රුසියානු යකඩයාට ජර්මන් අභියෝගයක්
2015 දී එළිදැක්වූ රුසියාවේ නවතම Armata T-14 යුද ටැංකිය අනෙකුත් රටවල දැඩි අවධානයට පාත්‍ර වී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස Armata T-14 යුද ටැංකියට අභියෝගයක් දිය හැකි යුද ටැංකි නිෂ්පාදනය කිරීමට සමහර රටවල් පෙළඹී තිබේ.හොඳම උදාහරණය වන්නේ ජර්මනියේ ඊළඟ පරම්පරාවේ යුද ටැංකියයි.මෙය Leopard 3 ලෙසින් හඳුන්වයි.මෙය Leopard 2A යුද ටැංකියේ අලුත්ම සංස්කරණය ලෙස හැඳින්විය හැකිය.මෙහිදී යුද ටැංකියේ ආරක්ෂාව වැඩිකිරීම,ඩිජිටල් ප්‍රහාර පාලන පද්ධතියේ උසස් කිරීමක් සහ වෙඩි බලය ඉහළ දැමීමක් සිදුවන බව වාර්තා වේ.
Rheinmetall සමාගම මගින් මෙම යුද ටැංකිය නිෂ්පාදනය කෙරේ.ඔවුන් Leopard 2 සහ ඇමෙරිකානු M1A2 Abrams යුද ටැංකියට අවශ්‍ය වැදගත් කොටස් නිෂ්පාදනය කරන සමාගමකි.දැනට Leopard 2 යුද ටැංකිය සතුව තිබෙන්නේ L55 120mm ප්‍රධාන අවියකි.ඒ වෙනුවට ඉහළ තෙරපුමක් දිය හැකි දිගින් අඩු අවියක් හඳුන්වාදීමට නියමිතය.Rheinmetall සමාගමේ ප්‍රධානියෙකුට අනුව මේ සඳහා 130mm අවියක් යොදාගනු ඇති.
ජර්මානුවන්ගේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ රුසියානු යුද ටැංකියේ සක්‍රීය ප්‍රතික්‍රියක පද්ධතිය(active protection systems -APS) සම්බන්ධවයි.මෙය රොකට් ප්රචාලන ග්‍රෙනේඩ් සහ මිසයිල වලට එරෙහිව සාර්ථක ක්‍රියා කරයි.රුසියානු T-14 යුද ටැංකියේ ආරක්ෂාව බිඳ හෙළීමට උපක්‍රමයක් සොයා ගැනීමේ උත්සාහයක් ජර්මානුවන් විසින් මෙහිදී දරනු ඇති.
T-14 යුද ටැංකියේ තිබෙන පෙරළිකාර වෙනසක් වන්නේ නියමුවෙක් රහිත කොතයි.එය සක්‍රීය ප්‍රතික්‍රියක පද්ධතියකින්(APS) ආරක්ෂා කර තිබේ.එය සේවයට පැමිණි පසු නියමුවෙක් රහිත කොතක් සහ APS පද්ධතියක් සහිත පළමු යුද ටැංකිය බවට පත්වනු ඇත.APS මගින් යුද ටැංකිනාශක මිසයිලවලින් සිදුවන හානිය අවම කරයි.මේ නිසා සංග්රාම භූමියේ භාවිතාවන අවිවල ,යුද ටැංකිනාශක අවි සහ යුද ටැංකිවල සැලකිය යුතු වෙනසක් සිදුවීමට ඉඩ තිබෙන බව විශේෂඥ මතයයි.
රුසියාවේ T-14 Armata යුද ටැංකියට තාක්ෂණය අතින් දැනට නේටෝව සතුව තිබෙන කිසිදු යුද ටැංකියකට ලංවිය නොහැකි තැනක තිබේ.කෙසේ වෙතත් ජර්මනිය සහ ප්‍රංශය එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය යටතේ නිපදවෙන Leopard 3 යුද ටැංකිය සේවයට පැමිණෙන්නේ 2030 වසරේදී බවයි පැවසෙන්නේ.
Source:Nationalinterest.org
-HarshaLulzSec-

Leopard 2A7 යුද ටැංකිය

Leopard 2 හි සංස්කරණයක් වන Leopard 2 Revolution යුද ටැංකිය
ජර්මානුවන්ගේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ රුසියානු යුද ටැංකියේ සක්‍රීය ප්‍රතික්‍රියක පද්ධතිය(active protection systems -APS) සම්බන්ධවයි.මෙය රොකට් ප්රචාලන ග්‍රෙනේඩ් සහ මිසයිල වලට එරෙහිව සාර්ථක ක්‍රියා කරයි.රුසියානු T-14 යුද ටැංකියේ ආරක්ෂාව බිඳ හෙළීමට උපක්‍රමයක් සොයා ගැනීමේ උත්සාහයක් ජර්මානුවන් විසින් මෙහිදී දරනු ඇති.
Leopard 2A6 යුද ටැංකියක්
T-14 යුද ටැංකියේ තිබෙන පෙරළිකාර වෙනසක් වන්නේ නියමුවෙක් රහිත කොතයි.එය සක්‍රීය ප්‍රතික්‍රියක පද්ධතියකින්(APS) ආරක්ෂා කර තිබේ.එය සේවයට පැමිණි පසු නියමුවෙක් රහිත කොතක් සහ APS පද්ධතියක් සහිත පළමු යුද ටැංකිය බවට පත්වනු ඇත.APS මගින් යුද ටැංකිනාශක මිසයිලවලින් සිදුවන හානිය අවම කරයි.මේ නිසා සංග්රාම භූමියේ භාවිතාවන අවිවල ,යුද ටැංකිනාශක අවි සහ යුද ටැංකිවල සැලකිය යුතු වෙනසක් සිදුවීමට ඉඩ තිබෙන බව විශේෂඥ මතයයි.
T-14 Armata යුද ටැංකිය