ඔතනදි ඔය එකක්වත් නෙමේ බං උනේ.. බුකියෙ ලංකාවෙ උන්ගෙන් වැඩියක්ම ඉන්නෙ තවම අවුරුදු දහ අටවත් වෙච්ච නැති ඇටකිච්චො ටිකක්.. උන් තමයි ඔය පිංතූර හදලා ගොන් ආතල් ගන්නෙ.. සමහර වෙලාවට උන්ගෙ පේජ් එකේ ලයික් වැඩි කරගන්න.. නැත්තං ඌට ෆ්‍රෙන්ඩ්ස්ලා වැඩි කරගන්න..
පහුගිය දවසක ෆේස්බුක් එකේ ගෘෘප් එකක කෙල්ලෙක්ගෙ නමින් තිබ්බ එකවුන්ට් එකක ස්ටේටස් එකක් දානවා "මගේ අම්මා ලෙඩවෙලා.. මේකට කොමෙන්ට් දාහක් ඕන.. එතකොට මගේ අම්මට හොඳවෙයි.." කියලා.. උඹම හිතලා බලපං මුන්ගෙ අනාගතය කොහොම වෙයිද කියලා.. උන් මානසික ලෙඩ්ඩු වෙලා ඉන්නෙ.. ජීවිතේම ෆේස්බුක්, සයිබර් එක.. උන් හිතන්නෙ ජීවිතේ හැම දේම මේකෙන් කරගන්න පුළුවන් කියලා..
තව ඔය වගේ සෑහෙන්න දේවල් තියෙනවා.. නිවාඩු පාඩුවෙ ෆේස්බුක් ගිහින් ගෘෘප් දෙක තුනකට රිංගලා බලපංකො.. සිරාවටම දුකයි උන් ගැන..
---
කොහොමින් කොහොම හරි පොඩි උන් වැඩේ පටන් ගන්නවා.. මිඩියාකාරයො ටික තව පොඩ්ඩක් රස බර කරල සයිට් එකේ දානවා.. පත්තරේ දානවා.. ලංකාවටම බෙදනවා..
සිරාම කතාව බං අන්තිමේට හැදෙන්නේ තමන්ට අනන්යාතාවයක් නැතිව අතරමං වෙච්ච කාලකන්නි පරපුරක් බං. ඒකට වගකියන්න හැමෝටම සිද්ද වෙනවා බං. SNS කියන් Concept එක ලංකාවේ භාවිතා වෙන්නේ වෙනස්ම විදියකට බං. අපේ එවුන්ට නිදහස ලැබුනාම ඒක ඕනේවට වැඩිය විදින්න ගිහින් අන්තිමේට විදවනවා.
සෝෂල් නේට්වර්ක්ස් භාවිතාය අනුලෝමව සමානුපාතිකයි ලංකාවේ වෙගයෙන් වැඩිවෙන ස්මාර්ට් ෆෝන් භාවිතය
හරියට කිසිම දෙයක් භාවිතා කරන්න දන්නේ නෑ ලංකාවේ ගොන්නු. Facebook හින්දා පවුල් කීයක් කැඩෙනවද අද වෙද්දී ලංකාවේ. ලව් නම් කැඩුනට කමක් නෑ කියමුකෝ ඒත් බං දරුවෝ ඉන්න පවුල් කැඩුනම. මං දන්න එකෙක් ඉන්නවා ඌ මෙහේ ඌට අවුරුදු 20යි ඒ ගෑනි මාතර ඒ ගෑනිට අවුරුදු 40යි. යකෝ දෙගුණයක් වයසයි ගෑනිට. ලමයි දෙන්න ඉද්දීමයි මූ ගෙදරට රිංගන්නේ. සමාජ සම්බන්ධතා ගැන මුං මෙච්චරම ගොන් ද කියලා හිතෙනවා බං.





