    අම්ම තාත්තා නම් එහෙම ගොඩක් ඉග්නොර් කරන්න එපා,පවු ඒ දෙන්න :sorry::sorry:
    කෙල්ලෝ නම් එකට දාහක් ගන්න බැරිය බන් :yes::yes:
    සාමාන්‍ය විදියට ඉන්න ගමන් ඒ ගොල්ලන්ගේ රින අදහස් ඒ කනින් අහල මේ කනින් පිට ක්රහන්
    that's all:):)
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    රින අදහස් තියන කෙනෙක් කියලා උබ අදහස් කරන්නේ මොකක්ද ? මට උදාහරණ ටිකක් දියන් :confused::confused:

    ගන්න පඩිය මදි නිසා මම පාට්ටයිම් එකක් හොයගත්තා දවසට 5000ක් විතර හම්බවෙන... නිවාඩු දවසකට ලෝක් කලාම ගිහින් වැඩ ටික කරලා එන්න තියෙන්නෙ... ඒකට කැමති නෑ දවස් දෙකලු ගෙදර ඉන්නේ එකෙත් වැඩ කරන්න ගියාම කොහොමද අහනවා.. මාසේ ගෙවාගන්න සල්ලි මදියි බන් ඒක නිසයි නිවාඩු දවසට කරන්න දෙයක් හොයගත්තේ...

    තව දවසක් වොශ් රූම් එකේ වතුර ලීක් වෙනවා.. මම ඒක හදන්න ගත්තා ටයිල් 4ක් කඩන්න උනා ඒක හදන්න.. ගෙදර තිබ්බා පරන ටයිල් මමම ඒවා ඇල්ලුවා... මම බාස් කෙනෙක් නෙවෙයි ඒ නිසා වැරදි වැරදි තමයි කලේ ඉතින් වෙලා ගියා.. මම වැඩක් කරන්න ගත්තොත් ඒක ඉවරවෙනකන්ම කරනව කන්න බොන්නවත් ඕනේ නෑ... මෙන්න හවස් වෙද්දී මාත් එක්ක රන්ඩුව මගුලක් ආල්ලගෙන කන්න එන්නෙත් නෑ කියලා... යකෝ මම අපේම ගෙදර වැඩක් කරන්නේ බලපන්කෝ කියන කතාව... මටත් අම්බානෙක මල පැන්නා...

    ඔය කිවුවේ දෙකක් විතරයි... මට හරියට ගලපලා කියන්න තේරෙන්නේ නෑ බන් මෙයාගේ වැඩ..

    හැම වෙලේම කියනවා සල්ලි විතරක් නෙවෙයිලු ජීවිතේ... ඒත් ඊට පස්සේ කියනවා අනේ ඔයගේ අයියට කාර් තියනවා අපි තමයි බස් වල බයික් වල යන්නේ කියලා.. වැඩියෙන් හම්බකරන්න ගියාමත් ඒකටක් එපා කියනවා...