රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත



    1003817_533344400061125_1132634708_n.jpg


    රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත

    මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ
    ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින
    ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙක්
    බව ඔබ දැන සිටියාද?

    ඔහු නමින් උමර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1925 දී මොහු
    විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතා‍ව
    මහනුවර දලදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

    ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට එක්වු මේ හස්ති රාජයා “රාජා” නමින් නම් කළ අතර දළදා කරඬුව වැඩම වීමේ මංගල හස්ති
    රාජයකු සතු විය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුනු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඔසවා තේජාන්විත
    ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියෙකුගේ අංග හතක් පොලොවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි.

    රාජාගේ හොඬය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභාවයක් ගනී. තම ඇත් ගොව්වාට අතිශය කීකරු
    මේ හස්තියා තීක්ෂණ බුද්ධියකින්ද යුතු බව දළදා මාලිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත.


    1938 දී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස පෙරහරේ ගමන් ඇරඹු රාජා වැඩි කලක් නොගොස් දළදා කරඬුව වැඩම
    වීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඬුව වැඩමවු රාජා හස්තියා මෙරට
    ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස
    ප්‍රකාශයට පත් කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.


    කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවු රිය අනතුරකින් ඔත්පල වුයේය.
    ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවධානමකට ලක්වු මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු
    මණ්ඩපයක ප්‍රථිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙලොව හැර ගියේය.


    මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ‍ලෝග ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍රවු රාජා හස්ති රාජයා දළදා මාලිගාවට පරිත්‍යාග කළ උමාර්
    ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියලා 1000 නොට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කිරීමට තීරණය කරන ලදී.

    දන්නා කතාව ඔහොමයි
    ඇත්ත කතාව මෙහෙමයි

    ඇත්ත ඉතිහාස ප්‍රවෘත්තිය -

    මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය

    පසු කලෙක (1937) ඔහු මෙම ඇතාව මහනුවර දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

    මමත් පස්සේ දැනගත්තේ බන් මේක ..යුරාජ් මහතාට මාගේ ස්තුතිය :yes:

    From Fb
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවු රිය අනතුරකින් ඔත්පල වුයේය.

    Riya anathurak una kiyala denagena hitiye naa ne :(