මෙරට රිළවුන් චීනයට ලබා දීමේ තීරණයට, හිටපු වනජීවී අමාත්‍යවරයෙකු වශයෙන් තමා විරෝධය පළ කරන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එය පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි.
එසේම අදාළ ක්‍රියාව මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා පනතට පටහැනි බවත් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ආවේණික විශේෂ කිසි විටෙකත් සමූහ වශයෙන් අපනයනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.
යම් හෙයකින් එලෙස මෙරට රිළවුන් චීනයට ලබා දෙන්නේ නම් එය සත්වෝද්‍යාන අතර හුවමාරු වැඩසටහන් සඳහා පමණක් විය යුතු බව ද පෙන්වා දෙන හිටපු හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එම සතුන් රසායනාගාරවලට ගොස් වධ හිංසාවලට ලක් වීමට විශාල ඉඩක් ඇති බව හොඳින්ම දැන සිටින පසුබිමක එම සතුන් චීනයට යැවීම අමානුෂික ක්‍රියාවක් බවයි.
එසේම අදාළ සතුන් ඉතාමත් ලස්සන බැවින් පරිසරය තුළ සැරිසරමින් නිදහසේ එම සතුන්ට ජිවත් වීමට අයිතියක් ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
https://liveat8.lk/රිළවුන්-චීනයට-යවනවාට-එජා/