රුදුරු ත්‍රස්තවාදියෙකුගේ මවගේ ඉරණම

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රුදුරු ත්‍රස්තවාදියෙකුගේ මවගේ ඉරණම

    රුදුරු ත්‍රස්තවාදියෙකුගේ මවගේ ඉරණම !

    2011 පෙබරවාරි 10 වෙනි බ්‍රහස්පතින්දා, 12:29 තිරෙන් පිටුපස - කසු කුසු

    (කොළඹ, ලංකාපුවත්) – හිටපු එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අසූ වියැති මවගේ වර්තමාන තත්ත්වය, අපරාධ සහ ත්‍රස්තවාදයට යොමුවන පුතුන් බිහි කරන සියලු මව්වරුන්ට කදිම පාඩමකි.
    පාර්වතී මෙලොවට බිහි කළ ප්‍රභාකරන් දසදහස් සංඛ්‍යාත සිංහල, දෙමළ, මුස්ලිම් ජීවිත ප්‍රමාණයක් බිලිගත් චරිතයකි. තම වැඩිමහල් දියණිය සමඟ යාපනයේ නගරයට යන විට සීනි බනිස් දුන් සිංහල බේකරි මුදලාලි කෙනෙකුවන ‘මාතර අන්නේ’ (අයියා) නිතර පාර්වතීට මතක් වෙනු ඇත. ප්‍රභාකරන් පසු කලෙක මෙම මුදලාලිගේ බේකරියට ගිනි තබා ‘මාතර අන්නේ’ව යාපනය ප්‍රදේශයෙන් පළවා හැරියේය. පාර්වතීට යාපනය රෝහල අසල ස්ටැන්ලි පාරේ ‘හුසේන් නානා’(හුසේන් අයියා) ද නිතර මතකයට නැගෙනු ඇත. ඒ මන්ද යත් ඔහුගේ මරණයට වගකිව යුත්තේ ද පාර්වතීගේ පුත් ප්‍රභාකරන් නිසාවෙනි.
    මේ අද පාර්වතීට මතකට නැගෙන සිය ජීවිතයේ සිදුවීම් දෙකකි.
    සමාජ විරෝධී ක්‍රිය සිදු කරන අපරාධකරුවෙකු, ත්‍රස්තවාදියෙකු බිහි කිරීම හා පෝෂණය කිරීම මවක් විසින් කරනු ලබන වන්දි ගෙවිය නොහැකි පවකි. පාර්වතී මෙලොවට දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙකු (මනෝහරන්, ප්‍රභාකරන්) බිහිකළ අතර ඇයගේ වැඩිමහල් දියණිය මේවන විට කැනඩාවේ අධිසුඛෝපබෝගී ජීවිතයක් ගත කරයි.
    වැල්වැටිතුරෙයි රෝහලක අසාධ්‍ය තත්ත්වයේ පසුවන තම මවගේ සුව දුක් විමසීමට එකදු දුරකථන ඇමතුමක්වත් ඇය විසින් ලබා දී නොමැත. චෙන්නායි හි වාසය කරන අනෙක් දියණියද පාර්වතීගේ රෝගී තත්ත්වය නොසළකා හැර තිබෙන අතර ඩෙන්මාර්ක් හි සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයාවන මනෝහරන් ද පාර්වතී කෙරෙහි කිසිදු අවදානයක් යොමු කර නොමැත.
    දහස් සංඛ්‍යාත අහිංසක මිනිසුන්ගෙන් වැගුරුණු ලේ මත සහ එම මිනිසුන්ගේ දේපළ කොල්ල කමින් 2009 වසර තෙක් ප්‍රභාකරන්ගේ පවුලේ සියළු සාමාජිකයින් සුපිරි ජීවිතයක් ගත කළහ. ශ්‍රී ලංකාව තුළ මොනයම් ආකාරයකින් හෝ පිපිරුමක් සිදු වූ සෑම මොහොතකම පාර්වතීගේ දියණියන් දෙදෙනා සහ වැඩිමහල් පුත්‍රයා දුරකථනයෙන් ඇයට සහ ඇයගේ ස්වාමි පුරුෂායා අමතා බෝම්බ ප්‍රහාරයෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් ඔවුන්ගේ සතුට ප්‍රකාශ ක‍රනු ලැබූහ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පපිලායි අමිර්තලිංගම්, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඉන්දිය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන අවස්ථාවන්වලදී ද මොවුන් දුරකථනයෙන් අමතා සතුට පළ කර ඇත. පාර්වතී සහ ඇගේ සැමියා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය සහ සමාජ විරෝධී ක්‍රියා කලාපය අනුමත කළේ රටේ දහස් ගණනක් මව්වරු ත්‍රස්තවාදය වෙනුවෙන් මියැදෙන තම පුතුන් හා ඥාතීන් වෙනුවෙන් කදුළු හෙළන විටයි.
    පාර්වතී අද රෝහල් ඇඳක තනිව පසුවන්නේ ඇය මෙලොවට බිහි කළ එකදු දරුවෙකු, ඥාතියෙකු හෝ හිතවතෙකු ද නොමැතිවයි. මේ රටේ අහිංසක දෙමාපියන් සහ දරුවන් ඝාතනය කල රුදුරු ත්‍රස්තවාදියෙකු ‍මෙලොවට බිහි කළ, පෝෂණය කළ මවකට අත්වන ඉරණම මෙයින් මනාව පැහැදිලි වනු නොවනු මානය.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොනවා කියන්නද කියල දන්නේ නැ බන්:dull:
    :yes:
    එක පැත්තකින් අම්මා කෙනෙක්, අනෙක් පැත්තෙ ත්‍රස්තවාදියෙකුගේ මවක්!!! හ්ම්ම්ම්!!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කල කල දේ පල පල දේ කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයි නෙ :)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    hoda wede.. ko yako konda pana thiyena jathiyak nam Ammawa amathaka karala hengila Innawada Ban.. hodama wede.. lesiyen Marenna epa.. thawa aurudu 20 k wath jivath wenne.. marana baya tikekn tika denenna oni..:angry::angry::yes:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    amma kenek daruwek bihi karaddi meka tastawadiyek wei kiyala hitanawada na neda ammata baninna epa ubala karana dewal ammata walakwanna puluwanda bane me gan poddak hitapalla
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    amma kenek daruwek bihi karaddi meka tastawadiyek wei kiyala hitanawada na neda ammata baninna epa ubala karana dewal ammata walakwanna puluwanda bane me gan poddak hitapalla

    godak welawata lamai yanne amma thathage adi pare.. eka nisa meya weradi nehe kiyala kiyanna ba :angry:
    gedara parisaraya anuwa thamai lamai hedenne. prabakaran podi kale gedara kattiya sinhala minissu gena wairayen inna aththe :yes::yes:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ත්‍රස්තවාදියෙක්ව ඉප්පද්දුව කියල බනින එක ගැන නම් දන්නේ නෑ බන්.
    1. ඉපදෙන්න ඉන්න එක ත්‍රස්තවාදියෙක් කියල අංජනමක් ඇරලා බලන්නද?
    2. එහෙම දැනගත්තත් බෙල්ල හිරකරන්නද? තමන්ගේ දරුවාගේ.

    හැබැයි තමන්ගේ දරුවා වැදගත්, අනිත් උන් වල පල්ලට ගියත් කමක් නෑ කියල ජිවත් උනානම් ඉතින් තමන්ගේ හර්ධෂක්ෂිය තමන්ටම දඬුවම් දෙයි.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ප්‍රභාකරන්ගෙ සහෝදර සහෝදරියන්ට ‍ඔහොම ඉන්න දෙන්න හොඳ නෑනෙ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    හැබැයි තමන්ගේ දරුවා වැදගත්, අනිත් උන් වල පල්ලට ගියත් කමක් නෑ කියල ජිවත් උනානම් ඉතින් තමන්ගේ හර්ධෂක්ෂිය තමන්ටම දඬුවම් දෙයි.

    eka thamai den wela thiyenne.. ko den anith Un.. ekekwath nea.. :rofl::rofl: lamai hodata heduwanam ada mehema thaniyen inna weida..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කිසිම අම්ම කෙනෙක් තමන්ගේ දරුවන් ත්‍රස්තවාදීන් වෙනවට කැමති‍ වෙන්නේ නැහැ....
    හැබැයි තමන්ගෙ දරුවවන් මොන වැරැද්ක කලත් දරුකම කියන එක සහමුලින්ම නැති‍වෙන්නේත් නැහැ......
    මේ කියල තියන විදිහට මේ අම්මත් පුතා කරපු ත්‍රස්තවාදී ක්‍රියා වලට අනුබල දුන්නනම් එයා ඒකට වන්දි ගෙවයි........
    හැබැයි කිසිම වැරදි වැඩක් අනුමත නොකරපු අම්ම කෙනෙක් නම් ඒ අම්මගේ කිසිම වැරැද්දක් කියන්න බැහැ......

    මේ සිංදුව බලලම මේකට රිප්ලයි කරනවනම් කවුරු හරි රිප්ලයි එකක් දෙන්න..........