රුපියල් 8000 කට බිරිඳක්.
2011 ජූලි 17 ඉරිදා- පස්වරු 12:28
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උකස් තබන්නේ පන තිබෙන දේවල් නොවෙයි. එහෙත්, ඇතැම් විශ්වාස කළ නොහැකි අරුම පුදුම සිදුවීම්ද මෙහි සිදුවනවා. එවැනි සිදුවීමක සුලමුල පොලිසියට හෙලිවන්නේ තම බිරිඳ නිවසට රැගෙන එන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලය - මොරවැව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු සිදුකළ ඉල්ලීමක් හේතුවෙන්. කරුණු සොයා බැලීමේදී සිදුව තිබුණේ විශ්වාස කළ නොහැකි දෙයක්.
මෙම පුද්ගලයා තමන්ට විවාහ විමට කෙනෙකු අවශ්‍ය බව මොරවැව - මහදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ප්‍රකාශ කර තිබුණේ මීට දින කිහිපයකට පමණ පෙරයි. කපුකම භාරගත් ඔහු 65 වියැති පුද්ගලයාට කඩිනමින් විවාහවීමට කාන්තාවක් ගෙනවිත් දුන්නේ රුපියල් 8000 ක මුදලකටයි. එය උකස් තැබීමක් වශයෙන් භාර ගන්නැයි ඔහු 65 වියැති පුද්ගලයාට ප්‍රකාශ කර තිබුණා.
බිරිඳක් ලැබීමකින් සෑහීමකට පත්වූ ඔහුට ඒ සැනසීම පැය 48 ක්වත් විදීමට වාසනාව ලැබුණේ නැහැ. හදිසියේ පැමිණි බිරිඳ බලහත්කාරයෙන් ආපසු යාමට අවශ්‍ය බව පැවසුවා. කරුණු සොයා බැලීමේදී හෙලිවූයේ, මහදිවුල්වැව පදිංචි අපූරු කපුවා රුපියල් 8000 කට 65 වියැති පුද්ගලයාට උකස් තබා ඇත්තේ, 35 වියැති තම බිරිඳ බවයි.

Code:
http://www.hirunews.lk/sinhala/11508
Last edited: