රුක්අත්තන මල පරවේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රුක්අත්තන මල පරවේ

රවීන ගීත රචකයකු වූ මහින්ද අල්ගම මහතා (68) අද කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 70 දශකයේ ගුවන් විදුලියට එක් වූ ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකයකු වශයෙන් කටයුතු කළේය. සරස්වතී මණ්ඩපය, ළමාපිටිය හා විශ්වශ්‍රවණී ඔහු විසින් ඉදිරිපත් කළ වැඩසටහන් අතර ප්‍රධාන තැනක් ගනී. ළමා ගීත හා ළමා නාට්‍ය කිහිපයක් රචනා කළ ඔහු නන්දාමාලනී මහත්මිය ගායනා කරන ‘‘රුක්අත්තන මල මුදුනේ‘‘ ගීතය ඇතුළු ගීත රැසක් රචනා කළේය. ඔහු කලක් රෝගීව සිටියේය.



algama.gif