බයියන්ගේ දැනුම පොතට රුසියාවෙන් බිදක්
රුසියානු යුද යාන්ත්‍රණයේ උපාය සෝවියට් යුගයේ සිට වෙනස් වෙලා නැති බව පේනවා.....
සුප්‍රකට "කුර්ස්ක්" මහා සංග්‍රාමය කියන්නෙ දෙවනි ලෝක සංග්‍රාමයේ නැගෙනහිර බළ වලයේ සිදුවූ විශාලම සංග්රාම වලින් එකක්....ඒ වගේ ලෝක ඉතිහාසයේ යුද්ධ ටැංකි අති විශාල ප්‍රමාණයක් මුහුණට මුහුන ලා කරපු ලොකුම යුද්දය කියන්නත් පුළුවන්....
ඒකෙදි ජර්මන් පෙරමුණේ අණ දීපු නිළධාරීන්ගෙන් කෙනෙක් තමයි ෆීල්ඩ් මාෂල් ගුන්තර් ෆොන් ක්ලූග කියන්නෙ.....එයා දිනපොතක් පාවිච්චි කරලා, ඒ දිනපොතේ තමා දකින සෝවියට් යුද යාන්ත්‍රණය ගැන විස්තර දිනපතා ලිව්වා... එහෙම එක දවසක ලියපු සුප්‍රකට ලියමනක් ආරම්භ වෙන්නෙ "ඩීස ටයිෆ්ලීෂ් මැෂීනා" හෙවත් ඉන්ග්‍රීසියෙන් කිව්වොත් "දිස් බීස්ට්ලි මැෂීන් " ( මේ මෘග යන්ත්‍රය ) කියලා....
ඔහු ඒකෙ ලියනවා "දිගින් දිගටම සෝවියට් සෙබළුන්ගේ හිස් ගෙඩි කඳු ගැටයට පහළින් පෙණිනි....අපි මැෂීන් තුවක්කු ඇටවුම් ස්ථාන ( මැෂීන් ගන් නෙස්ට්ස් ) වල සිට වෙඩි තබමින් ඔවුන් කපා හෙළමින් සිටියෙමු....එහෙත් අප කොතෙක් වෙඩි තැබුවත්, කෙතරම් මළ කඳන් වලින් අපේ නෙත් මානය පිරී ගියත්, මේ බිහිසුණු යුද යන්ත්‍රයේ දැති රෝද බඳුවූ සෝවියට් සෙබළුන් දිගින් දිගටම නොකඩවා අප දෙසට එමින් සිටියහ.....මිනිසුන් සහ යන්ත්‍ර මුහුදක් ගිණියම් වී, ඒ ගින්නෙන් අපද දවාලමින් සිටියා....."...
මේක තමයි කෙටියෙන්ම කියතොත් දෙවනි ලෝක සංග්‍රාමය පුරාවටම නැගෙනහිර පෙරමුණේ සෝවියට් යුද යාන්ත්‍රණයේ ප්‍රධාන උපක්‍රමය.....සේනා සහ වාහන අති විශාල ප්‍රමාණයක් සංග්‍රාමය භූමියට එවා, ඔවුන්ට කෙතරම් බිහිසුණු ඵල විපාක අත් වුනත්, කොහොම හෝ සතුරාගේ පොසිෂන්ස් ඕවර්-රන් කරන එක.....කැෂුවලිටීස් කොච්චර ආවත් ඒක ඔවුන්ට කවදාවත් ගාණක් තිබුනේ නෑ....
මේ මිහිපිට වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් මියගිහින් තියෙන්නෙ චීනය හැරුණාම, රුසියාව සම්බන්ධ වූ බාහිර සහ අභ්‍යන්තර යුද්ද වලින්....දෙවනි ලෝක සන්ග්‍රාමයේ මියගිය සෝවියට් රතු හමුදා සෙබළුන් ගණන කෝටියකට වැඩියි.....
රාජ්‍යයක් හැටියට රුසියාව වැඩිපුරම විශ්වාසය තබන්නෙ යුද ටැංකිය, ආමඩ් රථය, කාළතුවක්කුව සහ රොකට් ප්‍රහාරක යන්ත්‍ර ගැන .... ඇමරිකාව ගුවන් බලය ගැනම විශ්වාසය තබන්නා වාගේම.....ඒ වගේම ඔවුන්ගේ යුද උපක්‍රමය තවමත් "ඕල්ඩ් ගාඩ්, ඕල්ඩ් ස්කූල්" .... පුළුවාන් තරම් ගින්න දෙසටම ගහගෙන ගහගෙන යන එක.....
1997 වසරෙදි නිර්-රහස්‍ය ( ඩීක්ලැසිෆයි ) කරන ලද නේටෝ වාර්ථාවකට අනුව ශීතල යුද්දයේ උච්ඡතම අවස්ථාවෙදි යුරෝපියන් තියටරයේ, බටහිර යුරෝපයට එරෙහිව ඒකරාශී කරන ලද සෝවියට් රතු හමුදා සහ වෝර්සෝ සාමාජික ඛාණ්ඩයේ හමුදා භටයන් ගණන ලක්ෂ අසූවක්... ඒ කියන්නෙ මිලියන 8 ක්.... යුදටැංකි 40,000 - 60,000 ත් අතර, සහ සෙසු සන්නද්ධ වාහන ලක්ෂයකට වඩා ඒ සමඟ පෙළ ගස්වා තිබුණා......එය ඇමරිකාව නැතුව යුරෝපීය සාමාජිකයන් පමණක් ගත්තොත්, නේටෝ සන්විධානය සතු සමස්ථ ශක්තිය මෙන් හය ගුණයකට ආසන්නයි....
ඔවුන්ගෙ එතනත් උපාය උනේ සමස්ථ යුරෝපයම එකතු උනත් ජයගන්න බැරි තරම් අතිදැවැන්ත මිලිටරි යාන්ත්‍රණයක් සූදානම් කරලා තියාගන්න එක.... ඒ කියන්නෙ අර පරණ උපායමයි... කොච්චර කැෂුවලිටීස් ආවත් කඩා බිඳගෙන, ගහගෙන ගහගෙන යන එක....
අද මේ වෙද්දි කිලෝමීටර් 90 කටත් වඩා දිග සන්නද්ධ රථ පෙළක් යුක්රේනයේ කියෙව් අගනුවර දෙසට එන බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් තහවුරු කර තිබෙනව...ඔබ දන්නවා 1991 වසරෙදි කුවේටය සහ ඉරාකය අතර "හයිවේ 80 " නම් මහා මාර්ගයේ කුවේටය අතහැර පසුබසිමි සිටි වාහන 4000 කින් සමන්විත ඉරාක හමුදා සේනාවට ඇමරිකානු ගුවන් හමුදාව සහ යුද හමුදා හෙලිකොප්ටර් එල්ල කළ ප්‍රහාරය.... විවෘත කාන්තාරයේ එල්ල කළ එම ප්‍රහාරයෙන් ඉරාක සෙබළු 3000 ක් පමණ මියගොස්, වාහන 4,000 ක් ( යුද ටැංකි, සන්නද්ධ රථ ඇතුළුව ) පමණ ඒ පාර දිගටම අලු දූවිලි බවට පත්වුනා.... වාහන ඇතුළේ සෙබළුන් අඟුරු වෙලා ගිහින් තිබුණු විදිය අනුව ඒ පාරට කිව්වෙ "හයිවේ ඔෆ් ඩෙත්" කියලා, ඒ සිද්ධියෙන් පස්සෙ...
එදා ඉඳන් ඕපන් ෆීල්ඩ් හෙවත් විවෘත ක්ෂේත්‍ර වල දීර්ඝ කොන්වෝයි යන්නෙ නෑ ලෝකයේ හමුදා, ඒ ඉරාක හමුදාවට වෙච්ච දෙයින් පාඩම් ඉගෙන ගෙන.....
ඉතින් මෙහෙම උදාහරණ තදාසන්න අතීතයේ තියෙද්දිත්, මේ වගේ ඕපන් ෆීල්ඩ් එකක කොන්වෝයි යන එකෙන් තේරෙන්නෙ එක්කො රුසියාව තම ගුවන් ආරක්ෂණ හෝ රොකට් ආරක්ෂණ පද්ධති ගැන උපරිම විශ්වාසයෙන් ඉන්නා බවයි, නැත්නම් යුක්රේන අහසේ බලය තහවුරු කරගෙන ඇති බවයි, එහෙමත් නැත්නම් ඔය මුළු කොන්වෝයි එකටම සමතලා වෙන්න ගුවනින් හෝ මිසයිල මඟින් ගැහුවත්, ඔවුන්ගේ භටයන් කී දෙනෙක් මළත්, ඔවුන්ට කිසි ගාණක් නෑ, ඔවුන්ට ඕන ඉක්මණින් කියේව් වලට ගහන්න විතරයි කියන "පරණ සෝවියට් යුද උපායේම" තාමත් ඉන්නා බවයි....
දමිත් කේතක
https://www.facebook.com/LordDK82
තර්මොබැරික් අවි
===========
නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ කම්හල් වල තරම් ඔය කාළයේ විශාල අවි නිෂ්පාදනයක් මානව ඉතිහාසයේ වෙන කොහේවත් සිදුවුනේ නෑ....කොටින්ම ඔය අද ශ්‍රී ලංකාව සතු ආර්.එම්- 70 වර්ගයේ චෙකෝස්ලාවකියාවේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකට් ලෝන්චරයේම ලොකු මස්සිනා වර්ෂන් එකක් වන බී.එම් - 21 "ග්‍රාද්" කියන මල්ටි බැරල් රොකට් ලෝන්චරය අවිය 1963 - 1980 ත් අතරෙ 60,000 කට වඩා නිෂ්පාදනය කෙරුණා....එයින් දහස් ගණනක් තවමත් රුසියාවත්, රුසියාවට යාබද රටවලත් සක්‍රීය සේවයේ තියෙනවා...ලොව පුරාමත් තියෙනවා......"අයර්න් කර්ටන් " කියන්නෙ සෝවියට් සමූහාණ්ඩුව නැගෙනහිර යුරෝපය වසා දැමූ අයෝමය මිලිටරි දැළ....ඒත් බල්ටික් සිට කළු මුහුද තෙක් විහිදුණු මේ අවි කම්හල් කළාපයට කිව්වෙ "අයර්න් සෝන්ග්" ( යකඩ ගීතය ) කියලා....ඒ තරම් අවි කම්හල් ප්‍රමාණයක් සෝවියට් සංගමයේ ජනරජ එකතුවෙහි තිබුණා.....සෝවියට් සමූහාණ්ඩුව විසිරී ගියාට පස්සෙ ඒවයින් ඒවා හිමිවුණු රටවල් සෑහෙන ප්‍රයෝජනයක් ගත්තා.....
අද මේ වෙද්දි යුක්රේනය රුසියාවට චෝදනාවක් කළා තමන්ට එරෙහි සටනෙදි "තර්මොබැරික" අවි යොදාගන්නවාය කියලා....
රුසියානු රොකට් විදින අවි අතරින්, අවි තුනක් තියෙනවා, බොහෝවිට සංග්රාම භූමියේදී "ත්‍රිත්වයක්" ලෙස ( "ට්‍රිනිටි ඩිප්ලෝයිමන්ට්" ) එකට යොදන....ඒ තුනට පැවරෙන්නෙ විශේෂිත රාජකාරී ....
පළමුවැන්න තමයි "ග්‍රාද්".... අර කළින් කිව්ව බී.එම් - 21....පැවරෙන කාර්ය තමයි, සතුරු බළවලයේ ( එනිමි ලයින් ) සිදුරු සෑදීම......
දෙවැන්න තමයි බී.එම් - 27 "යූරගන්".....මේකට පැවරෙන කාර්ය තමයි සතුරු බළවලයේ කිලෝමීටර් 70 - 100 ක් තරම් පිටුපස තියෙන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර, සතුරු ඉදිරි ආරක්ෂක වළල්ල වෙත එන සැපයුම්, සේවා සහ අතිරේක බළ ඇණි, පෙරමුණට එන්න පෙරම විනාශ කර දමන එක.... ඒ වගේම සතුරාගේ කමාන්ඩ් සෙන්ටර්ස් විනාශ කරන එක....කමාන්ඩ් සෙන්ටර්ස් ගොඩක් වෙලාවට තියෙන්නෙ ලොකු තියටර් එකක නම් සටන් පෙරමුණට කිලෝමීටර් 50, 60 ක් පිටුපස්සෙනෙ.....( මේ යූරගන් අවියේ ලෝඩර් එක තමයි රුසියානු න්‍යෂ්ඨික නොවන රොකට් බළකාය සතු ප්‍රබලම ට්‍රක් ලෝඩර් රථය .... )
නමුත් රුසියාව සතු බිහිසුණුම රොකට් ප්‍රහාරකය මේ දෙකම නෙමෙයි....ඒකෙ නම තමයි "ටී.ඕ.එස් - 1 " හෙවත් "බුරතීනෝ " සහ එහි වැඩි දියුණු කරන ලද අවිය වන "සෝල්සපැක්" ....බුරතීනෝ කියන්නෙ රුසියන් ජනකථා වල "පිනෝකියෝට" කියන නම උනත්, මේ කථාවෙදි නම් මාරයාට නමක් තමයි කියන්න පුළුවන්.....ඇත්තටම යුක්රේනයට අද "තර්මොබැරික" අවි ප්‍රහාරයක් එල්ලවුනා නම්, ඒක එන්න සෑහෙන්න ඉඩක් තියෙන්නෙ මෙන්න මේ අවියෙන්.......
තර්මොබැරික් උණ්ඩයක සහ සාමාන්‍ය රොකට් උණ්ඩයක වෙනස මොකක්ද?
රොකට් වෙඩිල්ලක් ඉලක්කයට වැදුණාම පුපුරන්නේ එහි කුටීරයේ තිබෙන දහන ඉන්ධනය ගිනි දැල්වී, ඒත් සමඟම ගබඩා කර තිබෙන "ඔක්සිඩයිසර්" හෙවත් ඔක්සිකාරකයෙන් දහන පෝෂක ඔක්සිජන් ලබාගෙන.....රොකට් ප්‍රහාරයකදී ඔබ දකින ගිනි ජාලාව එන්නෙ මෙන්න මේ දහන ඉන්ධනය ගිනි දැල්වීම නිසා....එතකොට පිපිරීමේ ස්වභාවය, විශාලත්වය, ජ්වලනයේ උපරිම ඌෂ්ණත්වය වගේ දේවල් තීරණය වෙන්නෙ කොච්චර දාහක ඉන්ධන ඒකෙ ගබඩා කරලා තියෙනවද කියන එක මත....
සාමාන්‍ය රොකට් උණ්ඩයක දාහක ඉන්ධනය තියෙන්නෙ 30% ක් වගේ... 65%ක්ම තියෙන්නෙ ඔක්සිකාරකය.....5% ක් වගේ තියෙන්නෙ ඒක තියෙන කුටීරයේ පීඩන කාරකය....
නමුත්, මේ "තර්මොබැරික" උණ්ඩය කියන්නෙ එහෙම එකක් නෙමෙයි.....ඒකෙ 95% - 100% ක්ම තියෙන්නෙ දහන ඉන්ධනය....!....
මෙවැනි උණ්ඩයකට කියන්නෙ "ද්විත්ව අදියර අවියක්" කියලා.... අදියර දෙක තමයි
දමිත් කේතක
https://www.facebook.com/LordDK82
------ Post added on Mar 1, 2022 at 11:14 PM