රුගේ සිතුවිලි-අංක:11 (2019.01.29)

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,587
    113
    පොන්සි ආණ්ඩුව
    ගුරුගේ සිතුවිලි-අංක:11 (2019.01.29)
    ♥️
    ✳
    ගෝලයන් අතිවිශාල සංඛ්‍යාවක් අතරින් 80 දශකයේ පද්මසිරි ත්‍රිමාවිතාන සහ 2000 වකවානුවේ, පැතුම් කර්නර් යන ගෝලයන් දෙදෙනා සැසදීමට ගුරුට සිතුනේ ඇයි ?
    ♥️
    ත්‍රිමාවිතාන මගේ ගමට සමීපම ගමවූ කහවේ පදිංචිව සිටියේය. ත්‍රිමාවිතානත් ඔහුගේ මල්ලී සහ නංගීද මගෙන් රසායන විද්‍යාව විෂය හැදෑරූ 80 දශකයේ දරුවන්ය.මෙම පසුබිම යටතේ ත්‍රිමාවිතානගේ පවුලේ පසුබිම මම හොදින්ම දැන සිටියෙමි.
    ත්‍රිමාවිතානගේ පියා බලපිටිය උසාවියේ රැකියාවක් කලත් . ඔහු අධිකව මත්පැන්වලට ඇබ්බැහිවුවෙක් විය. මේ නිසාම දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ සියලු ආර්ථික ගැටලු තනිකරම සිය කරට ගනිමින් ආර්ථික අරගලයට මුහුණු දීමට මෙම
    ♥️
    දිරිය මව ආරාබිකරයට පිය නගන්නේ, සොයුරු සොයුරියන් ගේ ආරක්ෂාව ඇතුලු සියලුම වගකීම් පද්මසිරි පුතණුවන් වෙත පවරමින්ය.
    ✳
    පැතුම් කර්නර් 2000 නාලන්දාවේදී මගෙන් රසායන විද්‍යාව විෂය හැදෑරූ දරුවෙකි.පවුලේ ආර්ථික ගැටලු අභියෝගයක් ලෙස භාරගනිමින් පලමු උත්සහයෙන්ම කොළඹ වෛද්‍ය පීඨයට තේරෙන බව පන්ති කාමරයේදී සිසුන් ඉදිරියේ කී වදන් නිසාම,මේ අරමුණක් ඇති දරුවාට මා සිතින් වඩාත් සමීප විය.මේ පසුබිම යටතේ මේ දරුවාගේ පවුලේ ආර්ථික අගහිඟ කම් ගැන තරමක අවබෝධයක් එදා මට තිබුනි. ,මේ වකවානුවේ ඔහු කළඑලි දැක්වීමට සුදානම් කරන "නෝටි ශාන්" නැමති පොත සිය ලමා අවධිය හුවා දක්වයි. මෙය තුලින් සිය පවුලේ එදා තිබුන ආර්ථික ගැටලු නිර්ව්‍යාජව ඉදිරිපත් කර ඇත. පැතුම්ගේ මනා පෞරුෂය මෙම මේ අයුරින් ඉස්මතුවීමෙන් මේ කොල්ලා ගැන මගේ ඇති ආදරය තවතවත් වැඩිවිය.
    ♥️
    ත්‍රිමාවිතාන සහ
    ✳
    පැතුම් ගේ මවුවරුන් දෙදෙනානාම වචනයේ පරිසමාප්තියෙන්ම අසමසම දිරිය මවුවරුන් දෙපලකි.
    ♥️
    ත්‍රිමාවිතානත් සහ
    ✳
    පැතුම් දෙදෙනාම පවතින නිදහස් අධ්‍යාපනයේ සමාජ ක්‍රමය මගින් සාදා තිබෙන ආර්ථික සහ සමාජීය කඩතොලු, අධිෂ්ඨානය නැමති සිය පෞරුෂය සහ දිරිය මවුවරුන්ගේ ධෛර්යය මගින් වසාදැමු අපුරුව පෙනීගියේ දෙදෙනාම වකවානු දෙකක දී කොළඹ වෛද්‍ය පීඨයට තේරුණු බැවිනි . සරසවි වරම් ලැබීමේදී සියලුම පීඨ අතරින් ඉහලම ඉල්ලුම ඇත්තේ
    කොළඹ වෛද්‍ය පීඨයට බව නොරහසකි.
    ♥️
    ✳
    මේ දරුවන් දෙදෙනාම වෛද්‍ය පීඨයට තේරුණු පසු වසර පහකින් ආර්ථික ගැටලුවලට පහසුවෙන් මුහුණුදිය හැකි සමාජය ඉහලින්ම පිලිගන්නාවු වෛද්‍ය වරුන් වන බව හොදින්ම තේරුම් ගත් බව නොරහසකි.නමුත් මේ දරුවන් දෙදෙනා එයට වඩා ගැඹුරෙන් අනාගතපරපුර ගැන සිතූ වචනයේ පරිසමාප්තයෙන්ම දේශප්‍රේමීන් බව කීමට මට නම් කිසිම පැකිලීමක් නැත.
    ♥️
    තමා වැනි ආර්ථික ගැටලු මැද යම් දුරකට හෝ නිදහස්.අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබමින් වෛද්‍යවරයකු බිහිවීම වැලැක්වීමට එදා පාලකයන් ගත් තීරණයට විරුද්ධව හඩක් නැගූ ත්‍රිමාවිතානගේ හිසෙහි පරාල ඇණ ගසා ඝාතනය කිරීම, දේශප්‍රේමීයකුගේ නිමාව නොව ආරම්භය බව මම සිතමි.ත්‍රිමාවිතාන පුතිනි, ඔබ අමරණීය දේශප්‍රේමීයකූ බව ගුරුපියා හඬගා කියයි.
    ✳
    ත්‍රස්තවාදයකට, විරුද්ධ තීරණාත්මක යුද්ධයයේදී රටවෙනුවෙන් සිය කැමැත්තෙන් ඉදිරි සටන් පෙරමුණටගිය, අප රටේ ඇති විශ්වවිද්‍යාල සියලුම සිසුන් අතරින් එකම සිසුවා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිකල වෛද්‍ය පැතුම් කර්නර් දේශප්‍රේමීයා බවද ගුරුපියා කිසිදු පැකිලීමකින් තොරව හදුන්වාදෙයි.
    ✳
    18.05.2018දින "යුද බිමක වෙද මහිම" වෛද්‍ය පැතුම් කර්නර් යුද බිමේදී ලද සත්‍යඅත්දැකීම් පිලිබද ග්‍රන්ථය එළිදැක්වීමේ
    උත්සවයට එදා ගුරුපියා පැමිණියේ පැතුම් නැමති දේශප්‍රේමීයා ඇගයීමටයි.
    ♥️
    ♥️
    ♥️
    ♥️
    80 දශකයේ යම් දිනයකදී කොළඹ වෛද්‍ය පීඨයේ මහජන ගෞරවය සදහා තැන්පත්කරතිබූ වෛද්‍යශිෂ්‍ය පද්මසිරි ත්‍රිමාවිතාන ශිෂ්‍යයාගේ පරාල ඇණ මගින් සිදුරු කළ හිස්කබල දැක ගැනීමෙන් අනතුරුව, කණගාටුව සදහන් කිරීමට තිබු පොතෙහි ගුරුපියා තැබු සටහනේ ලියවී ඇත්තේ "පුතේ ඔබ අමරණීය දේශප්‍රේමීයකු" බවයි.
    ⭐
    විශේෂ සටහන:
    "යුධ බිමක වෙදමහිම" පොත පිලිබඳව , විචාරාත්මක ඡන හමුවකදී දී පැතුම් වෙත මම දුන් මෙම අවවාදය නැවත වරක් සිහිපත් කරන්නෙමි.
    ඔබ යෑමට දිශානතිය ලබාගත්තේ අවංක /අව්‍යාජ මාවත ඔස්සේ බව තර්කයක් නැත.
    නමුත් මිතුරු වෙස්ගත් ඇතැම්හතුරු බලවේග අටවූ සහ අටවීමට ඉඩ ඇති බොරු වලවල් සහ වැරදි මාවත් ගැන ඉතා පරිස්සම් වන්න. දෙවරක් හිතන්න.මෙතෙක් කල් ගිය අව්‍යාජ මාවතේ නිවැරදි මාර්ගෝපදේශකයන් වු අම්මා ,බිරිද විශාඛා , ඔබේ අක්කා සහ අයියා සමග නිරන්තරවම අදහස් විමසන්න.
    පැතුම්ට දුන් මෙම අවවාදය ත්‍රිමාවිතානට දීමට මා ප්‍රමාද වූවාදැයි අදටත් මම පසුතැවෙමි.