රුසියානු ගුවන් කරණම් - Aviadarts-2016

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු ගුවන් කරණම් - Aviadarts-2016

    iTJ5PEa.jpg

    රුසියානු ගුවන් නියමුවන් සිය හැකියාව ප්‍රදර්ශනය කරන Aviadarts නම් තරඟාවලිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2013 වසරේ පටන් වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.එය 2016 වසරේ දී පැවැත්වූයේ මැයි 28 සිට ජූනි 5 දක්වාය.Aviadarts - 2016 තරඟාවලියටද වෙනදා මෙන් ප්‍රහාරක ගුවන් යානා,බෝම්බ හෙළන යානා,හෙලිකොප්ටර් සහ තවත් ගුවන් යානා යොදාගෙන තිබිණි.මෙම තරඟාවලියේ විශේෂිතම අංගයක් වන්නේ ගුවන් නියමුවන් මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථාය.මෙම ජාත්‍යන්තර තරඟාවලියේදී ඉලක්ක වලට බෝම්බ හෙළීම.මුහුදු ඉලක්ක වෙත පහරදීම ආදිය සිදුකෙරේ.මෙම ඉසව් රුසියාවේ ක්‍රිමියා හි Sevastopol නගරය ආසන්නයේ Kirovskoye සහ Belbek යන ගුවන් හමුදා කඳවුරු ආශ්‍රිතව පැවැත්විණි.පහත දැක්වෙන්නේ එම තරඟාවලියේ උද්වේගකර අවස්ථා කිහිපයකි.




    තරඟාවලිය නැරඹීමට පැමිණි පිරිස් රුසියානු Su-25 ප්‍රහාරක ජෙට් යානයක් අසල සිටින අයුරු

    NFn8VFC.jpg





    Aviadarts-2016 හි සිය හැකියාවන් පෙන්වූ රුසියානු නයිට් හන්ටර් කණ්ඩායමේ Mi-28 හෙලිකොප්ටර් යානා

    p8WHNRh.jpg




    Sukhoi Su-27 ප්‍රහාරක යානා පදවන රුසියානු නයිට්වරු-Russkiye Vityazi (Russian Knights) නම් ගුවන් කරණම් කණ්ඩායම සහ MiG-29 ප්‍රහාර යානා සතු ස්විෆ්ට්-Strizhi (Swifts) ගුවන් කරණම්කරුවන් සිය දස්කම් ප්‍රදර්ශනය කරමින්.​

    2NGekLE.jpg





    MiG-29 යානා සතු Strizhi (Swifts) කණ්ඩායම ක්‍රිමියාවේ.

    9YWDEgk.jpg





    තරඟාවලියට එක්වූ Su-34 බහුකාර්ය ප්‍රහාරක යානා

    ASN2vvM.jpg





    ගුවන වර්ණවත් කල රුසියානු Mi-8 හෙලිකොප්ටර් යානා

    w47MAUw.jpg





    MiG-29 බහු කාර්යය ප්‍රහාරක යානයක් ක්‍රිමියාවට ඉහළ අහසේ

    GsG9KX3.jpg





    රුසියානු Mi-28 හෙලිකොප්ටරයක සමීප දර්ශනයක්

    vSwc4Px.jpg





    MiG-29 ප්‍රහාරක යානා පදවන Strizhi (Swifts)කණ්ඩායමේ දස්කම්

    qRvKv5m.jpg





    රුසියානු Falcons කණ්ඩායම සිය යානා පදවමින්

    rgyJCqx.jpg





    තරඟාවලිය නියෝජනය කල Mi-8 හෙලිකොප්ටර් යානා

    temkveH.jpg





    Su-27 යානා පැදවූ රුසියානු නයිට්වරු(Russian Knights ) නම් කණ්ඩායමේ හැකියාවන්

    QhMSjXD.jpg








    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කතාවට කියන්නෙ හොඳම කොලිටි pilot ලා ඉන්නෙ රුසියාවෙ කියලා.... :cool: :)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ලංකාවේ පයිලට්ලටත් රුසියාවේ අය නේද ට්‍රේන් කරන්නේ..:cool:
    සමහර විට වෙන්න පුලුවන් මචං,ඒත් මම නම් හිතන්නෙ දැන් නම් අපේ air force එකේ seniour pilotලම අපේ අලුත් pilotලව train කරනවා ඇති කියලා.... :yes::cool: