රුදුරු ත්රස්තවාදියෙකුගේ මවගේ ඉරණම
රුදුරු ත්රස්තවාදියෙකුගේ මවගේ ඉරණම !
2011 පෙබරවාරි 10 වෙනි බ්‍රහස්පතින්දා, 12:29 තිරෙන් පිටුපස - කසු කුසු
(කොළඹ, ලංකාපුවත්) – හිටපු එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ අසූ වියැති මවගේ වර්තමාන තත්ත්වය, අපරාධ සහ ත්රස්තවාදයට යොමුවන පුතුන් බිහි කරන සියලු මව්වරුන්ට කදිම පාඩමකි.
පාර්වතී මෙලොවට බිහි කළ ප්රභාකරන් දසදහස් සංඛ්‍යාත සිංහල, දෙමළ, මුස්ලිම් ජීවිත ප්‍රමාණයක් බිලිගත් චරිතයකි. තම වැඩිමහල් දියණිය සමඟ යාපනයේ නගරයට යන විට සීනි බනිස් දුන් සිංහල බේකරි මුදලාලි කෙනෙකුවන ‘මාතර අන්නේ’ (අයියා) නිතර පාර්වතීට මතක් වෙනු ඇත. ප්රභාකරන් පසු කලෙක මෙම මුදලාලිගේ බේකරියට ගිනි තබා ‘මාතර අන්නේ’ව යාපනය ප්‍රදේශයෙන් පළවා හැරියේය. පාර්වතීට යාපනය රෝහල අසල ස්ටැන්ලි පාරේ ‘හුසේන් නානා’(හුසේන් අයියා) ද නිතර මතකයට නැගෙනු ඇත. ඒ මන්ද යත් ඔහුගේ මරණයට වගකිව යුත්තේ ද පාර්වතීගේ පුත් ප්රභාකරන් නිසාවෙනි.
මේ අද පාර්වතීට මතකට නැගෙන සිය ජීවිතයේ සිදුවීම් දෙකකි.
සමාජ විරෝධී ක්‍රිය සිදු කරන අපරාධකරුවෙකු, ත්‍රස්තවාදියෙකු බිහි කිරීම හා පෝෂණය කිරීම මවක් විසින් කරනු ලබන වන්දි ගෙවිය නොහැකි පවකි. පාර්වතී මෙලොවට දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙකු (මනෝහරන්, ප්රභාකරන්) බිහිකළ අතර ඇයගේ වැඩිමහල් දියණිය මේවන විට කැනඩාවේ අධිසුඛෝපබෝගී ජීවිතයක් ගත කරයි.
වැල්වැටිතුරෙයි රෝහලක අසාධ්‍ය තත්ත්වයේ පසුවන තම මවගේ සුව දුක් විමසීමට එකදු දුරකථන ඇමතුමක්වත් ඇය විසින් ලබා දී නොමැත. චෙන්නායි හි වාසය කරන අනෙක් දියණියද පාර්වතීගේ රෝගී තත්ත්වය නොසළකා හැර තිබෙන අතර ඩෙන්මාර්ක් හි සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන ප්රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයාවන මනෝහරන් ද පාර්වතී කෙරෙහි කිසිදු අවදානයක් යොමු කර නොමැත.
දහස් සංඛ්‍යාත අහිංසක මිනිසුන්ගෙන් වැගුරුණු ලේ මත සහ එම මිනිසුන්ගේ දේපළ කොල්ල කමින් 2009 වසර තෙක් ප්රභාකරන්ගේ පවුලේ සියළු සාමාජිකයින් සුපිරි ජීවිතයක් ගත කළහ. ශ්‍රී ලංකාව තුළ මොනයම් ආකාරයකින් හෝ පිපිරුමක් සිදු වූ සෑම මොහොතකම පාර්වතීගේ දියණියන් දෙදෙනා සහ වැඩිමහල් පුත්‍රයා දුරකථනයෙන් ඇයට සහ ඇයගේ ස්වාමි පුරුෂායා අමතා බෝම්බ ප්‍රහාරයෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරනු ලැබූහ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පපිලායි අමිර්තලිංගම්, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඉන්දිය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන අවස්ථාවන්වලදී ද මොවුන් දුරකථනයෙන් අමතා සතුට පළ කර ඇත. පාර්වතී සහ ඇගේ සැමියා ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය සහ සමාජ විරෝධී ක්‍රියා කලාපය අනුමත කළේ රටේ දහස් ගණනක් මව්වරු ත්‍රස්තවාදය වෙනුවෙන් මියැදෙන තම පුතුන් හා ඥාතීන් වෙනුවෙන් කදුළු හෙළන විටයි.
පාර්වතී අද රෝහල් ඇඳක තනිව පසුවන්නේ ඇය මෙලොවට බිහි කළ එකදු දරුවෙකු, ඥාතියෙකු හෝ හිතවතෙකු ද නොමැතිවයි. මේ රටේ අහිංසක දෙමාපියන් සහ දරුවන් ඝාතනය කල රුදුරු ත්‍රස්තවාදියෙකු මෙලොවට බිහි කළ, පෝෂණය කළ මවකට අත්වන ඉරණම මෙයින් මනාව පැහැදිලි වනු නොවනු මානය.