රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය බැංකු මඟින් අරමුදල් සපයා ගැනීමට රජය තීරණය කර තිබේ.
ව්‍යාපෘතිය විදේශ අරමුදල්වලින් සිදු කිරීමට සැලසුම් කර තිබුණත් එය දේශිය අරමුදල් යටතේ සිදුකිරීම යෝග්‍ය වනු ඇතැයි රජය පවසයි.
රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශය පියවර ගැනීමට මාර්ග හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (01) දිනයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව - ඉංගිරිය - රත්නපුර - පැල්මඬුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර දක්වා ඉදි කිරීමට නියමිතය.


oka hinda kohe lands ganan yayda?